Online News

Gossip Lanka News Official

“මට ඕනවුණේ මගේම සල්ලිවලින් මගේම වාහනයක් අරගෙන පාවිච්චි කරන්නයි” රංගි රාජපක්ෂ

පහුගිය කාලයේදී මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවන් දෙකක් වන රූපවාහිනී නාලිකාවේ සහ දෙරණ නාලිකාවේ විකාශය කෙරුණු මැටි කඩුළු සහ සිදූ ටෙලිනාට්‍ය හරහා දැකගන්නට ලැබුණු සුන්දර රංගන ශිල්පිනියක් තමයි රංගි රාජපක්ෂ කියලා කියන්නේ.

ඇත්තෙන්ම ඇයව අපට මේවෙද්දී මෙරට විශාල ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න රංගන ශිල්පිනියක ලෙස හදුන්වන්න පුලුවන්.

කොහොම නමුත් මේ ජනප්‍රිය චරිතය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇගේ අලුත්ම තොරතුරු ගැන කතාබහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මට ආපහු පුංචි කාලේට යන්න ඇත්නම් ඉස්කෝලේ තුන වසර හතර වසර කාලවල ගෙවුණ ළමා කාලයට යන්න මම හරිම ආසයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම මම ඉගෙන ගත්තේ හංවැල්ල ශ්‍රී සුමනජෝති මහ විදුහලේ කියලයි ඇය පවසන්නේ.

කොහොමහරි ඉතින් මම ගැමි පරිසරයක ජීවත්වුණ කෙනෙක් කියල කියන ඇය කියන්නේ ඒ කාලේට මම හරි ආසයි කියලයි.

මම පුංචි කාලේ අපි ඇති තරම් සෙල්ලම් කලා කියන ඇය ඒ අතරින් සෙල්ලම් ගෙවල් දාන්න මම හරිම ආසා කළා කියලයි පවසන්නේ.

තවද සෙල්ලම් ගෙදරදිත් මම වැඩිපුරම අම්මා සහ ගුරුවරිය කියන චරිත දෙක රඟපෑවා කියල කියන ඇය තව ගස්වලට ගගහා ඉගැන්නුවා කියලයි කියන්නේ.

ඒ විතරක් නොවෙයි අම්මගේ සාරියක් හරි රෙද්දක් හරි ඇඳගෙන මම හැඩ බැලුවා කියන ඇය කියන්නේ ඒ කාලේ හරිම සුන්දරයි කියලයි.

මේ අතර දැන් දරුවන්ට ඒ ළමා කාලයක් ගත කරන්න ලැබෙන්නේ නැහැ කියල කියන ඇය කියන්නේ මට තාම මතකයි පුංචි පුංචි සුදු තිත් තිබුණ, පාට පාට පොඩි මැටි වළං සෙට් එකක් ඒ කාලේ මට තිබුණා කියලයි. මම ඒ වගේ සෙල්ලම් වැලි බත් ඉව්වා කොළ කඩල ඒවා එළවළු හැදුවා කියලයි ඇය පවසන්නේ.

ඉතින් ඒක අදටත් හොඳට මතක සුන්දර කාලයක් බව කියන ඇය මම දැන් පදින වාහනය Honda Grace එකක් කියලයි කියන්නේ.

මේ වාහනය මීට අවුරුද්දකට විතර කලින් ගත්ත එකක් කියන ඇය කියන්නේ ඊට කලින් ඇයට Toyota Passo එකක්ලු තිබුණේ කියලයි. ඒ වගේම මගේ තාත්තා ලර්නර්ස් එකක් කරනවා කියල කියන ඇය කියන්නේ ඒ නිසා මගේ ගෙදර වාහන තියෙනවා කියලයි

ඒත් මට ඕනවුණේ මගේම සල්ලිවලින් මගේම වාහනයක් අරගෙන පාවිච්චි කරන්නයි කියල කියන ඇය අවුරුදු පහකට කලින් මම මටම කියලා පොඩි මයික්‍රො වාහනයක් ගත්තා කියලයි පවසන්නේ.

ඊට පස්සේ Passo එක අරගෙන දැන් Honda Grace එකක් ගත්තා කියල කියන ඇය කියන්නේ මම දිගට අඳින්න කැමති කෙනෙක් කියලයි. ඒ නිසා වැඩිපුරම දිග ගවුම් තමයි මම අඳින්නේ කියලයි ඇය පවසන්නේ.

ඒ වගේම මට කොච්චර ගියත් නුවරඑළිය පැත්තේ තියෙන ඒ දේශගුණය එපා වෙන්නේ නැහැ කියල කියන ඇය ඒ පැත්තට මම හරි ආසයි කියලයි කියන්නේ.

මේ අතර රිවස්ටන් යන්නත් මම හරි ආසයි කියල කියන ඇය කියන්නේ කොච්චර කෑවත් මට දූරියන් නම් එපා වෙන්නේ නැහැ කියලයි.

ඉතින් දූරියන් තියෙන කාලේට මම එක දිගට දූරියන් කනවා කියල කියන ඇය අඹ ජූස්වලටත් මම හරි ආසයි කියලයි කියන්නේ.

ඒ වගේම මම හැමෝම එක්ක හිනාවෙලා කතාබහ කරලා මගේ පාඩුවේ ජීවත් වෙන්න කැමතියි කියලයි ඇය අවසාන වශයෙන් පවසන්නේ.