Online News

Gossip Lanka News Official

“මට ජනතා සම්මාන, විචාර සම්මාන, හොඳම නැඟී එන නිළිය වාගේම හොඳම සහාය නිළියට හිමි සම්මාන ලැබුණේ අභියෝග ජයගත්ත නිසා වෙන්නැති “

මේවෙද්දී මෙරට කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් දක්ෂ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සුනීතා විමලවීර කියලා කියන්නේ.

ඇත්තෙන්ම කලකට ඉහතදී මෙරට කලා ක්ෂේත්‍රයත් සමගින් අත්වැල් බැදගන්නා ඇයට මේවෙද්දී ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

කෙසේවෙතත් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍යය සාකච්ඡාවක් සමගින් එක්ව ඇගේ අලුත්ම තොරතුරු ගැන හුවමාරු කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් අසූව, අනූව දශකයේ ටෙලිනාට්‍ය බලපු කට්ටිය අදටත් මගතොටදී මුණගැහුණාම කතා කරන්නේ දූදරුවෝ ගැන, එහෙමත් නැත්නම් එකගෙයි කුරුල්ලෝ ගැන කියලයි ඇය පවසන්නේ.

ඒ විතරක් නොවෙයි දිය සුළියේ නඟා කොයිතරම් නපුරු වුණත් ප්‍රේක්ෂකයෝ ඒ චරිතය පුදුම විදියට එයාලගේ හිතට ගත්තා කියල කියන ඇය කියන්නේ ඇත්තටම කියනවා නම් ඒක ටෙලි වසන්තයක් කියලයි.

තවද දිමුතු මුතුවලින් ආරම්භ වුණු ඒ ටෙලි වසන්තය නරඹන ප්‍රේක්ෂකයෝ ගැහැනු, පිරිමි බේදයක් නැතිව, වයස් බේදයක් නැතිව දඩිබිඩියේ වැඩකටයුතු අහවර කරලා ටීවී එක ළඟ ඉඳගන්නවා කියලයි පවසන්නේ.

ඒ වගේම මම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ආවේ යශෝරාවයේ අචලා කියන ඉස්කෝලේ යන පුංචි කෙල්ලගේ චරිතයෙන් කියල කියන සුනීතා කියන්නේ ඒ කාලේ මම පාරේ යන කොට කොල්ලො, කෙල්ලෝ වාගෙම මට වඩා වැඩිමහලු අයත් ‘ලාබයි ලාබයි කීර ලාබයි’ කියලා කෑ ගහන්න ගත්තා කියලයි.

මේ අතර ‘යශෝරාවය’ හරහා මම ඇසුරු කළ එකට ගැටුණු ප්‍රවීණයන් පිරිස අසීමිතයි කියල කියන ඇය කියන්නේ මම හරිම වාසනාවන්තයි කියල ඒ සෙට් එකේ රඟපාන කොට මට හිතුණා කියලයි ඇය පවසන්නේ.

ඒ විතරක් නොවෙයි මගේ අවට අසල්වාසීන් මූණට මුණගැහෙන හැම වෙලාවකම ගිගිරි වළලු ටෙලි කතාවේ නපුරු නැන්දාගේ චරිතය වගේ චරිත ආයේ කරන්න එපා කියලා ගොඩක් අය කියනවා කියලයි.

අම්මෝ දරුවෝ ආයෙ නම් ඒ වගේ චරිත කරන්න එපා බලන් ඉන්න බෑ බඩ, පපුව දාලායනවා’ කියල ඔවුන් කියනවා කියන ඇය කියන්නේ ඒ චරිතය නිසාම වයස 35ක, 40ක විතර මැදපෙරදිග වැඩ කරන අම්මා කෙනෙක් දවසක් ගමනක් යද්දි මාව දැකලා ඉද්දගැහුවා වාගේ නතර වෙලා මගේ දිහා බලන් හිටියා කියලයි.

ඊට පස්සේ උඹ නේද අර රටගිය අම්මගේ අහිංසක දරුවව මහ වැස්සේ එළියට දාලා දොර වැහුවේ කියලා මට කුඩේ උස්සලා ගහන්න ආවා කියල කියන ඇය අහලපහළ කට්ටිය තමයි මාව බේරගත්තේ කියලයි කියන්නේ.

ඒ වගේම ගිගිරි වළලු එකේ චරිතය ටිකක් මෝරපු චරිතයක් වුණත් ඒ චරිතය රඟපාන කොට වුණත් මම හිටියේ හුඟාක් තරුණ වයසේ කියලයි ඇය පවසන්නේ.

මේ අතර චරිතාංග නිළියක් නිසා මට ලැබෙන චරිතය කළුද, සුදු ද, වයසද, තරුණද කියන මිම්ම මට කවදාවත් තිබුණේ නැහැ කියලයි ඇය කියන්නේ.

මට තිබුණේ එකම එක අරමුණයි කියල කියන ඇය මට ලැබුණු චරිතයට කළයුතු සාධාරණය කුමක්ද, එය ඉහළින්ම ඉටුකරන එකයි මට තිබුණු ලොකුම අභියෝගය වුණේ කියලයි කියන්නේ.

ඒ වගේම මට ජනතා සම්මාන, විචාර සම්මාන, හොඳම නැඟී එන නිළිය වාගේම හොඳම සහාය නිළියට හිමි සම්මානයන් උරුම වුණේ අභියෝග ජයගත්ත නිසා වෙන්නැති කියලත් ඇය පවසනවා.

ඉතින් ඒ වගේම කොටට අඳින ඇඳුම් භාවිත කරන්නේ නැහැ වගේම වැලඳගැනීම් සහ සිප ගන්නා දර්ශන රඟපාන්නේ නැහැ කියල තීරණයක මම හිටියා කියල කියන ඇය කියන්නේ අඩනිරුවත් චරිතවලට මම කැමති නැති නිසා ඇඟපසඟ පෙනෙන ඇඳුම්වත් ඇන්දෙ නැහැ කියලයි.