Online News

Gossip Lanka News Official

“පවුල තුළ කලාවට දායකත්වයක් තිබ්බත් මම රඟපෑමට එතරම් කැමති නැහැ” බිමල් ජයකොඩි

මේවෙද්දී ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි බිමල් ජයකොඩි කියල කියන්නේ.

ඇත්තෙන්ම තමන්ටම ආවේණික වූ රංගන කෞශල්‍යය කින් සහ හඬ පෞරුෂයකින් හෙබි ඔහුව අපට ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගත් චරිතයක් ලෙස හදුන්වන්න පුලුවන්.

ඒ කොහොම වෙතත් කලා ක්ෂේත්‍රය තුළ තමන්ට හිමිවන සියලු නිර්මාණයන්ට අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉටුකරන ඔහුව අපට මේ දිනවල විකාශය කෙරෙන රැල්ල වෙරලට ආදරෙයි කියන ටෙලි නාට්‍යය ඔස්සේ දැකගන්නට ලැබෙනවා.

ඒ විතරක් නොවෙයි ආශාවරී කියන සිනමා පටය හරහා විවිධ වූ චරිත දෙකක් ඔස්සේද අපට ඔහුව හදුනා ගන්නට ලැබුණා.

කොහොමහරි ඉතින් කුඩා කාලයේ සිටම කලා පවුලක ආභාෂයත් සමගින් හැදී වැඩෙන ඔහු ගැන කතා කරනවානම් ගීතා කාන්ති ජයකොඩි, රත්නා ලාලනී ජයකොඩි යන කලාකරුවන් ඔහුගේ ආදරණීය නැන්දලා වෙනවා.

ඉතින් මේ හේතුව නිසාවෙන්ම ඔබ ක්ෂේත්‍රයට ආව ද කියල ඔහුගෙන් ඇසුවිට ඔහු ලබා දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරකුයි.

“නැහැ නැහැ ඇත්තටම කියනවා නම් මම රංගන ක්ෂේත්‍රයට එන්නේ තාක්ෂණික ශිල්පියෙක් විදියට. පවුල තුළ කලාවට දායකත්වයක් තිබ්බත් මම රඟපෑමට එතරම් කැමති නැහැ.

1996 වර්ෂයේ ඉදන් තාක්ෂණික ශිල්පියෙක් විදිහට වැඩ කරපු මම 2002 වසරේදී තමයි වෘත්තාන්ත නාට්‍යයකට දායක වුණේ.

මං සංගීතයට හරිම ආසයි සංගීතයේ මම ගායනයටත් වඩා ගොඩක්ම ආස වාදනයට ඒ අංශය ප්‍රගුණ කරන්න ආසාවක් තිබුණා. මගේ ආතා වෙද මහත්තයෙක් ආතට නම් වුවමනා වුණේ වෙදකම,හෙදකම,ආගම දහම හොඳට උගන්නලා කවදහරි මාව හොඳ වෙද මහත්තයෙක් කරන්න.

ඉස්සර මට මතකයි හැමදාම හවසට ආතා සකස්කඩේ කවි පහක් පාඩම් ගන්නවා. ඉස්සර නං ඒවා පාඩම් කරනවා කියන්නේ හරිම අකමැති දෙයක්.

නමුත් මම නම් හිතෙනවා අද මනා හඬ පෞරුෂය කින් හෙබි නිවේදකයෙක් ලෙස කටයුතු කරන්නත් හඬ කැවීම් ශිල්පියෙක් විදිහට කටයුතු කරන්නත් රංගන වෘත්තිය දී හඬ පාලනය හඬ අභ්‍යාස කියන දේට එදා ඔහු ලබාදුන් අභ්‍යාස පිටුවහලක් වුණා කියලා.”

ඉතින් මේ විදිහට අදහස් දක්වපු බිමල් මේවෙද්දී විවාහකයි. ඔහු විවාහවෙන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළම ජනප්‍රියත්වයට පත් තරුණියක් සමගයි.

ඇය තමයි රංගන ශිල්පිනී සුජානි මේනකා. එලෙස ඇයත් එක්ක විවාහවෙන ඔහු මේවෙද්දී ඉතාමත් ආදරණීය වගේම සුන්දර ජීවිතයක් ගත කරනවා.

ඒ විතරක් නොවෙයි ජීවත්වන ටික කාලය තුළ ජීවිතය හරිම සැහැල්ලුවෙන් ගත කරන ඔහු කියන්නේ පූජනීය ස්ථානයකට ගිහින් වන්දනාමාන කරගන්න හැම වෙලාවෙම අවස්ථාව ලැබුණේ නැතත් සියලුම දෙනා සුවපත් වෙත්වා කියන චේතනාවෙන් දවසම ගත කරනවා කියලයි.