Online News

Gossip Lanka News Official

“මම හිතන්නේ මට විවාහ වෙන්න සුදුසු කාලය මේක නෙවෙයි කියලයි” නිලුෂි පවන්යා

අපේ කලා ක්ෂේත්‍රය තුළ වර්තමානයේ අතිශය ජනප්‍රියත්වයට පත් දක්ෂ වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නිලුෂි පවන්යා කියලා කියන්නේ.

ඇත්තෙන්ම මේවෙද්දී ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න ඇය රංගනයට අමතරව නිරූපිකාවක, නර්තන ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා.

කොහොම වෙතත් මේ දිනවල හිරු නාළිකාවේ විකාශය කෙරෙන දිවිතුරා ටෙලිනාට්‍යයේ වින්ඩි ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමගින් එකතුවෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ඇගේ අලුත්ම තොරතුරු ගැන ඇය කතා බහ කර තිබුණා.

ඉතින් මේ දවස්වල මම දිවිතුරා නාට්‍යයේ රූපගත කිරීම් වලට යනවා කියල කියන ඇය කියන්නේ අලුතින්ම පටන් ගත්ත චන්දන ලියනගුණවර්ධන නිෂ්පාදනය කරන සිතාන්ගි කියන නිර්මාණයටත් මම රංගන දායකත්වය ලබා දෙනවා කියලයි.

ඊට අමතරව එන්න තියෙන නිර්මාණ විදියට මම රංගනයෙන් දායක වුනු සමන් කුමාර ලියනගේගේ ‘ඇවිත් මාව හම්බෙන්න’ සහ ‘වත්සුණු’ නිර්මාණය, ත්‍රිශූල දීප තඹවිටගේ ‘කලුදලරළ’ ටෙලි නාට්‍යයත් එන්න තියෙනවා කියලයි ඇය පවසන්නේ.

මේ දිනවල මට වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ දිවිතුරා එකේ වින්ඩිට කියල කියන ඇය කියන්නේ මම මෑතක දී ආශාවරී චිත්‍රපටයේ විශේෂ දැක්මකට සහභාගී වුණා කියලයි.

මේ අතර එතැන හිටපු කෙනෙක් මාව දැකලා වින්ඩි කියලා එක පාරටම කියලා එයාට උඩට ගත්ත හුස්ම පහළට දාන්නත් අමතක වෙලා මගේ දිහා බලන් හිටියා කියලයි ඇය පවසන්නේ.

ඉතින් ඇත්තටම ඒකට මමත් සර්ප්‍රයිස් වුණා කියල කියන ඇය කියන්නේ වයස් භේදයකින් තොරව පොඩි අයගේ ඉඳන් ඒ චරිතයට ආදරය කරන පිරිසක් අද වෙද්දී නිර්මාණය වෙලා තියෙනවා කියලයි.

ඒ වගේම මම ඒ කරන වින්ඩි කියන චරිතය ටිකක් නපුරු චරිතයක් කියල කියන ඇය පවසන්නේ දැන් මටත් හිතාගන්න බැරි විදියට ඒ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගිහින් කියලයි.

මේ අතර ටෙලි නිර්මාණවලට එන්න කලින් මම එන්නේ සිනමාවටයි කියල කියන ඇය කියන්නේ මගේ මුල්ම නිර්මාණය එරංග සේනාරත්නගේ ‘නිලූ මං ආදරෙයි’ කියන චිත්‍රපටය කියලයි.

නමුත් ඒක තවම තිරගත වෙලා නැහැ කියල කියන ඇය කියන්නේ ඒ වගේම සිනමාවටත් මම ගොඩක් ආසයි කියලයි.

ඒ විතරක් නොවෙයි මට තියෙන්නේ නර්තන අංශයෙන් ප්‍රාසාංගික කලාවේදී උපාධියක් කියල කියන ඇය පවසන්නේ මගේම කියලා ඇකඩමි එකක් කරන්න මට අදහසක් තියෙනවා කියලයි.

ඒ වගේම ලැබෙන විවේකය එක්ක ඩාන්සින් කවර්ස් ටිකක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියල කියන නිලුෂි මේ මාසේ අලුත් ඩාන්සින් කවර් එකක් දැක ගන්නත් පුළුවන් වෙයි කියලත් පවසනවා.

කොහොමහරි ඉතින් ආදරේ කියන්නේ හැමෝටම ඕනේ දෙයක් කියල කියන ඇය කියන්නේ ඇත්තටම බැඳීමක් කියන්නේ තව වගකීමක් කියලයි.

මම හිතන්නේ මට විවාහ වෙන්න සුදුසු කාලය මේක නෙවෙයි කියල කියන ඇය කියන්නේ මම හැමතිස්සෙම හිතන්නේ මම මාව ගොඩ නඟා ගන්න ඕනේ කියල කියලයි ඇය පවසන්නේ.

ඒ වගේම තව කෙනෙක්ගෙන් යැපෙන්න ඕනේ කියන මතයේ මම නැහැ කියල කියන ඇය සමහර අය හිතන්නේ විවාහ වෙන සහකරුට ඒ හැමදේම තියෙන්න ඕනේ කියලා වුනත් මම ඉන්නේ මට අවශ්‍ය දේවල් ගන්න මම උපයා ගන්න ඕනේ කියන මතයේ කියලයි ඇය පවසන්නේ. මේ අතර අද වෙනකම් මම ගොඩක් හැලහැප්පීම් මැද්දේ මාව ගොඩ නගා ගත්තා කියලයි ඇය කියන්නේ.