Online News

Gossip Lanka News Official

“එයා බණ භාවනා කරන වත් පිළිවෙත් කරන බොහොම ධාර්මික විදිහට ජීවත් වෙන කෙනෙක්” සුසිලා කෝට්ටගේ

අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය සිය රසික ජනයා අමන්දානන්දයට පත් කිරීමට අසමසම හැකියාවක් තිබෙන රංගන කෞශල්‍යය කින් හෙබි ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සුසිලා කෝට්ටගේ කියල කියන්නේ.

ඇත්තෙන්ම සිනමාව තුළ වගේම පුංචි තිරය තුළ එකලෙසින්ම ජනප්‍රියත්වයට පත් ඇයව මෙරට නොහදුනන කෙනෙකු නැති තරම්.

කෙසේවෙතත් මේවෙද්දී අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ඇයව බොහෝදෙනෙකු හදුනන්නේ සුසිලා කෝට්ටගේ කියන නාමයට වඩා දයාවතී කියන අනුවර්ත නාමයෙනුයි.

ඊට හේතුව වෙන්නේ මීට වසර කිහිපයකට පෙර ඇය සිය රංගන දායකත්වය ලබාදුන්නු කෝපී කඩේ ටෙලිනාට්‍යයේ දයාවතී කියන චරිතයයි.

ඇත්තෙන්ම ඇය සිය රංගන දායකත්වය ලබාදුන්නු දයාවතී කියන චරිතයට හිමිවෙන්නේ ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක්.

ඒ කොහොම වෙතත් සුසිලා කෝට්ටගේ මහත්මිය මේවෙද්දී විවාහකයි. ඇය විවාහ වෙන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළම ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන රහල් බුලත්සිංහල මහතා සමඟයි.

ඉතින් ඇය මේවෙද්දී ඔහුත් සමගින් සුන්දර විවාහ ජීවිතයක් ගත කරනවා. ඒ වගේම එදිනෙදා ජීවිතය තුළදී සිය ආදරණීය සැමියාට ඇගේ අතින් ම කෑම හදලා දෙන්න තමයි ඇය කැමති. ඒ පිළිබඳ ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි.

“කැමරාව ඉස්සරහ මම නිළියක් වුණාට ගෙදරට ආවහම මම බිරිඳක් ගෘහණියක්. ඒ වගකීම් යුතුකම් වලින් අපිට ඉවත් වෙන්න බැහැ මොන වැඩ තිබුණත් ගෙදර වැඩට තමයි මුල්තැන දිය යුත්තේ.

ඒ නිසා ගෙදර ඉන්න හැම දවසකම සියලු කටයුතු සිදු කරනවා මම අතින්ම වෙනවා කරන හැම දේමත් සතුටින් කරනවා.”

ඒ ආකාරයෙන් අදහස් දක්වන ඇය සිය සැමියා සමගින් ගත කරන සුන්දර ජීවිතය ගැන වගේම ඇගේ ජීවිතයට සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැන අදහස් දක්වමින් කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි.

“රහල් නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ ලොකු හාමුදුරුවන්ගේ චරිතය ගත කරනවා වගේ තමයි ගෙදර ඉන්නේ. හරිම නිවුණු කෙනෙක් එයා බණ භාවනා කරන වත් පිළිවෙත් කරන බොහොම ධාර්මික විදිහට විදිහට ජීවත් වෙන කෙනෙක්.

ඒ චරිත රඟපෑවත් නැතත් විවාහ වෙලා ආපු දවසෙ ඉඳල මම උයන බත් පතේ සහ ව්‍යංජනයක මුල්ම කොටස වෙන් වෙන්නේ බුද්ධ පූජාවට පස්සේ මගේ පැටියට.

(රහල්ට). හදිස්සිය මම වරු ගණනාවකට වෘත්තිය වැඩකට එළියට යනවා නම් රයිස් කුකර් එකෙන් බත් ටික රස්නෙ රැඳෙන භාජනයකට දාලා ඔහුට වෙන් කරලා ඊට පස්සෙයි මට කෑම ටික බෙදා ගන්නේ. ඉතින් හැම දවසකම ඔහුට මා අතින් පිළියෙල වෙන්නේ දානයක් කියලමයි මට හිතෙන්නේ”

ඒ වගේම වයසත් එක්ක අපි කෑම බීම පිළිබඳවත් හරිම සැලකිලිමත් කියලයි ඇය පවසන්නේ. ඉතින් මේ වෙද්දී ඉතාමත් ආදර්ශමත් ලෙස ජීවිත්වන සුසිලා කෝට්ටගේ සහ රහල් බුලත්සිංහල කියන මේ යුවළට හැමදාමත් මේ විදිහට ආදරයෙන් වගේම සතුටින් ජීවත්වන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.