Online News

Gossip Lanka News Official

පැටව් තුන් දෙනෙක්ගෙ සුන්දර මවක් වන “මලී” සමාධි අරුණචායාගේ සොදුරු කැදැල්ල

වසර ගණනාවකට ඉහතදී මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය දක්ෂ ජනප්‍රිය වගේම නිහතමානී රංගන ශිල්පිනියක් තමයි සමාධි අරුණචායා කියලා කියන්නේ. ඒ කොහොම වෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනියව මෙරට බොහෝදෙනෙකු හදුනන්නේ සමාධි කියන නමට වඩා මලී කියන නමෙනුයි.

ඊට හේතුව වනුයේ ඇය සිය රංගන දායකත්වය ලබාදුන්නු දෙරණ නාලිකාවේ විකාශය කෙරුණු අත්තම්මා ටෙලිනාට්‍යයේ මලී කියන චරිතයයි. ඇත්තෙන්ම මේ මලී කියන චරිතය හරහා ඇයට ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ කොහොම වෙතත් 2010 වර්ෂයේ රූපවාහිනී අවුරුදු කුමරිය වෙමින් කලා ක්ෂේත‍්‍රයට පිවිසි ඇය එදා අපට මලී ලෙසින් ක්ෂේත්‍රය තුළ දැකගන්නට ලැබුණත් මේවෙද්දී වැඩිය ක්ෂේත්‍රය තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ.

ඒ ඇය මේ දිනවල නිර්මාණවලින් ඈත්ව සිය ආදරණීය සැමියා සහ දරුවන් තුන් දෙනාත් සමගින් කැනඩාවේ දිවි ගෙවන නිසාවෙනුයි.

නමුත් ඇයට එදා ලැබුණු ඒ ජනතා ආදරයේ නම් කිසිදු අඩුවක් සිදුවෙලා නැහැ. ඒ කොහොම වෙතත් මෑතකදී ඇය සිදු ටෙලි නිර්මාණය ඔස්සේ අපට දැකගන්නට ලැබුණත් මේවෙද්දී ඇය සිදූ නිර්මාණයෙනුත් ඉවත්වෙලා තිබෙනවා. ඊට හේතුව වනුයේ ඇය තෙවන වරටත් උතුම් මව් පදවියට සුදානම් වීමයි.

කොහොම වෙතත් ඇය පහුගිය දවසක සිගිති දියණියක් මෙලොවට බිහිකරමින් තෙවන වරටත් උතුම් මව් පදවිය ලැබුවා. ඇත්තෙන්ම ඇය මෑතකදී වෛශ්නාවී සිනමා නිර්මාණයෙන් වගේම අවසන් වරට සිදූ ටෙලිනාට්‍යයෙන් තමයි ප්‍රේක්ෂකයින් හමුවට ආවේ. මේ අතර ඇය විවාහ වෙන්නේ සංජය මොරගොල්ල කියන තරුණයත් සමගිනුයි.

විවාහයෙන් අනතුරුව දැන් ඇය ඇගේ ආදරණීය පවුලත් සමගින් කැනඩාවේ ජීවත් වන අතර පහුගිය දවසක ඇය ඇගේ ලොකු පුතුගේ උපන්දිනය සැමරීමටයි කටයුතු කර තිබුනේ.

ඉතින් ඒ විදිහට උපන්දිනය සමරන ඇගේ පුතුට සුභම සුභ උපන්දිනයක් වේවා කියල අපිත් සුභපැතුම් එක් කරන අතරම ඔවුන්ගේ මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

01

02