Online News

Gossip Lanka News Official

“එයා ගහපු පහරේ සැරට කන තුවාල වෙලා ලේ ගැලුවා, ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ” ටාෂියා

මේවෙද්දී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ විශාල ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් සිටිනවා.

ඉතින් ඒ වගේ මේවෙද්දී මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න දක්ෂ වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ටාෂියා කාලිදාස කියලා කියන්නේ. ඇත්තෙන්ම ඇයව අපට පහුගිය කාලයේ ජාත්‍යන්තරයට ගිය රංගන ශිල්පිනියක ලෙසත් හදුන්වන්න පුලුවන්

කෙසේවෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ගැන මේවෙද්දී නැවතත් කතා බහක් ඇතිවෙලා තිබෙනවා. ඒ ඇය සිය රංගන දායකත්වය ලබාදෙන බර්ත්ඩේ සිනමා පටයේ චරිතය නිසාවෙනුයි.

කොහොම නමුත් ටාෂියා කාලිදාස කියන මේ රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍යය සාකච්ඡාවක් සමගින් එක්වෙමින් ඇගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් හැපී බර්ත්ඩේ කියල කියන්නේ මගේ ප්‍රථම චිත්‍රපට රංගනය කියල කියන ඇය කියන්නේ මගේ රංගන දිවියේ හැපි බර්ස් ඩේ එකක් විදියට මේ චිත්‍රපටය නම් කරන්න පුළුවන් කියලයි.

ඒ වගේම මගේ උපන්දිනය යෙදී තිබුණුදාට සතියකට විතර පස්සේ තමයි මම මේ චිත්‍රපටයේ රූගත කිරීම් පටන් ගන්නේ කියල කියන ඇය කියන්නේ මෙම චිත්‍රපටයේ මගේ චරිතයේ නම නතාලියා කියලයි.

ඒ විතරක් නොවෙයි චිත්‍රපටයේ විදිහට මම එන්නේ එංගලන්තයේ ඉඳලා කියල කියන ඇය පවසන්නේ ඊට පස්සේ අම්මයි, නංගියි එක්ක එක් රාත්‍රියක සොරුන් පිරිසකට මැදිව මුහුණ දෙන සිදුවීමක් චිත්‍රපටය පුරා විකාශය වෙනවා කියලයි.

තවද මම සටන් ක්‍රම මුකුත් දන්නෙ නැහැ කියන ඇය මේ චිත්‍රපටයේ රූගත කිරීම සිදුවුණේ රාත්‍රී කාලයේදී කියලයි පවසන්නේ.

ඉතින් දහවල් කාලයේ දී මෙම සටන් ජවනිකා පුහුණුවට ආත්මාරක්ෂක සටන් කලා ගුරුවරයෙක් ඇවිත් අපිට කියාදීම් සිදුකළා කියල කියන ඇය කියන්නේ මෙහි රූගත කිරීම් කරද්දී අමතක නොවෙන සිදුවීම් ගොඩක් සිද්ද වුනා කියලයි.

ඒ වගේම එක අවස්ථාවක සුරංගා අක්කා එක්ක මට ගහගන්න තිබුණා කියල කියන ඇය කියන්නේ ඒ අවස්ථාවේදි මගේ කරාබුව පැටලිලා කනෙන් ලේ ගැලුවා කියලයි.

මේ අතර තවත් දර්ශනයක රූගත කිරීමකදී සූර්යාට මගේ කනට ගහන්න තිබුණා කියල කියන ඇය කියන්නේ එයා ගැසූ පහරේ සැරට කන තුවාල වෙලා ලේ ගැලුවා කියලයි.

ඉතින් ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ කියලයි ඇය පවසන්නේ. ඒ වගේම දිල්හානි වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියක් චිත්‍රපටයේ මගේ අම්මා වීමම මම ලැබූ ලොකු භාග්‍යයක් කියලයි ඇය පවසන්නේ.

ඒ විතරක් නොවෙයි දිල්හානි නිතරම මාව අගය කළා කියල කියන ඇය පවසන්නේ රූගත කිරීම්වලට පෙර දර්ශන තලයේ සිටිය දී, දිල්හානි මගේ ළඟින් යනකොට ‘ආ ඔන්න අපේ ස්ටර්’ කියලා මාව දිරි ගැන්වූවා කියලයි.

ඉතින් ඒ ගැන මට ගොඩාක් ආඩම්බරයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඒ ලෙවල් ලියන්න මට තියෙන්නේ ඊළඟ අවුරුද්දේ කියල කියන ඇය එහෙමයි කියලා මහා ලොකුවට මම විභාගයට මහන්සි වෙන්නෙ නැහැ කියලයි පවසන්නේ.

මේ අතර ඒ ලෙවල් හොඳට කිරීම තමයි මගේ අරමුණ කියල කියන ඇය පවසන්නේ මම ඒ ලෙවල් කරන්නේ භාෂා අංශයෙන් කියලයි.

ඒ ලෙවල් වලින් පස්සේ මම ගුවන් සේවිකාවක වීමට බලාපොරොත්තු වෙනවා කියල කියන ඇය මේ දිනවල මම තාවකාලිකව රඟපෑම්වලින් ඉවත් වෙලා ඉන්නවා කියලයි කියන්නේ.

කොහොම නමුත් ඒ ලෙවල් විභාගය ඉවරවුණාට පස්සෙ තමයි මම ආයෙත් සුපුරුදු පරිදි රඟපෑමට එන්නේ කියල කියන ඇය කියන්නේ මම හොල්මන් වලට පොඩ්ඩක්වත් බය නැහැ කියලයි.