Online News

Gossip Lanka News Official

“මගේ දුවත් මගේ ඇස් දෙකට පෙනි පෙනී තමයි නැති’වුනේ, ඉතින් මට ඒ බය මෙයාටත් තිබුණා ”

මේවෙද්දී ලාංකීය ජනයා අතර ජනප්‍රියත්වයට පත් සුවිශේෂ ටෙලි නාට්‍යයක් තමයි නාඩ්ගම්කාරයෝ කියල කියන්නේ. ඇත්තෙන්ම වර්තමානය වනවිට ලාංකිකයන් රැසකගේ ආකර්ෂණය හිමිකර ගැනීමට මේ ටෙලි නිර්මාණයට හැකියාව ලැබී තිබෙනවා.

ඉතින් මේ ටෙලි නිර්මාණය තුළින් අපට දැකගන්නට සුවිශේෂ චරිතයක් තමයි පොඩි හාමුදුරුවන්ගේ චරිතය. කොහොමහරි ඉතින් මේ පොඩි හාමුදුරුවන්ගේ චරිතයට සිය රංගන දායකත්වය ලබාදෙන්නේ සචින්ත රන්දීප කියන කඩවසම් තරුණයායි.

ඇත්තෙන්ම කලා ලොවට ආධුනිකයෙකු වන ඔහුට මේ චරිතය හරහා විශාල ජනතා ආකර්ෂණයක් හිමිව තිබෙනවා. ඒ කොහොම වෙතත් ඔහු ගැන කතා කරනවානම් සචින්ත කියල කියන්නේ අම්මගේ ආදරේට හුරතලයට මැදි වෙලා හැදෙන කීකරු දරුවෙක්

මේ ටෙලි නිර්මාණයට සිය රංගන දායකත්වය ලබාදෙන ඔහු කියන්නේ බොහෝ විට තමන් මේ චරිතය අධ්‍යනය කළා කියලයි.

ඇත්තෙන්ම ගෙදර අම්මට තාත්තට හුරතලේට හැදුණු කෙනෙක් නිසා ඔහු සතුව තිබුණේ නිවුනු ගති ගුණ කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ නිසාම ඔහුට මේ චරිතයට අනුගත වෙන්න පහසුවෙලා තිබෙනවා.

මේ අතර එක් අවස්ථාවකදී ඔහු පුවත්පතකට සඳහන් කරලා තිබුනා ජීවිතයේ මහණදම් පුරන්නත් මගේ අකමැත්තක් නෑ කියලා.

ඒ කොහොම වෙතත් මෙරට බොහෝදෙනෙකු ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු දැන සිටියත් ඔහුගේ ජීවිතය පිටුපස තිබෙන සංවේදී කතා පිළිබඳව නම් නොදන්නවා විය හැකියි.

කොහොමහරි ඉතින් එක්තරා වැඩසටහනකදී සචින්තගේ ජීවිතයේ ජීවිතයේ අඳුරුතම කතාවක් ගැන ඔහුගේ මව හෙළි කරනවා.

ඒ ඔහු සිය මව සමගින් සහභාගීවන එක්තරා වැඩසටහනක් අතරතුරයි. එහිදී සචින්තගේ ආදරණීය මව කියන්නේ මෙන්න මේ වගේ සංවේදී කතාවකුයි.

“මෙයාට ඔපරේෂන් එකක් කළා. ඊට පස්සේ මෙයාට සිහිය ආවේ නැහැ. මෙයාව එලියට ගන්නකොට මට ඇතුලින් පේනවා එයාව. හ’ ර්නියා තමයි තිබුණේ.

එතකොට අවුරුදු 11ක් විතර වගේ මෙයාට. මට ඇතුලෙන් පේනවා අරගොල්ලෝ ලොකු බැලැන්කට් එහෙකින් මෙයාව වහලා මෙයාව තලනවා.

එතන තත්ත්වය වෙනස් වෙනවා මට පෙවුනා ඊට පස්සේ මට කෑ ගැහුණා. මෙයාගේ තාත්තා එළියේ හිටියා මම එයාට කෝල් කරලා කිව්වා පුතාට පොඩ්ඩක් අමාරුයි වගේ එන්න කියලා. ඇතුලටම මම ඉතින් කෑ ගැහුවා තාත්තට ඇතුලට එන්න දුන්නේ නැහැ මම විතරයි ගත්තේ.

ඊට පස්සේ මට දුව නැති වෙච්ච දුකක් තියෙනවනේ ඒ නිසා මට බය හිතුනා. ඊට පස්සේ නර්ස්ලා කිව්වා බය වෙන්න එපා අඩන්න එපා එයාට මුකුත් ලොකු අවුලක් නැහැ කියලා.

චුට්ටක් වෙලායනකොට එයාට සිහිය එයි කියලා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට සිහිය ආවා. මගේ දුවත් මගේ ඇස් දෙකට පෙනි පෙනී තමයි නැතිවුනේ. ඉතින් මට ඒ බය මෙයාටත් තිබුණා.”

ඉතින් ඒ විදිහට සංවේදී අදහස් දැක්වීමක නිරතවු සචින්තගේ මව ඔහුගේ සහෝදරිය එහෙමත් නැතිනම් ඔහුගේ අක්කා නැති වුණු ආකාරය පිළිබඳ සංවේදී අදහස් ඉදිරිපත් කිරීමක් සිදු කරනවා. ඒ මෙලෙසයි.

“එයාට පොඩි කාලේ ෆිට් එකක් හැදෙනවා. පිට් එක හැදිලා නිරමෝනියාව හැදුනා. hospital ගිහින් නවත්වලා දෙවැනි දවසේ තමයි තාත්තා බලලා කරලා ගියාට පස්සේ පැය කාලක් යන්න හම්බුනේ නැහැ එයාට එකපාරටම හුස්ම ගන්න බැ’ රුව ගියා.

ඊට පස්සේ මම කෑගහලා කිව්වා ළමයට අමාරුයි කියලා. පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා මට කතා කරලා කිව්වා අම්මා මෙයාගේ තත්වේ දන්නවද මෙයාට ගොඩක්ම සෙම පෙණහලු වල පිරිලා තියෙන්නෙ ඉතින් මෙයාව ජීවත් කරන්න අමාරුයි කියලා.

ඊට පස්සේ මම කෑ ගහන හින්දා ඒගොල්ලො දුවව දැඩි සත්කාර ඒකකයට අරගෙන ගියා.ඊට පස්සේ මමත් ඒ පස්සෙන් දිව්වා. ඊට පස්සේ ඇතුලට ගෙනියනකොට දුව් නැතිවෙලා.

නැති උනහම කන්නාඩියෙන් සුදු රෙද්ද එයාගේ මූණට දානවා මම දැක්කා. එතකොටම මට සිහිය නැතිවෙලා මම වැටුණා. එතකොට එයාට අවුරුදු පහළොවයි.”

ඉතින් ඒ විදිහට මේ වැඩසටහන අතරතුර සචින්තගේ ආදරණීය මව සංවේදී මතකය අවදි කරන විට සචින්තත් සිය සහෝදරිය පිළිබඳ මතකය අවදි කරමින් කියන්නේ “එයා හිටියේ ඇවිදින්න කතා කරන්න බැරිව. අවුරුදු පහලොවක් හිටියා. මම එතකොට එක වසරෙ වගේ. “ කියලයි.