Online News

Gossip Lanka News Official

“මම හීනෙකින්වත් නොහිතපු විදිහේ තැනකට ඇවිල්ලා අද ලබන ඒ ප්‍රේක්ෂක ආදරය ගැන කියන්න බැරි සතුටක් තියෙනවා” දිනූෂ දිසානායක

ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ වගේම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි දිනූෂ දිසානායක කියලා කියන්නේ. ඇත්තෙන්ම ගායන ශිල්පියෙකු ලෙස මෙරට කලා ක්ෂේත්‍රයට පිවිසි ඔහු මේවෙද්දී රංගන ශිල්පියෙකු ලෙස අපට දෙරණ නාළිකාවේ විකාශය කෙරෙන ‘පිණි’ සහ ‘දියණි’ ටෙලිනාට්‍ය දෙක හරහා දැකගන්නට ලැබෙනවා.

කෙසේවෙතත් මේ ජනප්‍රිය චරිතය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කළ ඔහු කියල තිබුනේ ගායනය කියන්නේ මට මගේ ජීවිතේ වගේ කියලයි. ඉතින් ඒ නිසා ගායනය කියන දේ මම ජීවිතේට අත අරින්නෙත් නැහැ කියන ඔහු එයට සමුදෙන්නෙත් නැහැ කියලයි පවසන්නේ.

ඒ විතරක් නොවෙයි මම මේ වෙද්දී ගායනය පැත්තෙන් පොඩි වැඩ කටයුත්තක් සැලසුම් කරගෙන යනවා කියල කියන ඔහු කියන්නේ මම විතරක් නෙමෙයි මුළු රටේම ජනතාව අද වෙද්දි ලොකු පීඩාවක ඉන්නෙ කියලයි.

තවද අද කිසි දෙයක් කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ කියල කියන ඔහු ඒ නිසා ජීවිතේ වැඩි සැලසුම් මම දැන් තියාගන්නෙත් නැහැලු, එන විදියට මුහුණ දීලා ඉන්නවා ඇරෙන්න කියලයි කියන්නේ.

ඒ වගේම මේ රටට සිද්ධවෙලා තියෙන දේ ගැන ඔහු මට හරිම දුකයි කියල කියන ඔහු ඒ වගේම මේ රටට උදාවුණ පීඩාකාරී තත්වයට අපිත් වගකියන්න ඕනෑ කියලා මට හිතෙනවා කියලයි කියන්නේ.

ඉතින් ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා හොඳ පාලකයන් රටට පත්වෙලා හැමදේම හොඳ විදියට විසඳෙන්න කියලා කියන ඒ මහතා පවසන්නේ මම කලාවට හරි ආසයි, ආදරෙයි කියලයි.

නමුත් කලාවෙන්ම ඉදිරියට යන එක ගැන දැන් ගොඩක් හිතන්න වෙනවා කියන ඔහු කියන්නේ දැන් රැකියා 10 ක් කළත් අපේ රටේ ජීවත් වෙන්න බැරි තත්වයක් තියන නිසා කියලයි.

ඒ වගේම කලාව කියන දේ මම කවදාවත්ම අත අරින්නේ නම් නැහැ කියල කියන ඔහු දැනට නම් ඔහු ෆුල් ටයිම් මේ ක්ෂේත්‍රයේ තමයි රැදිලා ඉන්නවා කියලයි පවසන්නේ.

ඒ මගේ වැඩි තෘප්තියක් තියෙන්නෙ කලාවට නිසා කියලයි ඔහු කියන්නේ. නමුත් මේ දේත් එක්ක මගේම ව්‍යාපාරයක් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා කියල කියන ඔහු කියන්නේ මට මගේ බිරිඳ නදුනිත් එක්ක රඟපාන්න හරිම ලේසියි කියලයි ඔහු පවසන්නේ.

ඒ වගේම මගේ රඟපෑම මට තවත් තාත්විකව කරන්න පුළුවන් ඇය මගේ බිරීඳ නිසාම කියලයි ඔහු කියන්නේ.

ඉතින් මම අද මේ ඉන්න තැන සහ මට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන ඇත්තටම මටට ගොඩක් සතුටුයි කියලයි ඔහු පවසන්නේ.

ඒ විතරක් නොවෙයි මම රංගන ශිල්පියෙක් වුණේ අහම්බයකින් කියන ඔහු කියන්නේ මගේ හීනය වුණේ ගායකයෙක් වීම කියලයි.

තවද මම හීනෙකින්වත් නොහිතපු විදිහේ තැනකට ඇවිල්ලා අද ලබන ඒ ප්‍රේක්ෂක ආදරය ගැන මට කියන්න බැරි තරම් සතුටක් තියෙනවා කියලයි ඔහු පවසන්නේ.

ඒ වගේම මම ගායකයෙක් විදියට ක්ෂේත්‍රයට ආවත් ගොඩක් දෙනෙක් මාව දන්නේ රංගන ශිල්පියෙක් විදිහටයි කියල කියන ඔහු පවසන්නේ මම කොහේ ගියත් රංගනයන් ගැනයි කතා කරන්නේ කියලයි.

ඉතින් ඒ ආදරය ප්‍රතිචාර එක්ක හරිම සතුටුයි කියලයි ඔහු කියන්නේ. මේ අතර එලෙස අදහස් දක්වපු ඔහු අවසාන වශයෙන් කියා සිටියේ බොහොම කෙටි කාලයක් තුළ මට මේ හැමදේම ජීවිතේට ලැබුණා කියලයි.