Online News

Gossip Lanka News Official

“මගේ ජීවිතේ තුන් කාලක් දැන් ගෙවිලා ඉවරයි, දරුවාගේ අනාගතය ගැන හිතලා විදෙස් රටකට යන්න වුනොත් මම යනවා” නිලන්ති ඩයස්

ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය චරිතයක් තමයි නිලන්ති ඩයස් කියලා කියන්නේ.

ඇත්තෙන්ම මෙරට කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක ලෙස මෙන්ම නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇයට මේවෙද්දී ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ කොහොම වෙතත් මේ ජනප්‍රිය චරිතය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් සමගින් එක්වෙලා ඇගේ අලුත්ම තොරතුරු ගැන සාකච්ඡා කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී අදහස් දක්වපු ඇය කියන්නේ මට ආයෙමත් පුංචි කාලයට යන්න අවස්ථාවක් ලැබුනොත් එහෙම මම මගේ අවුරුදු තුන හතර වයසේ කාලයට යන්න හරි ආසයි කියලයි.

ඒ කාලය හරි ලස්සනයි කියල කියන ඇය පවසන්නේ ඒ කාලේ අයට දුවන, පනින, පාට පාට දේවල් අල්ලන, සෙල්ලම් කරන, ඇහෙන සින්දුවකට ඔහේ නටන හැඟීමක් තමයි ඒ කාලේ තිබුණේ කියලයි.

මේ අතර ඒ කාලේ කිසිම වගකීමක් දැනුනේ නැහැ කියල කියන ඇය ජීවිතේ බරක් පතලක් තේරුනේ නැති කාලයක් ඒක කියලයි පවසන්නේ.

ඉතින් ඒ වගේම අම්මගේ ඇඟේ එල්ලිලා ඉන්න, අම්මගේ අතේ එල්ලිලා යන්න ආසා කරපු කාලයක් බව කියන ඇය පවසන්නේ ඒ හැඟීම මට වැඩිපුරම දැනුණේ මගේ බබාගේ ඒ වයසත් එක්ක කියලයි.

කෙසේ නමුත් මගේ බබා ඒ කාලෙදි එහෙම හැසිරෙද්දි මමත් ඒ වයසෙදි මෙහෙම ඉන්න ඇති නේද කියල මට හිතුණා කියලයි ඇය කියන්නේ.

ඇත්තටම ඒ කාලයට මමනම් හරි ආසයි කියල කියන ඇය පවසන්නේ කවදා හරි මාව අපේ කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වුණොත් මම වෙන රටකට ගිහින් රස්සාවක් කරනවා කියලයි.

එහෙම වුණොත් ඒ රටවල මිනිස්සු මාව දන්නේ නැති නිසා එහෙම වෙන රටකට ගිහින් රැකියාවක් කරලා වැටුපක් ගන්න මම ආසයි කියලයි ඇය පවසන්නේ.

ඉතින් ඒ වගේම දේශපාලනයට අවතීර්ණ වෙන්න මට ආරාධනාවක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම ඒක ප්‍රතික්ෂේප කරනවා කියන ඇය ඊට හේතුව හැටියට කියන්නේ දේශපාලනය සම්බන්ධයෙන් මට ලොකු දැනුමක් සහ අත්දැකීමක් නැහැ කියලයි. ඒ නිසා මම බොරුවට ජනතාව රවට්ටන්න කැමති නැහැ කියලයි ඇය පවසන්නේ.

මේ අතර දැන් මේ කරන්නේ මම දන්න වෘත්තියක් කියල කියන ඇය කියන්නේ දැනටත් මට නිවේදන කටයුතුවලට පවා ආරාධනා ලැබෙනවා කියලයි.

ඒ දේවල් වුණත් බාරගන්නෙ නැත්තේ මම නිවේදනයට තාම සුදුසු නැහැ කියලා හිතන නිසා කියලයි ඇය කියන්නේ. තවද මම ආස දෙයක් නම් මම ඒ දේ සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා කියලයි ඇය කියන්නේ.

නමුත් දේශපාලනයට සම්බන්ධ වීම මම කොහෙත්ම කැමති නැති දෙයක් නිසා ඒ සම්බන්ධයෙන් මම හදාරන්නේ නැහැ කියලයි නිලන්ති කියන්නේ.

ඒ වගේම නර්තනය සහ රංගනය යන ක්ෂේත්‍ර දෙකෙන් එකක් තෝරාගන්න වුණොත් මම අනිවාර්යයෙන්ම තෝරාගන්නේ නර්තනය කියල කියන ඇය ඒක මගේ ඇඟෙන්ම එන හැකියාවක් කියලයි පවසන්නේ.

ඒ වගේම පොඩි කාලේ ඉඳන්ම මම නර්තනයට ආසයි කියල කියන ඇය කියන්නේ මට ඕනෑම සින්දුවක් ඇහෙන්න දීලා මේකට නර්තනයක් ඉදිරිපත් කරන්න කියලා කිව්වොත් ඒ මොහොතේදීම ඒකට නර්තනයක් ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා කියලයි.

ඒ නිසා මම නර්තනයට ගොඩක් ආදරය කරනවා කියල කියන ඇය කියන්නේ ඒ වගේම අද අපේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි කියලයි.

මේ අතර මම මේ රටට හරි ආදරෙයි කියල කියන ඇය කියන්නේ මේක හරි ලස්සන, හොඳ රටක් කියලයි. ඒ වගේම මේ රටේ ජීවත් වෙන්න මම හරි ආසයි කියල කියන ඇය කියන්නේ නමුත් පවතින තත්ත්වයත් එක්ක ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ කියලයි.

ඒ වගේම මේ රටේ තියෙන සුන්දරත්වය, අපේකම වෙන කිසිම රටකට ගියාට අපිට දැනෙන එකක් නැහැ කියලත් ඇය පවසනවා.

කෙසේ නමුත් අපිට ජීවත් වෙන්න හොඳ රටක් අපිට දෙවියන් වහන්සේ දීලා තිබුනත් එක්තරා පිරිසක් නිසා අද රට විනාශ වෙලා තියෙනවා කියල කියන ඇය කියන්නේ මේ පවතින ප්‍රශ්නත් එක්ක තවත් ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් උදා වුණොත් දරුවා ගැන හිතලා මටත් විදෙස්ගත වෙන්න සිදුවේවී කියලයි.

ඒ වගේම මගේ ජීවිතේ තුන් කාලක් දැන් ගෙවිලා ඉවර වුනත් දරුවාගේ අනාගතය ගැන හිතලා මට වෙන රටකට යන්න වුනොත් මම යනවා කියලයි ඇය කියන්නේ.