Online News

Gossip Lanka News Official

“මම අවුරුදු 11දි පලවෙනි පියවර තැබුවේ සංගීත උපාධියට, මම අවුරුදු දාසයේදී ඒ උපාධිය අවසන් කළා” සමීතා

ලංකාවේ අපේ ගායන ක්ෂේත්‍රය තුළ එදා මෙදාතුර බිහිවුණු දක්ෂ ගායන ශිල්පිනියන් අතර ප්‍රමුඛ ස්ථානයක රැදී සිටින ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියල කියන්නේ

. ඇත්තෙන්ම තමන්ටම කියල අනන්‍යතාවක් ගොඩනගා ගත් ඇය එදා වගේම අදටත් ඒ ජනප්‍රියතාවය ඒ ආකාරයෙන්ම රැකගෙන ඉන්නවා කිව්වොත් නිවැරදියි.

කොහොම නමුත් සිය ගායන හැකියාව වැඩි දියුණු කර ගනිමින් ගායන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් ආපු ඇය මේවෙද්දී සංගීත විශාරද වරියක් වෙනවා

. ඒ විතරක් නොවෙයි ඇය ඉදිරි පරම්පරාව වෙනුවෙන් සංගීත ශිල්පය බෙදාහරින දක්ෂ විනිසුරුවරියක් ලෙසින් විවිධ අවස්ථාවන්වලදී රියැලිටි තරග හා සම්බන්ධ වෙනවා.

කොහොම වෙතත් මෙරට පළමු වතාවට ඉන්දියාවේ සහ ලංකාවේ සහයෝගයෙන් කලා ආයතනයක් ස්ථාපිත වෙනවා. ඒ සමීතාගේ මුදුන්කොටුවගේ ආදරණීය පියාණන්ගේ මූලිකත්වයෙනුයි.

ඒ විදිහට ස්ථාපිත වන මේ කලායතනය නම් කරනුයේ එරන්දතී කලායතනය කියන නමෙනුයි. ඇත්තෙන්ම මේවෙද්දී එහි වැඩකටයුතු ඉතාමත් සාර්ථකව සිදුවෙමින් පවතිනවා.

කෙසේවෙතත් සමීතා කියල කියන්නේ හොඳින් අධ්‍යාපනය ලබා ගනිමින් සංගීත ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා පිහිටුවමින් තුළ දැනුම ලබා ගත්තු දක්ෂ කලා කලාකාරිනියක් කිව්වොත් නිවැරදියි. ඇත්තෙන්ම පවුලේ එකම දරුවා වන සමීතා උපරිම සැප සම්පත් මැද හැදී වැඩෙන අතර ඇයගේ මූලිකම අරමුණ වෙලා තිබෙන්නේ ඉගෙන ගන්න ඕනි කියන දේ.

ඉතින් ඒ නිසාම සමීතා ආදරණීය මවගේ මග පෙන්වීම මත ඉගෙනීමේ හිනිපෙත්තටම යමින් හොදට ඉගෙන ගන්නවා. ඇත්තෙන්ම ඉතාමත් ලාබාල අවධියේ දී උපාධියක් කිරීමට ඇයට සිතුවිල්ලක් එනවා.

කොහොම නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් සමීතාගේ පවුල් ජීවිතේ පිළිබඳව තමයි සොයා බලන්නේ. නමුත් ඇයගේ ජීවිතය විවේචනය කරන බොහෝ දෙනෙක් සමිතා මුදුන්කොටුව කියන මේ මහ දැවැන්ත චරිතය ඇතුලෙ සැඟවිලා තියෙන මේ සුන්දර කතා පිළිබඳව දන්නේ නැහැ.

ඉතින් මේ ප්‍රවීණ ගායන ශිල්පිනිය එක්තරා ගීතමය වැඩසටහනකට සහභාගී වෙමින් මේ සුන්දර මතකය හුවමාරු කරගෙන තිබෙනවා. එහිදී ඇය කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි

“මගේ අම්මා තමයි හෙවනැල්ල වගේ මගෙ ඉගෙනීම පැත්තෙන් වැඩිදුර අධ්‍යාපනය පැත්තෙන් හිටපු කෙනා. මගේ තාත්තා මට සංගීතය හැදෑරුවා.

හැබැයි උත්සහය මගේ අම්මගේ. ඉතින් අවුරුදු එකොළහේදී මට ඕනි වුනා උපාධියක් කරන්න. ඒ හින්දා තමයි මම අවුරුදු 11දි පලවෙනි පියවර තැබුවේ සංගීත උපාධියට.

මම අවුරුදු දාසයේදී ඒ උපාධිය අවසන් කළා. ඊට පස්සේ ලංකාවේ පලවෙනි ලාබාලතම සංගීත විශාරදවරිය වුණා ඒ අවුරුදු ගානෙම අධි සාමාර්ථ ඇතිව.”

ඉතින් ඒ විදිහට අදහස් දක්වපු මේ නිහතමානී ප්‍රවීණ ගායන ශිල්පිනියගේ ජිවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.