Online News

Gossip Lanka News Official

අන්ජුලා රාජපක්ෂගේ හුරතල් පුතුගේ පළමු උපන්දිනය සමරුව හැටි

මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි අංජුලා රාජපක්ෂ කියල කියන්නේ.

ඇත්තෙන්ම මීට වසර කිහිපයකට උඩදී කලා ක්ෂේත්‍රයත් සමගින් එක්වෙන ඇයට ඉතාමත් කෙටිකාලයක් තුළ විශාල රසික ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකියාව ලැබෙනවා.

කෙසේවෙතත් ටෙලි නිර්මාණ රැසක් ඔස්සේ දැකගන්නට ලැබුණු ඇය දෙවනි ඉනිම ටෙලිනාට්‍යය ඔස්සේ අතිවිශාල ජනප්‍රියත්වයක් හිමිකර ගන්නවා. ඒ දෙවෙනි ඉනිමේ අමීෂාගේ චරිතය හරහායි.

මේ විදිහට අමීෂාගේ චරිතය හරහා ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගන්නා ඇයව අපට නිහතමානී රංගන ශිල්පිනියක ලෙස හදුන්වන්න පුලුවන්.

ඒ කොහොම වෙතත් මෙරට බොහෝ දෙනෙක් දැනගෙන නොහිටියාට පහුගිය දිනවල අංජුලා රාජපක්ෂ කියන මේ නිහතමානී චරිතය උතුම් මව් පදවිය ලබලා තිබුණා. ඒ මෙලොවට සිගිති පුතෙකු බිහිකරමිනුයි.

ඉතින් බොහෝ දෙනෙකු පුදුමයට පත් කරමින් මේ පිළිබඳව හා හා පුරා කියලා මාධ්‍යට හෙළි කරලා තිබුනේ දෙවෙනි ඉනිමේ ජනප්‍රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ ආදරණීය සොයුරු සුදත් ඇන්තනී මහතා විසිනුයි.

මේ විදිහට පුංචි පුතෙකු බිහිකරමින් උතුම් මව් පදවිය ලැබු ඇය පහුගිය දවසක පුංචි පුතුගේ ජායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක්කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් එලෙස අපට දැකගන්නට ලැබුණු පුංචි පුතුගේ සහ අංජුලාගේ සුන්දර ජායාරූප පෙළක් තමයි අපි අද මේ විදිහට අරගෙන එන්නට හිතුවේ.

ඒ වගේම මේවෙද්දී පුංචි පුතෙකුගේ මවක් වන මේ නිහතමානී රංගන ශිල්පිනියට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

01.

02.