Online News

Gossip Lanka News Official

“මම ජාතික රූපවාහිනියේ කාලයක් ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් වැඩ කළා” ගීත් රත්නායක

ගීත් රත්නායක කියලා කියන්නේ මේවෙද්දී අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ නවක රංගන ශිල්පිනියක්. ඒ කොහොම වෙතත් මේ දිනවල ජාතික රූපවාහිනී නාලිකාවේ විකාශය කෙරෙන තුන්පනේ ටෙලි නාට්‍යයේ දුලානිගේ චරිතයට සිය රංගන දායකත්වය ලබාදෙන ඇයට මේවෙද්දී ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

කොහොම නමුත් මේ දක්ෂ රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා ඇගේ අලුත්ම තොරතුරු ගැන කතාබහ කර තියෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී මම මීට කලින් සුපුන් රත්නායකගේ අඩෝ ටෙලි නාට්‍යයේ අමන්දාගේ චරිතය රඟපෑවා කියලයි කියා සිටියේ. ඉතින් එලෙස රංගන දායකත්වය ලබාදුන්නු එයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා කියල කියන ඇය පවසන්නේ එම චරිතය නිසා මට රයිගම් ටෙලි සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් හිමිවුණා කියලයි.

ඊට පස්සේ මට සුපුන් රත්නායකගේම තුන්පනේ ටෙලි නාට්‍යයේ දුලානිගේ චරිතයට ආරාධනා කළා කියල කියන ඇය දුලානි මේ නාට්‍යයට අතරමැද්දේදී තමයි සම්බන්ධ වෙන්නේ කියලයි පවසන්නේ.

ඒ විතරක් නොවෙයි නාට්‍ය ගලාගෙන යනකොට මේ චරිතය සුවිශේෂී චරිතයක් වෙලා තියෙනවා කියල කියන ඇය කියන්නේ මම හිතුවේ නැහැ දුලානි මේ තරම් හයිලයිට් වේවි කියල කියලයි.

තවදුරටත් අදහස් දක්වමින් දැන් ගොඩක් අය දුලානි කවුද කියලා හොයනවා කියල කියන ඇය මිනිස්සු මාව කටහඬින් හඳුනාගන්නවා කියලයි කියන්නේ.

ඉතින් ඒ වගේම මගේ වෘත්තිය රඟපෑම නෙමෙයි කියල කියන ඇය වෙළෙඳ සමීක්‍ෂණ ආයතනයක් පවත්වාගෙන යනවා කියලයි පවසන්නේ.

තවද මම මාර්කට් රිසර්චර් කෙනෙක් කියල කියන ඇය කියන්නේ මම මහේන්ද්‍ර පෙරේරා, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රසන්න මහමගමගේ යන අයගෙන් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගෙන තියෙනවා කියලයි.

ඒ කොහොම වෙතත් මාව මුලින්ම රංගනයනට එක්කගෙන ආවේ ගංගා බක්මීවැව කියන ගුරුතුමිය කියල කියන ගීත් කියන්නේ මම වේදිකා නාට්‍යවලත් ගොඩක් රඟපාලා නැහැ කියලයි.

මේ අතර මම කෙටි නාට්‍ය කිහිපයක් හා කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ දිගු නාට්‍යයකත් රඟපාලා තියෙනවා කියල කියන ඇය අදටත් රංගනය අත්නොහැර ඉගෙන ගන්නවා කියලයි පවසන්නේ.

ඉතින් ඒ අතරතුර තමයි රඟපෑමට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නේ කියල කියන ඇය කියන්නේ ජීවත් වෙන්න සල්ලි හම්බකරන්න ඕනෑ කියලයි.

ඒක හින්දා මාර්කටින් රිසර්ච් රස්සාව තෝරාගත්ත බව කියන ඇය පවසන්නේ කොළඹට ඇවිල්ලා දැන් අවුරුදු දහතුනක් විතර වෙනවා කියලයි.

ඒ වගේම මම මුල් කාලයේ ලොකු කට්ටක් කෑවා කියල කියන ඇය පවසන්නේ නාට්‍ය විතරක් කරගෙන ඉන්න පුළුවන්ද කියලත් බලන්න උත්සාහ කළා කියලයි.

කෙසේවෙතත් කොළඹ ඉන්නකොට ඒ ජීවිතය ගෙවන්න අමාරුයි කියල කියන ඇය කියන්නේ එක මොහොතක රස්සාවක් කරනවා කියලා තීරණය කර කියලයි.

තවද දැන් රංගනය කියන්නේ මගේ ඇඟේ කෑල්ලක් වගේ කියලයි ඇය පවසන්නේ. ඒ වගේම කලාව කියන්නේ මගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් කියලත් ඇය පවසනවා.

ඉතින් ඒ වගේම මම පේරාදෙණියේ ඉඳලා කොළඹ ආවේ මාවලගේ සර්ගේ ජනමාධ්‍ය පාඨමාලාව හදාරන්න කියල කියන ඇය කියන්නේ මම ජාතික රූපවාහිනියේ කාලයක් ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් වැඩ කළා කියලයි.

තවද පිටපත් රචිකාවක් විදිහට පෞද්ගලික ආයතනයක වැඩ කළා කියල කියන ඇය පවසන්නේ ඔය අතරේ නාට්‍යකරණය ගැන හැදෑරුවා කියලයි.

ඒ කොහොම වෙතත් මේ විදිහට අදහස් දක්වපු ඇය අවසාන වශයෙන් කියා සිටියේ ඇත්තටම කොළඹ ආවේ ජනමාධ්‍යවේදය හදාරන්න කියලයි. ඉතින් අන්තිමට ඒ ජීවිතය ඉවර වුණේ රංගන ශිල්පිනියක් වෙලා කියලයි ඇය පවසන්නේ.