Online News

Gossip Lanka News Official

“පි’ස්සු චරිත, ම’න්ද මානසිකත්වයෙන් පෙළෙන චරිතයක් වගේ කරන්නත් මම ගොඩක් කැමතියි” නදුනි කරුණාතිලක

මේවෙද්දී ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් සුන්දර චරිතයක් තමයි නදුනි කරුණාතිලක කියලා කියන්නේ.

ඇත්තෙන්ම මෙරට රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇයව අපට මේ දිනවල පුංචි තිරය ඔස්සේ දැකගන්නට ලැබෙනවා.

ඒ ඉස්කෝලේ ටෙලිනාට්‍යයෙන් වගේම ලඟදි විකාශනය ආරම්භ කල දියණි ටෙලිනාට්‍ය හරහායි. ඉතින් මේ ජනප්‍රිය චරිතය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමගින් එක්ව ඇගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

මේ දිනවල රංගනයෙන් දායක වෙන ‘දියණි’ ටෙලි නිර්මාණය හරහා මට මේවෙද්දී විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න හැකිවෙලා තියෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම එහි මට ද්විත්ව චරිතයක් තමයි නිරූපනය කරන්න තියෙන්නේ කියල කියන ඇය පවසන්නේ ලැබෙන ප්‍රතිචාරවලින් රංගනය සාර්ථකයි කියලා මට හිතනවා කියලයි.

ඒ වගේම ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා කියල කියන ඇය කියන්නේ මට කරන්න පුළුවන් කියලා හිතෙන ඕනෑම චරිතයක් කරන්න මම සූදානම් කියලයි ඇය කියන්නේ.

තවද රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකුට ඕනෑම චරිතයක් අභියෝගයක් භාර ගන්න හැකි වෙන්න ඕනෑ කියල කියන ඇය මාත් එකම රාමුවක කොටු නොවී විවිධාකාර චරිත රංගනයන්ට යන්න ආසයි කියලයි පවසන්නේ.

කොහොම නමුත් මම ආසයි දුෂ්කර ගමක ජීවත් වෙන දුප්පත් අහිංසක තරුණියකගේ චරිතයක් කරන්න කියල කියන ඇය වෙනම විදියකට ආරූඪ වෙන්න පුළුවන් පිස්සු චරිත, මන්ද මානසිකත්වයෙන් පෙළෙන චරිතයක් වගේ කරන්නත් මම ගොඩක් කැමතියි කියලයි කියන්නේ.

ඉතින් එවැනි චරිත රංගනයක් ලැබුණාත් මම ඉතා කැමැත්තෙන් එය භාර ගන්නවා කියලයි ඇය කියන්නේ.

මේ අතර මුලින්ම කළා ක්ෂේත්‍රයට ආවේ බ්‍රයිඩ්ල් මොඩල් කෙනෙක් විදිහටයි කියල කියන ඇය රංගනයට අවතීර්ණ වුණාට පස්සෙ ඒ පැත්ත ටිකක් මඟ ඇරුණා කියලයි කියන්නේ.

ඊට හේතුව හැටියට ඇය කියන්නේ දැන් කාලය කළමණාකරනය කරගන්න ටිකක් අමාරුයි කියලයි. නමුත් සංගීතය පැත්තෙන් නම් මට ගීත නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලයි ඇය පවසන්නේ.

ඒ විතරක් නොවෙයි මම ගොඩක් කැමතියි ගායනයට කියල කියන ඇය කියන්නේ මේ අවුරුද්දෙ කොහොම හරි මගේම ගීත නිර්මාණයක් එළිදක්වන්න ඕනෑ කියලයි.

ඉතින් ඒ වගේම ප්‍රේක්ෂක ආදරය කියන දේ මාරම දෙයක් කියල කියන ඇය කියන්නේ මම කොහේ ගියත් දැන හඳුනගෙන කතාබහ කරන අය ඉන්නවා කියලයි.

ඉතින් ඒ ලැබෙන සතුට වෙනත් කිසිම දේකින් ලබා ගන්න බැහැ කියලයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ.