Online News

Gossip Lanka News Official

“අයියේ මම ඔයා රඟපාද්දී ඉස්කෝලේ යන පුංචි කෙල්ලක්, එහෙම කියලා එයා ශේප් වෙන අවස්ථා තිබෙනවා” හර්ෂන

හර්ෂණ බෙත්මගේ කියල කියන්නේ මේවෙද්දී ලාංකිකයන් හැමෝම වගේ ආදරය කරන ජනප්‍රිය වගේම කඩවසම් රංගන ශිල්පියෙක්

. ඇත්තෙන්ම 2011 වර්ෂයේදී මෙරට කලා ක්ෂේත්‍රයත් සමගින් අත්වැල් බැදගන්නා ඔහු ගැන මේවෙද්දී මෙරට නොදන්න කෙනෙකු නැති තරම්.

ඉතින් ඒ විදිහට 2011 වර්ෂයේදී ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු ඒ වර්ෂය තුළදීම සම්මානයක් ලබා ගන්න තරම් වාසනාවන්ත වෙනවා

කෙසේවෙතත් මේවෙද්දී තමන්ටම ආවේණික වු රංගන හැකියාවත් සමගින් කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඔහුව අපට තරුණියන්ගේ ආකර්ෂණය නිරන්තරයෙන් ලැබුණු කඩවසම් රංගන ශිල්පියෙකු ලෙසත් හදුන්වන්න පුලුවන්.

ඒ කොහොම වෙතත් එදා අපි අපි වගේ කියන ටෙලි නාට්‍ය හරහා විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ආකර්ෂණය හිමිකර ගත් ඔහු ජීවිතයේ විවිධ හැල හැලහැප්පීම්වලට මුහුණ දෙමින් ජීවිතෙන් ගොඩ ආපු කෙනෙක්.

කොහොම වෙතත් ඔහු ගැන කතා කරනවානම් කුඩා කාලයේ සිටම නිවේදනයට වගේම රංගනයට හපන්කම් දක්වපු ඔහු පළමු වරට විවාහ වෙන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළම ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනී සමගයි.

ඒ බව මෙරට නොදන්න කෙනෙකු නැති තරම්. නමුත් එලෙස ඇයත් සමගින් විවාහවෙන ඔහුගේ මේ විවාහය නම් දෙදෙනාට සාර්ථකව ගත කිරීමට වෙන්නේ නැහැ.

ඇත්තෙන්ම වොල්ගා සහ හර්ෂන අතර ඇති වෙන්නා වූ යම් යම් මතභේදාත්මක ගැටලු නිසාවෙන් ඔවුන් දෙදෙනාම තීරණය කරනවා විවාහ දික්කසාදයක් දක්වා අරගෙන යන්නට.

ඉතින් ඒ විදිහට ඇයගෙන් දික්කසාද වෙලා කාලයක් තනිකඩව හිටපු හර්ෂණගේ ජීවිතයට නැවත ආලෝකයක් අරගෙන තවත් සුන්දර තරුණියක් ඔහුගේ ජීවිතයට එනවා. ඇය තමයි අරුණි.

කොහොමහරි ඉතින් මේ සුන්දර තරුණිය ඔහුට මුණ ගැහෙන්නේ ව්‍යාපාර කටයුතු කරන අතරතුරදී කියලයි අපට දැනගන්නට ලැබුණේ.

අරුණි කියන මේ තරුණිය ඉන්දියාවේ ඉඳන් එවන බඩු භාණ්ඩ හර්ෂණ ඔහුගේ ව්‍යාපාර කටයුතු සඳහා මිලදී ගැනීමේ ගනුදෙනුවක් ඇය සමග ඇති කරගෙන තිබෙනවා. ඉතින් ඒ විදිහට හිතවත් වෙන ඔවුන් පසුකාලීනව හොඳම යාලුවෝ බවට පත්වෙනවා.

මේ විදිහට හොදම යාලුවෝ බවට පත්වෙන ඔවුන්ගේ මේ යාලුකම කෙටි කාලයක් ගතවෙද්දි දෙදෙනාම දන්නෙම නැතුව ආදරවන්තයින් බවට පත්වෙනවා.

ඊට පස්සේ අරුණි ලංකාවට ඇවිල්ලා දෙමව්පියන්ගේ ආශිර්වාදය සහ කැමැත්ත අරගෙන හර්ෂණ සමඟ විවාහ වෙන්න තීරණය කරනවා. ඉතින් ඒ විදිහට විවාහවන ඔවුන් දෙදෙනා මේවෙද්දී ඉතාමත් සුන්දර විවාහ ජීවිතයක් ගත කරනවා.

කොහොම නමුත් එලෙස මේවෙනකොට සුන්දර විවාහ ජීවිතයක් ගතකරන ඔවුන් දෙදෙනා ගත කරපු සුන්දර ජීවිතයේ රසමුසු තැන් කීපයක් එක්තරා විනෝදාත්මක වැඩසටහනක දී හුවමාරු කර ගන්නවා.

ඉතින් එහිදී හර්ෂණගේ ආදරණීය බිරිඳ හර්ෂණ නළුවෙක් විදිහට රඟපාන කාල සීමාවේ දී ඇය ගත කරපු කාලය පිළිබඳව සහ ඒ සුන්දර අතීතය පිළිබඳ අදහස් දක්වනවා. ඒ මෙලෙසයි

“අපේ ගෙවල් ගාව පොඩි hospital එකක් තියෙනවා. ඒ වෙද්දී හොස්පිට්ල් එකේ අපි අපි වගේ ටෙලි ඩ්‍රාමා එක කරනවා. එතකොට මම ඉස්කෝලේ යනවා. ඊට පස්සේ ඉස්කෝලේ ගිහින් දවල්ට එනකොට ඔය පැත්තේ ඉන්නවා කාවිංග අයියලා හර්ෂණ අයියලා.

ඊට පස්සේ මම එතන තිබ්බ gate එකෙන් ඒගොල්ලො රඟපානවා බලාගෙන ඉන්නවා. ඒක හර්ෂණ අයියට කිවුවහම කියනවා අයියෝ මම රඟපාද්දී ඔයා එතකොටත් ඉස්කෝලේ යනවා නේද කියලා”

ඉතින් මේ වැඩසටහන අතරතුරදී හර්ෂණත් ඔහු රඟපාන කාලසීමාවේදී ඇය ඉස්කෝලේ යන පුංචි කෙල්ලක් කියල සිනාසෙමින් ආදරණීය ලෙස සඳහන් කරනවා.

ඒ විතරක් නොවෙයි මොකක් හරි රණ්ඩුවක් වෙච්චහම අරුණි කියන ප්‍රධානම කතාවක් තමයිලු අයියේ මම ඔයා රඟපාද්දී ඉස්කෝලේ යන පුංචි කෙල්ලක් කියන කතාව. ඉතින් ඇය එහෙම කියලා ශේප් වන අවස්තා තියෙනවා කියලයි ඔහු කියන්නේ.

කෙසේවෙතත් ඒ විදිහට අදහස් දක්වන ඔවුන් දෙදෙනා මේවෙද්දී ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරනවා. ඉතින් මේ ආදරණීය යුවළට ඔවුන්ගේ ජීවිතය දිනෙන් දිනම සාර්ථක කරගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපිත් ඔවුන්ට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.