Online News

Gossip Lanka News Official

“අද මම ඉන්නේ එදා හිටපු තත්වෙ නෙවෙයි අම්මා තාත්තා කරපු කැප කිරීම මහා ආඩම්බරයක්” තරින්දි ප්‍රනාන්දු

ඉතාමත් කෙටි කාලයක් තුළදී ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ.

ඇත්තෙන්ම මේවෙද්දී ටෙලි නාට්‍යය රැසක් ඔස්සේ දැකගන්නට ලැබුණු ඇයව අපට
මේවෙද්දී රංගන ශිල්පිනියක් විදිහටත් දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් ක්ෂේත්‍රය තුළ දැකගන්නට ලැබෙනවා.

කොහොමහරි ඉතින් රංගන ශිල්පිනියක් විදිහටත් දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් ක්ෂේත්‍රයේ කලාකරුවන් අතර ප්‍රසිද්ධ ඇය කලකට පෙරදී පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා ඇගේ ජීවිතය පිළිබඳ අදහස් දක්වලා තිබුණා. ඒ මෙලෙසයි.

“මම ගොඩක් දුප්පත් පවුලකින් එන කෙනෙක් අම්මා තාත්තා ඉහළට ඉගෙන ගෙන නැතත් අපිට හොඳින් ඉගැන්නුවා. අපිට කිව්වේ මටයි අක්කටයි.

අපි දෙන්නා උස් මහත් කරන්න අපේ අම්මයි තාත්තයි සෑහෙන්න කැපවීමක් කළා සමහර දාට අමතර පන්ති වලට යන්න මම අම්මගෙන් සල්ලි ඉල්ලලා කරදර කරලා තියෙනවා.

සියලු බාධක හමුවේ දෙපයින් නැඟී සිටිමින් ලෝකයට ආදරය කරන විදිහ අපිට පුරුදු කළා ඒත් අක්කා බැංකු නිලධාරිනියක් ලෙස උසස්වීම් ලබා ඉහලට යද්දි මම මේ ක්ෂේත්‍රයේ පියවර තබද්දී අම්මා අපිට අහිමි වුණා. හැබැයි අම්මා අපිට අහිමි උනේ අපේ ලෝකය හදලා දීලා.” කියලයි.

කොහොම වෙතත්සාමාන්‍යයෙන් කෙනෙක් ජනප්‍රිය වෙද්දී තමන්ගේ අතීත ජීවිතය ගැන හෙලි කිරීමට ඔවුන් අකමැත්තක් දක්වනවා. නමුත් අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න නිහතමානී චරිතයක් වන තරින්දි ඒ ගැන විවෘතව අදහස් දක්වනවා. ඉතින් ඇය පහුගිය දවසක කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

“මට මගේ පවුල සහ යටගියාව ගැන කියන එක මදි කමක් නෙවෙයි අද මම ඉන්නේ එදා හිටපු තත්වෙ නෙවෙයි අම්මා තාත්තා කරපු කැප කිරීම මහා ආඩම්බරයක්.

අද මට අම්මා වෙලා ඉන්නේ අක්කා එයා ඇත්තටම අපේ අම්මා වගේම හරිම ධෛර්යවන්ත චරිතයක් මම හැදුනේ අම්මලා එක්ක අක්කා ශිෂ්‍යත්වය පාස් වෙලා මීගමුව නිව්ස්ටඩ් බාලිකාවට ගියා.

තනියම හොස්ටල් එකේ ඉදලා උසස් පෙළ සමත් වෙලා සරසවියට ගිහින් කළමනාකරණ අංශයේ උපාධියක් ගත්තා. මම ඉගෙන ගත්තේ ව්‍යාපාර අංශයට යොමු වෙන්න හිතලා අක්කා කීවා වාණිජ අංශයෙන් ඉගෙන ගන්න බැංකු රස්සාවක් හොයාගන්න කියලා.” කියලයි

ඉතින් ඒ ආකාරයට අදහස් දක්වන තරින්දි උසස් පෙළ අවසාන කරලා පුද්ගලික බැංකුවක වසර 4ක පමණ කාලයක් සේවය කරනවා. ඔය කාල සීමාව අතරතුරදී ඇගේ මව ජීවිතයෙන් සමු ගන්නවා.

ඒ සමු ගැනීමත් එක්කම මානසික ඇද වැටෙන ඇය කර කර ඉන්න ජොබ් එක පවා කරන්න බැරි තත්වයකට පත්වෙනවා. ඊට පස්සේ නැටුම් පුරුදු වෙන්න පුද්ගලයෙක් ළඟට ගියපු තරින්දිට අදටත් අම්මා වගේ මේ සියලුම දේවල් වලට ශක්තිය ධෛර්යය ලබා දෙන්නේ ඇගේ ආදරණීය අක්කායි.

කොහොමහරි ඉතින් අක්කා අම්මා තාත්තා නැත්නම් තරින්දි ප්‍රනාන්දු කියන චරිතයක් අද මෙතන නැහැ කියල කියන ඇය මේවෙද්දී ක්ෂේත්‍රයට සම්බන්ධ රංගන ශිල්පියෙක් ට ආදරය කරමින් ඔහු සමග ඉතාමත් සුන්දර කාලයක් ගත කරනවා.

ඉතින් ඇගේ විවාහයත් ළගදීම සිදුකිරීමට නියමිතව තිබෙනවා කියලයි අපට දැනගන්නට ලැබුණේ.