Online News

Gossip Lanka News Official

ජනප්‍රිය නිළි දිනුෂා සිරිවර්ධන සිය සිගිති දියණියගේ 2වන උපන්දිනය ජයටම සැමරූ හැටි

මේවෙද්දී ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් සුවිශේෂ චරිතයක් තමයි දිනුෂා සිරිවර්ධන කියලා කියන්නේ.

මෙරට කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක ලෙස වගේම නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇයට වර්තමානය වෙද්දී ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය කාලයේ ITN නාලිකාව ඔස්සේ විකාශය කෙරුණු නෙතූ ටෙලි නිර්මාණය ඔස්සේ අපට ඇයව දැකගන්නට ලැබුණු අතර බොහෝ රසික පිරිසකගේ ආදරයද දිනා ගැනීමට ඇයට හැකියාව ලැබුණා.

ඒ විතරක් නොවෙයි රූපවාහිනිය ඔස්සේ වෙළද දැන්වීම් රැසකින්ද අපට මේ සුන්දර චරිතය දැකගන්නට ලැබුණා.

කොහොමහරි ඉතින් කලාවට බෙහෙවින් ආදරය කරමින් රංගන ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන ඇය ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය කලා තරු අතරේ ඉන්න දක්ෂතම තරුවක් කිව්වොත් නිවැරදියි.

ඇත්තෙන්ම මේවෙද්දී ඇය රංගනයෙන් වගේම නිරූපණ ක්ෂේත්‍රයෙන්ද සාර්ථක ගමනක් යනවා

වර්තමානය වෙද්දී රංගනයෙන් වැඩිය දකින්නට නොලැබෙන චරිතයක් උනත් ඇයට රසිකයින්ගෙන් ලැබෙන ඒ ආදරයේ නම් කිසිම අඩුවක් වෙලා නැහැ.

ඒ කොහොම වෙතත් දිනුෂා කියලා කියන්නේ මේවෙද්දී මවක්. මේවෙද්දී ඇයට ආදරණීය චූටිම චූටි රෝසමලක් වගේ දුවෙක් ඉන්නවා. ඉතින් ඒ නිසාවෙන් ඇය මේ දිනවල ටිකක් විතර කාර්යබහුල වෙලා තමයි ඉන්නේ.

ඇගේ මේ සිගිති දියණිය මෙලොව එලිය දැකලා මේවෙනකොට වසර දෙකකුත් ගතවෙලා තිබෙනවා. ඉතින් මේ හුරතල් දියණියගේ දෙවෙනි උපන්දිනය සැමරීමටයි ඇය කටයුතු කර සිටියේ.

ඇත්තෙන්ම පහුගිය දවසක පවුලේ හැමෝමත් එක්ක පුංචි දියණියගේ උපන්දිනය ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඒ වගේම මේ සුන්දර අවස්ථාවේදී ලබා ගත්තු ආදරණීය ඡායාරූප පෙළකුත් දිනුෂා සිය සමාජ ජාලා මාධ්‍ය ගිණුම් වලට එකතු කිරීමටයි ඇය කටයුතු කර සිටියේ.

ඉතින් මේ විදිහට ජායාරූප පෙළක් සමාජ ජාලා මාධ්‍යය ගිනුමට එක් කරමින් ඇය සටහනක්ද තබා තිබුණා. එහිදී ඇය කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

” මේ අපේ පුංචි සුරංගනාවිය. ඉපදුන දවසෙත් රටට ඇදි’ රිනිතිය 2020-05-10, පළවෙනි උපන්දිනේ දවසෙත් රටට ඇදි’ රිනිතිය 2021-05-10, දෙවෙනි උපන්දිනේ දවසෙත් රටට ඇදි’ රිනිතිය 2022-05-10. ඒ හැම ප්‍රශ්න එක්ක අපේ සුරංනාවියගේ ලස්සන දවසක්, මං කැමතිම විදිහට තවත් ලස්සන කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි “

ඉතින් මේ විදිහට උපන්දිනය සමරන සිගිති දියණියට සුබම සුබ උපන්දිනයක් වේවා කියල අපිත් සුභපැතුම් එකතු කරන අතරේම මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

01.

02.