Online News

Gossip Lanka News Official

“එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන් කියල මාස තුනකට විතර කලින් මට ආරංචි වුණා” අනුෂ්ක උදාන

වස්ති කියන නම ඇහෙනකොට අපි හැමෝගේම මතකයට එන ජනප්‍රිය චරිතයක් ඉන්නවා. ඒ තමයි අනුෂ්ක උදාන කියන චරිතය.

ඇත්තෙන්ම ඔහුව අපට යූටියුබ් කලාව වෙනස්ම මාවතකට යොමු කරමින් විශාල ප්‍රේක්ෂකයන් රැසක් සිනා සයුරේ ගිල්වපු දක්ෂ චරිතයක් ලෙස හදුන්වන්න පුලුවන්. ඒ වගේම වස්ති කණ්ඩායමේ ආරම්භක ම සාමාජිකයා වන්නේද ඔහුයි

කොහොමහරි ඉතින් අනුශ්ක උදාන ඇතුළු කණ්ඩායමේ රංගනයෙන් හැඩවෙන මේ වස්ති වීඩියෝ යූටියුබ් චැනලය මේවෙද්දී මිලියන ගණන් නැරඹුම් වාර ලබා ගනිමින් අති විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙනවා.

ඒ කොහොම වෙතත් යූටියුබ් තුළින් ආදායම් ලබන අනුෂ්ක අසරණ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් එයින් කොටසක් වෙන් කරන්නත් අමතක කරන්නේ නැහැ.

ඉතින් මේවෙද්දී රටම ආදරය කරන වස්ති කණ්ඩායමේ ප්‍රධානම චරිතය වන අනුශ්ක උදාන ගැන කතා කරනවානම් ඔහු කුඩා කාලයේ සිටම ගායකයෙක් වෙන්න ඕනි කියන සිතුවිල්ලෙන් හිටපු කෙනෙක්.

ඒ වගේම තමයි අනුෂ්ක ගත කරපු ළමා කාලය එතරම් සුන්දර කාලයක් නෙවෙයි. ඇත්තෙන්ම ඔහු ජීවිතයේ වැඩි කාලයක් පාරේ පුංචි කුලී ගෙදරක තමයි ජීවත් වෙන්නේ.

කොහොමහරි ඉතින් හරියට නිදා ගන්නවත් සැප පහසුකම් තිබුණේ නැති ඔහු මේවෙද්දී ඒ සියලුම අභියෝගයන් ජය ගනිමින් සිය උත්සහය සහ කැපකිරීම මත ජීවිතයේ යම්කිසි ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන තිබෙනවා.

ඒ කොහොම වෙතත් මේවෙද්දී ක්ෂේත්‍රය තුළ තමන්ටම අනන්‍යතාවයක් හදාගෙන ඉන්න ඔහු තාමත් තනිකඩ චරිතයක්. ඇත්තෙන්ම ඔහු තාමත් විවාහ වෙලා නැහැ.

ඉතින් මේ විදිහට ඔහු තනිකඩ දිවියක් ගත කිරීම නිසාවෙන්ම ඔහු විවාහ වෙන්නේ නැත්තේ මොකක් හරි පෙම් පටලැවිල්ලක් නිසා ඇතිවුණු ගැටලුවක් නිසා කියල බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගන්නවා.

ඉතින් එක්තරා සාකච්ඡාවක් අතරතුරේ දී ඔහු ඊට අවංකව සංවේදී වෙමින් පිළිතුරක් ලබා දෙනවා. එහිදී ඔහු කියන්නේ මෙන්න මේවගේ කතාවකුයි.

“මම තීරණයකට එනවා අවුරුදු 27 දී බඳිනවා කියලා. බඳින්න තීරණය කරාට දවස කවද්ද කියලා එයාට කියල තිබුනේ නැහැ. පස්සේ තීරණය කරා. ඒත් ගෑනු ළමයට ඒක කියලා තිබුණෙ නැහැ. එහෙම ඉතින් හිතාගෙන ඉන්න කොට තමයි මට පස්සේ දෙයක් ආරංචියි වෙන්නේ.

මම එයාට propose කරන්න හිටියේ තඩියා ගෙ වෙඩින් එක දවසේදි. මම ඒ වෙද්දි ප්ලෑන් එක හදලා තිබ්බේ දණ ගහලා මුද්දක් දෙන්න.

ඒත් පස්සේ ඊට මාස තුනකට විතර කලින් මට ආරංචි වුණා එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන් කියලා. මට ඒ වේදනාව දරාගන්න බැරි වුණා de- pre- ssion මට්ටමට ආවා. ඊට පස්සේ ඒක හරි ගියා. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඔහු අවසානයේ සඳහන් කරනවා අපිට අපේ මනස වත් පාලනය කරගන්න බැරි තැන අපි වෙන කෙනෙක්ව පාලනය කර ගන්නේ කොහොමද කියන දේ.

කොහොමහරි ඉතින් ආදරේදි අමිහිරි මතක සටහන් වලට මුහුණ දුන්නත් ඔහුට දැනෙන ආදරයක් හිමිකර ගන්නට ඉදිරියේදී වාසනාව ලැබේවා කියල අපි හදවතින්ම සුබ පැතුම් එකතු කරන්නෙමු.