Online News

Gossip Lanka News Official

“රූගත කිරීම්වලට යද්දී මගේ අම්මාත් මාත් එක්ක යන්න එනවා, මම දැන් මේ ගෙවන ජීවිතයට මම ගොඩාක් ආදරෙයි” දමිත්‍රී

ලාංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ මේවෙද්දී විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ආකර්ෂණය හිමිකරගෙන ඉන්න දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි දමිත්‍රී සුබසිංහ කියලා කියන්නේ.

කොහොම නමුත් මීට වසර කිහිපයකට උඩදී කලා ක්ෂේත්‍රය සමගින් එක්වුණු ඇයව අපට මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය කෙරෙන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ විහාරා ටීචර්ගේ චරිතය ඔස්සේ දැකගන්නට ලැබෙනවා

කෙසේවෙතත් ඒ විදිහට මේවෙද්දී ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමගින් එක්ව ඇගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරල තිබුණා.

ඉතින් නිළියක් වෙන හීනය මගේ ජීවිතේ කොතැනකවත් තිබුණු දෙයක් නෙමෙයි ඇය කියා සිටියේ.

ඒ වගේම මම කලාවට සම්බන්ධ වුණේ අහම්බෙන් වගේ කියල කියන ඇය කියන්නේ මම උසස්පෙළට වාණිජ අංශයෙන් ඉගෙන ගත්තේ කියලයි.

ඉතින් ඒ නිසා බැංකු කළමනාකාරිණියක් වෙනවා කියන හීනය තමයි මට තිබුනේ කියලයි ඇය පවසන්නේ.

මේ අතර 2019 අවුරුද්දේ දෙරණ නාළිකාවේ අවුරුදු කුමාරිය ලෙස තේරුණේ මමයි කියන ඇය පවසන්නේ ඒක තමයි මගේ ජීවිතේ හැරවුම වුණේ කියලයි.

තවද මගේ අම්මා තමයි පුංචි කාලේ ඉඳන් අදටත් මගේ ළඟින්ම ඉන්නේ කියන ඇය ඒ නිසාම තමයි අම්මා මගේ අයදුම්පතක් තරගයට ඉදිරිපත් කරලා මාත් එක්ක හැම දවසකම හැම මොහොතකම ලඟින්ම හිටියේ කියලයි පවසන්නේ.

ඒ විතරක් නොවෙයි මගේ ජීවිතේ අමතකම වෙන්නේ නැති දවසක් ඒ දවස කියල කියන ඇය කියන්නේ පළවෙනියා වෙනවාමයි කියලා ලොකු බලාපොරොත්තුවක් මට තිබුණේ නැහැ කියලයි.

ඉතින් පළවෙනියා කියලා මගේ නම නිවේදනය කරද්දී මට හිතාගන්නවත් බැරි වුනා කියන ඇය එදා ඒ මොහොතේ ඒ දැනිච්චි හැඟීම මට කවදාවත් දැනිලා නැහැ කියලයි කියන්නේ.

කොහොම නමුත් තාමත් මට මම නිළියක් කියලා හිතෙන්නේ නැහැ කියල කියන ඇය පවසන්නේ මට ඉගෙනගන්න දේවල් බොහොමයක් තව තියෙනවා කියලයි.

ඉතින් තාමත් මම මේ පොළොවේ තියන පුංචි වැලි කැටයක් වගෙයි කියල කියන ඇය තාමත් මම මේ ක්ෂේත්‍රයට ආධුනිකයි කියලයි කියන්නේ.

හැබැයි පාවෙලා වළාකුලේ ඒවිද අම්මා ටෙලිනාට්‍ය විකාශනය වෙද්දී බොහෝදෙනා මාව හඳුනාගත්තා කියලයි ඇය පවසන්නේ.

ඒ කොහොම වෙතත් ගෙදර ඉන්න දවස්වලට නම් මම චුට්ටක් වැඩිපුර නිදාගන්නවා කියල කියන ඇය කියන්නේ රූගත කිරීම්වලට යද්දී මගේ අම්මාත් මාත් එක්ක යන්න එනවා කියලයි.

ඉතින් ගෙදර ඉන්න දවස්වලට අපි කන්න ආසා කෑමක් හදනවා කියල කියන ඇය කියන්නේ මම සිංදුවක් දාගෙන ටිකක් නටනවා කියලයි. තව ගේ දොර අස්පස් කරන දේවල්වලටත් මම උදව් කරනවා කියලයි ඇය කියන්නේ.

මේ අතර විලාසිතා කරන්නත් මම හරි ආසයි කියල කියන ඇය කියන්නේ හැබැයි ඒ මට ගැලපෙන විලාසිතා විතරයි කියලයි. තවද මම තෝරාගෙන ඉන්න, මම ආසකරන විලාසිතා කරන්න මම ගොඩක් ආසයි කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම මම දැන් මේ ගෙවන ජීවිතයට මම ගොඩාක් ආදරෙයි කියල කියන ඇය පවසන්නේ සමහරු මේ ක්ෂේත්‍රයට බැන්නත්, හොඳ නැහැ කියලා කිව්වත්, ඇත්තටම මේක ගොඩාක් හොඳ ක්ෂේත්‍රයක් කියලයි.

ඒ වගේම ක්ෂේත්‍රෙය් ඉන්න අයගෙන් මට ලොකු සහයෝගයක් තියෙන්නේ කියල කියන ඇය කලාකාරියක් වීම ඇත්තටම වටිනා දෙයක් නිසා රංගනය පිළිබඳව ඉගෙනගෙන මේ ගමන යන්න ආසයි කියලයි පවසන්නේ.