Online News

Gossip Lanka News Official

“කොහේ හරි ගමනක් ගියත් මම කියන්නේම චිත්‍රපටයක් බලන්න යමුකො තාත්තේ කියල” චන්න පෙරේරා

ලංකාවේ අපේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම ප්‍රවීණ කලා කරුවෙකු තමයි චන්න පෙරේරා කියලා කියන්නේ.

ඇත්තෙන්ම ඔහු මෙරට කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙක්, තිර රචකයෙක් මෙන්ම ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කරනවා

ඒ කොහොම වෙතත් මේ ජනප්‍රිය චරිතය අපට වැඩිය රූපවාහිනිය ඔස්සේ දැකගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආදරය සහ ආකර්ෂණයේ තවමත් කිසිදු අඩුවක් වෙලානම් නැහැ.

ඉතින් මේ ජනප්‍රිය චරිතය ගැන කතා කරනවානම් ඔහුගේ උපන් ගම තමයි බණ්ඩාරගම. ඒ වගේම චන්නගේ පියා අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ පියසේන පෙරේරා මහතායි

කෙසේවෙතත් ඔහුගේ පියානම් මේ වනවිට ජීවතුන් අතර නැහැ. ඔහුගේ මව විනීතා පෙරේරායි. ඇය වෘත්තියෙන් ගුරු උපදේශිකාවක් විදිහට සේවය කර තිබෙනවා.

ඒ වගේම ඔහුට බාල සහෝදරයන් තුන් දෙනක්ද ඉන්නවා. නමුත් ඔවුන් කිසිවෙකුත් කලාවට සම්බන්ධ නැහැ කියලයි අපට දැකගන්නට ලැබුණේ.

කොහොමහරි ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතාබහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී අදහස් දක්වපු ඔහු කියල තිබුනේ පොඩි කාලේ ඉඳන් මම චිත්‍රපට බලන්න හරිම කැමතියි කියලයි. ඒ වගේම සමහර වෙලාවට මම තාත්තගෙන් බැණුම් අහනවත් එක්ක කියලයි ඔහු පවසන්නේ.

ඒ විතරක් නොවෙයි කොහේ හරි ගමනක් ගියත් මම කියන්නේම චිත්‍රපටයක් බලන්න යමුකො තාත්තේ කියලයි කියන්නේ කියන ඔහු පවසන්නේ මම දහය වසරෙන් පස්සේ නාට්‍ය පැත්තට යොමු වුණා කියලයි. තවද ඒ කාලේ මම සෝවියට් රුසියා සංගමයේ නාට්‍ය වැඩවලට සම්බන්ධ වුණා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම උසස් පෙළ කාලෙදි මගේ මේ උනන්දුව ටිකෙන් ටික වැඩි වුණා කියල කියන ඔහු පවසන්නේ ගොඩක් අය මට ඒ වෙද්දි මම නළුවෙක් වගේ කියල කියනවා කියලයි.

ඉතින් මටත් ඕන වුණා චිත්‍රපට නළුවෙක් වෙන්න කියල කියන ඔහු කියන්නේ මගේ තාත්තා මගේ මේ ආශාව ගැන දැනගෙන ඉක්මනටම මාව බැංකුවක රුකියාවකට යොමු කළා කියලයි.

ඒ කොහොම වෙතත් එහිදී මට හමුවූ මිතුරකුගේ මඟපෙන්වීම මත මට ප්‍රථම වරට චිත්‍රපටයකට රංගනයෙන් දායක වීමේ වරම හිමිවෙලා තියෙනවා කියන ඔහු කියන්නේ ඒ දයා විමලවීර අධ්‍යක්ෂණය කළ සුජාතා චිත්‍රපටයේ කියලයි.

මේ අතරේ තමයි මාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොලු හදවත ටෙලිනාට්‍යයට තෝරාගත්තේ කියල කියන ඔහ ඒ 1990 දී පමණ කියලයි පවසන්නේ.

ඒ වගේම ඔහු කියන්නේ තව සංගීතා වීරරත්න, රොෂාන් පිලපිටිය, රුවන්ති මංගලා කට්ටියම එලියට ආවේ මේ නාට්‍යය හරහා කියලයි. ඊට පස්සේ චන්ද්‍රරත්න මාපිටිගම මහතා අධ්‍යක්ෂණය කළ පවිත්‍රා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකට මට අවස්ථාව හිමි වුණා කියලයි ඔහු කියන්නේ.

ඉතින් ඒක තමයි මගේ පළමු ටෙලිනාට්‍ය ප්‍රධාන චරිතය කියල කියන ඔහු කියන්නේ ඊට පස්සේ උදයකාන්ත වර්ණසූරියගේ එක ගෙයි කුරුල්ලෝ නාට්‍ය මට ලැබුණා කියලයි.

ඊට පස්සේ දිය සුළිය, නාලන් මෙන්ඩිස් මහත්මයාගේ සෙනෙහෙවන්තයෝ, සත්පුර වැසියෝ, සූරිය දරුවෝ වගේ නාට්‍ය එක දිගටම ජනප්‍රිය වුණා කියල කියන ඔහු පවසන්නේ ඒ සමඟම මට නොකඩවා අවස්ථා තුනකදීම ජනප්‍රිය නළුවා සම්මානයත් හිමි වුණා කියලයි. තවද මෑතකදී මගේ පස්වැනි චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළා කියලයි ඔහු පවසන්නේ.

ඒ වගේම මේ වෙද්දි අංජලිකා, කල්පාන්තේ සිහිනයක් සහ එකයි දෙකයි තුනයි චිත්‍රපට තිරගත වෙලා ඉවරයි කියල කියන ඔහු කියන්නේ ඉදිරියේදී යුගාත්‍රා තිරගත වීමට නියමිතයි කියලයි. ඒ වගේම මේ දවස්වල සිහින අනන්තේ කියන නිර්මාණය කරමින් ඉන්නවා කියලයි ඔහු අවසාන වශයෙන් කියා සිටියේ.