Online News

Gossip Lanka News Official

“අපේ සිනමා සක්විති වන නළු ගාමිණි ෆෝන්සේකා රඟ පෑ විත්‍රපටයකින් සිනමාවට පිවිසිම මට ලොකු ආඩම්බරයක් වුණා”

මෙරට කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක ලෙස වගේම ගායන ශිල්පිනියක ලෙසත් අතිශය ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි අග්‍රා සජීවනී කියලා කියන්නේ.

ඒ විතරක් නොවෙයි 1972 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමට වාසනාවන්ත වන්නේද ඇයයි. මේවෙද්දී සිනමා චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙන ඇයට මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමිවෙන්නේ ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක්.

ඉතින් එලෙස ඇය සිය රංගන දායකත්වය ලබාදුන්නු චිත්‍රපට කිහිපයක් හැටියට හතරදෙනාම සුරයෝ, සුරයා සුරයාමයි, හොඳයි නරකයි, ජීවන ගංගා, සුරේඛා, හරිම බඩු තුනක්, හුලවාලි, ලස්සන කෙල්ල, සඳමාලී, අම්මේ ඔබ නිසා, දුලීකා,

ඔන්න බබෝ බිල්ලෝ එනවා, සුකිරි කෙල්ල, දෑස නිසා, නිවෙන ගින්න සබීතා, අජාසත්ත, වලව්වේ හාමු, ඔබට පමණයි ආදරේ එදත් සුරයා අදත් සුරයා, සරදියෙල්ගේ පුතා වැනි චිත්‍රපට හදුන්වන්න පුලුවන්.

කොහොම වෙතත් 70 දශකයේදී රිදී තිරයේ ජනප්‍රිය තරුවක් වුනු ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමගින් එක්වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී අදහස් දක්වමින් ඇය කියන්නේ මම මේ දවස් වල සතුටින් ඉන්නවා කියලයි. ඒ වගේම මගේ සැමියා වතු අධිකාරිවරයෙක් කියල කියන ඇය කියන්නේ ඔහු ටැන්සානියා සහ මොසැම්බික්වල වතු අධිකාරිවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා කියලයි.

මේ අතර මට පුතෙක් ඉන්නවා කියල කියන ඇය කියන්නේ දැන් ඔහු විවාහකයි කියලයි. ඒ වගේම පුතාගේ බිරිඳ ජිනාල් සාමාන්‍යධිකාරිවරියක් බව කියන ඇය පවසන්නේ ඔවුන් දැන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන්වල පදිංචිව ඉන්නවා කියලයි.

තවද පුතාට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා කියල කියන ඇය දැන් මම ආච්චි කෙනෙක් කියලයි පවසන්නේ. ඒ වගේම ඔවුන් මාස 6ක් මෙල්බන්වල ඉන්නවා කියන ඇය කියන්නේ ඉතිරි මාස 6 ලංකාවේ ඉන්නවා කියලයි.

මගේ ගම රණාල දැඩිගමුව කියල කියන ඇය රණාල ශ්‍රී දේවමිත්ත මහා විද්‍යාලයෙන් තමයි මම ඉගෙනීම් කටයුතු කලේ කියලයි කියන්නේ.

මේ අතර මම පාසලේ කැපී පෙනුණ ශිෂ්‍යාවක් වගේම නෙට්බෝල් කණ්ඩායම් දක්ෂ ක්‍රීඩිකාවක් කියලයි ඇය කියන්නේ.

ඒ විතරක් නොවෙයි සාහිත්‍ය සංගමයේ නිත්‍ය සාමාජිකාවක් පාසලේ විවිධප්‍රසංගවලට මම තමයි නාට්‍ය පිටපත ලියන්නේ කියල කියන ඇය පවසන්නේ පාසලේ හොඳම නිළියටත් ඇය තේරුණු වාර අනන්තයි කියලයි.

තවද පුංචි කාලේ ඉඳන්ම මගෙන් කැමැතිම වෘත්තීය කුමක්දැයි ඇසුවොත් මම පිළිතුරු දෙන්නේ නිළියක් වීම කියල තමයි කියලයි ඇය පවසන්නේ.

ඉතින් ඒ වගේ පුදුම රඟපෑමේ පිස්සුවක් මට තිබුණේ කියන ඇය කියන්නේ මම පාසලේ ජනපි‍්‍රය චරිතයක් කියලයි. මේ අතර මම වරක් බස්නාහිර පළාතේ සෞඛ්‍ය කුමරියත් වුණා කියල කියන ඇය කියන්නේ ඒ කාලේ සැම පාසලකින්ම ළමුන් දෙදෙනා බැගින් තෝරාගෙන අවසාන තරඟ වටය පැවත්වුවා කියලයි.

ඉතින් සෞඛ්‍ය කුමරියට තිබිය යුතු සුදුසුකම් විදිහට නිය, දත්, පිරිසිදුකම, හිස කෙස් ඇඳුම ආදිය සලකා බලා ලකුණු දුන්නා කියලයි ඇය කියන්නේ.

කොහොම වෙතත් 1971 තිරගත වූ බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වූ ‘හතර දෙනාම සුරයෝ’ රඟපෑම මගේ ජිවිතයේ ලද ලොකුම භාග්‍යයක් බව කියන ඇය කියන්නේ අපේ සිනමා සක්විති වන නළු ගාමිණි ෆෝන්සේකා රඟ පෑ විත්‍රපටයකින් සිනමාවට පිවිසිම මට ලොකු ආඩම්බරයක් වුණා කියලයි.