Online News

Gossip Lanka News Official

“ප්‍රේමය තුළින් මම දකින්නේ ඇලීමෙන් තොරවූ ප්‍රේමයත්, ගැටීමෙන් තොර වූ මෛත්‍රියත් කියන දෙය තමයි ” නදීෂා හේමමාලි

වර්තමානය වනවිට ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය අතිශය ජනප්‍රියත්වයට පත් කොයි කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියලා කියන්නේ.

කොහොම නමුත් සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමගින් එක්වෙලා ඇගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

එලෙස අදහස් දක්වපු ඇය කියා සිටියේ මේ දවස්වල මම ජගත් මනුවර්ණගේ කුලුඳුල් ටෙලි නිර්මාණය වන ‘කොඩි ගහ යට’ ටෙලි නාට්‍යයෙහි රූපගත කිරීම්වල නිරතවෙනවා කියලයි.

ඒ වගේම මම වසර එක හමාරක පමණ විරාමයකට පසුවයි පියාඹන මූණිස්සම් ටෙලි නාට්‍යයට සම්බන්ධ වුනේ කියල කියන ඇය කියන්නේ මීට කලින් මම එවැනි චරිතයක් නිරූපණය කරලා නැති නිසා මගේ ජීවිතයට එය විශේෂ චරිතයක් වුනා කියලයි.

ඒ නිසා මම ඉතාමත් කැමැත්තෙන් එයට සම්බන්ධ වුණා කියල කියන ඇය කියන්නේ මම ගොඩක් කැමැතියි විවිධාකාර චරිත හරහා ප්‍රේක්ෂකයන් සමීපයට එන්න කියලයි.

ඉතින් ඒ නිසාම මම චරිත තෝරා බේරා ගැනීමක් කරනවා කියන ඇය එක හා සමාන චරිත ලැබෙනවා නම් මම ඒවාට යොමු වන්නේ නැහැ කියලයි පවසන්නේ.

ඒ විතරක් නොවෙයි කාලයෙන් කාලයට ප්‍රේක්ෂකයන් අතරෙහි ජනාදරයට පත්වන්නට ඒක හේතුවක් වෙන්න ඇති කියල නදීෂා කියන්නේ මම කරන්නේ වෘත්තියක් නිසා එහි ගරුත්වය ඉහළින්ම බලනවා කියලයි.

මේ අතර රූපවාහිනි නාළිකා විසින් කෙරෙන නාට්‍යවලදී, නළු නිළියන් කණ්ඩායම් වශයෙන් බෙදා ගැනීමක් කරන්නේ කියල කියන ඇය කියන්නේ එය ශිල්පීන්ගේ වරද නොවේ කියලයි

එහිදී රංගනයේ යෙදෙන ශිල්පීන්ගේ චරිත තෝරා ගන්නේද නාළිකාව විසින්මයි කියල කියන ඇය කියන්නේ එහෙම උනාම අවශ්‍ය චරිතයට දක්ෂ කෙනා හෝ සුදුසු කෙනා නෙමෙයි තේරෙන්නේ කියලයි.

තවද දවසේ පඩියට පැය 18ක් 20ක් ඔවුන්ගෙන් වැඩ ගන්නවා කියල කියන ඇය එය හරිම අර්බුදකාරී තත්ත්වයක් කියලයි කියන්නේ. ඒ වගේම ඉස්සර වැඩ කළා වගේ නෙමෙයි දැන් වැඩ කරන්නේ කියලයි ඇය පවසන්නේ.

ඒ වගේම සාමාන්‍යයෙන් දැන් කලාකරුවන් කුලීකරුවන් බවට පත් වෙලා තියෙන්නේ කියල කියන ඇය පවසන්නේ එදා ලංකාවෙ තිබුණේ රූපවාහිනි නාළිකා කිහිපයක් පමණයි කියලයි.

නමුත් අද යූ ටියුබ්, New Media හරහා බොහෝ කලාකරුවන්ට ජීවිතයේ ඉදිරියට යන්න අවස්ථාව ලැබිලා තිබෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ විතරක් නොවෙයි එදා එකට එක්ව වැඩ කළ කාලයක් තිබුණේ කියල කියන ඇය කියන්නේ දැන් වගේ කුලීකාරයන් වුණුු පරිසරයක් එදා තිබුණේ නැහැ කියලයි.

තවද ඒ කාලය හරිම සුන්දරයි කියල කියන ඇය කියන්නේ ප්‍රේමය කියන්නේ මේ ලෝකයේ තිබෙන උතුම්ම දෙයක් කියලයි. ඒ වගේම එය හරිම පූජනීයයි කියල කියන ඇය කියන්නේ ඇලීමෙන් තොරවූ ප්‍රේමයත්, ගැටීමෙන් තොර වූ මෛත්‍රියත් කියන දෙය තමයි ප්‍රේමය තුළින් මම දකින්නේ කියලයි.

ඒ වගේම විරහව කියන දේ එකිනෙකට සාපේක්ෂයි කියල කියන නදීෂා කියන්නේ විරහව කියන දේ එකිනෙකට සාපේක්ෂයි කියලයි.

තවද කිසිවකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී අනිත් කෙනාගේ සුඛවිහරණය වෙනුවෙන් ආදරය කරන්නට හැකි වූවොත් විරහව කියන දේ ලැබෙන්නෙ නෑ කියලයි ඇය පවසන්නේ.