Online News

Gossip Lanka News Official

“ජුවලරි ෂොප් එකට ගිහින් මුදු දෙකක් අරගෙන අස්සන් කරලා මුදු දෙක දෙන්නා මාරු කරගෙන කාමරයට ආවා” රටම ආදරය කරන ලකා

මේවෙද්දී මෙරට ලාංකීය ජනයා අතර youtube මාධ්‍ය ජාලය ඔස්සේ ජනප්‍රියත්වයට පත් චරිත දෙකක් තමයි ලකයි සිකයි කියල කියන්නේ.

ඉතින් මේ චරිත දෙක අතුරින් අතර අපි කතා කරන්න යන්නේ ලකා කියන චරිතය ගැන බොහෝදෙනෙකු නොදන්න සංවේදී කතාවකුයි.

කොහොමහරි හැමෝම වගේ ඔහුට ලකා කියල කතා කරනවා වුවත් ඔහුගේ ඇත්ත නම තමයි ලක්මාල් වීරසිරි. ලකා එහෙමත් නැතිනම් ලක්මාල් වීරසිරි ගැන කතා කරනවානම් ලකා කියල කියන්නේ බොහෝම අමාරු දුෂ්කර ගමන් මගක් ගත කරපු කෙනෙක්.

ඇත්තෙන්ම ඔහු සිය රංගන කුසලතාවය භාවිතා කරමින් ජනතාවට රසවිඳිය හැකි හාස්‍ය උත්පාදන වීඩියෝ youtube හරහා නිර්මාණය කරන සුන්දර චරිතයක්.

ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ ගැන කතා කරනවානම් ඇයත් මේවෙද්දී මේ වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා තිබෙනවා.

ඉතින් ඒ නිසාම වයස අවුරුදු 19 වනවිට විවාහ ජීවිතයට පිවිසෙන ඔහුට අඩු වයසෙන් විවාහ වෙනවා කියලා ගෙදරින්නම් කැමැත්තක් අවසරයක් තිබිල නැහැ.

නමුත් ඔවුන් දෙදෙනාම තීරණය කරනවා ඉක්මනින් විවාහ වෙලා සුන්දර ජීවිතයක් ගත කරන්න. ඉතින් එහි මූලික පියවර වශයෙන් ලකාගේ බිරිඳට වයස අවුරුදු විසි දෙකේදී ඔවුන්ගේ ආදරණීය දියණිය උපත ලබනවා.

කොහොම නමුත් මේවෙද්දී ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඔහු සිය ජීවිතය සාර්ථක කරගන්නට දිවා රෑ මහන්සිවෙලා කටයුතු කරනවා.

ඉතින් ඒ ගැන එක්තරා එක්තරා වැඩසටහනකදී ලකා සහ ඔහුගේ ආදරණීය බිරිඳ හරි සංවේදීව අදහස් දක්වනවා. ඒ මෙලෙසයි

“මට පළවෙනි පඩිය විදිහට හම්බුනේ රුපියල් පන්දාහයි.දැන් 5000 සාපේක්ෂව ඒ පන්දාහ ලොකුයි.නමුත් රුපියල් පන්දාහයි. බිරිඳත් ජොබ් එකක් කරලා එයාටත් 3500 ක් වගේ පඩියක් හම්බ උනේ. මේ කියන්නේ 2003 කාලේ.

ඒ කාලේ ඒ කාමරය කුලිය 1250 යි. බිරිඳගෙ පොතේ එයාට එයාගේ එයාගෙ තාත්තා දාපු යම් මුදලක් තිබුණා. රුපියල් තිස් හය දාහක් වගේ.

අපි දෙන්නත් ත්‍රීවිල් එක යන ගමන් ජුවලරි ෂොප් එකට ගිහින් මුදු දෙකක් අරගෙන අත්සන් කරා දෙන්නම ගිහින් අස්සන් කරලා මුදු දෙක දෙන්නා මාරු කරගෙන කාමරයට ආවා. කාමරයට ආවට ඒ කාමරයේ මුකුත් තිබුණේ නැහැ.

කොහොමහරි ඇඳක් තිබ්බා මෙට්ටයක් තිබ්බා එච්චරමයි. උයන්න පිහින්න මොකුත් කරන්න විදිහකුත් නෑ. එතකොට මම බිස්නස් ආයතනයක කෑෂ් කලෙක්ටර් කෙනෙක් විදිහට තමයි හිටියේ.

ඊට පස්සේ සල්ලි වගයක් අරගෙන අපි මේසයක් ගත්තා. ඇඳුම් දාගන්න පොඩි කබඩ් එකක් ගත්තා. ඒ කබඩ් එක මේ මෑතක් වෙනකන් තිබුණා.”

කොහොමහරි සිය උත්සහය සහ කැපවීම මත මේවෙද්දී සාර්ථක දිවියක් ගතකරන ඔහු සහ ඔහුගේ ආදරණීය බිරිඳ ඒ විදිහට තමයි අදහස් දක්වලා තිබුනේ.

ඉතින් මේවෙද්දී ඉතාමත් සාර්ථක ජීවිතයක් ගතකරන ඔහුට ඔහුගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.