Online News

Gossip Lanka News Official

“එයාට ඕනෙ කොහේ හරි ගියොත් හොටෙල් එකට වෙලා ඉන්න, ඒ නිසා අපි දෙන්නම ලංකාව ඇතුළත යන්න කැමති පහතරට ප්‍රදේශවලට”

මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න කොයි කවුරුත් ආදරය කරන සුන්දර රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියල කියන්නේ.

ඇත්තෙන්ම මීට වසර කිහිපයකට පෙරදී ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය සමගින් එක්වන ඇයට වර්තමානය වනවිට ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

කොහොම නමුත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමගින් එක්වෙමින් ඇගේ අලුත්ම තොරතුරු ගැන කතාබහ කර තිබුණා.

එහිදී ඇය කියා සිටියේ මේ දවස්වල ඩාන්සින් ස්ටුඩියෝ එකේ වැඩ කරන ගමන් බබාත් එක්ක සතුටින් ගෙදරට වෙලා ඉන්නවා කියලයි

ඒ වගේම මම ඇවිදින්න යන්න ගොඩක් ආසයි කියල කියන ඇය කියන්නේ මම වැඩිපුර කැමති විදෙස් සංචාරවල නිරත වෙන්න කියලයි.

ඉතින් මට අමෙරිකාවට යන්න කලින් වාසනාව තිබුණා රංගන ශිල්පිනියක් හැටියට ගොඩක් විදෙස් සංචාරවල නිරත වෙන්න කියල කියන ඇය කියා සිටියේ ඒ සංචාරත් එක්ක මට ලොකු ආශාවක් ආවා විදෙස් සංචාරවල නිරතවීම මගේ විනෝදාංශයක් කර ගන්න කියලයි.

මේ අතර 1999 දී මගේ පළවෙනි විදෙස් සංචාරය වුණේ ඕස්ට්‍රේලියාවල කියල කියන ඇය කියන්නේ ඒ ගමන මට කවදාවත් අමතක වෙන්නෙ නැති සංචාරයක් කියලයි.

තවද ඒ තරමට මම ඒ සංචාරයට අදටත් ආදරය කරනවා කියල කියන ඇය ඒ සංචාරය අතරතුර මම සිඩ්නිවල තියෙන Fox කියන ස්ටූඩියෝ එකට ගියා කියලයි පවසන්නේ.

ඉතින් ස්ටූඩියෝ එකක් කිව්වාට ඒක නිකම් ලොකු උද්‍යානයක් වගේ එකක් කියල කියන ඇය කියන්නේ ඒ ස්ටූඩියෝ එකට ගිය වෙලාවේ මට ටයිටැනික් නැව ගිලෙන විදිහ හැබැහින් වගේ දැකගන්න පුළුවන් වුණා කියලයි.

ඒ නැව ගිලෙනකොට මිනිසුන් බයේ කෑගහන විදිහ, නැව ගිලෙන්න යනකොට කුඩා බෝට්ටුවලින් ඇවිත් මිනිසුන් බේරාගන්න විදිහ වගේම ඒ නැව මුහුදු පතුලට යටවෙන විදිහ මට එතැන ඉන්නවා වගේ දැකගන්න පුළුවන් වුණා කියලයි ඇය කියන්නේ

ඒ අත්දැකීම නිසා මට ඒ ගමන කවදාවත් අමතක වෙන්නෙ නැහැ කියල කියන නෙහාරා පවසන්නේ එම ඕස්ට්‍රේලියා ගමන අතරතුර මම ගිය තව තැනක් තමයි වොන්ඩර්ලෑන්ඩ් කියන උද්‍යානය කියලයි.

ඒ වගේම මම පළවෙනි වතාවට රෝලර් කෝස්ට් එකක අත්දැකීම ලැබුවෙත් ඒ උද්‍යානයේදී කියල කියන ඇය කියන්නේ මම ආසම කරන විදෙස් සංචාරයක් තමයි ඕස්ට්‍රේලියා සංචාරය කියලයි.

ඉතින් ඒ වගේම මම දැන් වැඩිපුරම ආසා කරන්නේ මේනක එක්ක ට්‍රැවල් කරන්නයි කියල කියන ඇය කියන්නේ හැබැයි එයා ආසා නැහැ ඇවිදින්න කියලයි.

තවද එයාට ඕනෙ කොහේ හරි ගියොත් හොටෙල් එකට වෙලා ඉන්න කියල කියන ඇය කියන්නේ ඒ නිසා අපි දෙන්නම ලංකාව ඇතුළත වැඩිපුරම යන්න කැමති පහතරට ප්‍රදේශවලට කියලයි.

ඒ වගේම හොංකොං කියලා කියන්නේ මමආසා කරන රටක් කියලයි ඇය පවසන්නේ. මේ අතර මම හිතන්නේ ජීවිතය ගත්තොත් නිවාඩුවත්, ට්‍රැවල් එකත්, විනෝදයත් අවශ්‍යමයි කියල කියන ඇය කියන්නේ ඒ නිදහස නැතිවුණාම ජීවිතය හරි ඒකාකාරීයි කියලයි.

හැබැයි ට්‍රැවල් එකක් කරලා ආවාම ජීවිතය අලුතින් පටන් ගන්නවා වගේ හැඟීමක් මට දැනෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසා සිටියේ.