Online News

Gossip Lanka News Official

“මට පිරිමි යාළුවො ගොඩක් හිටියා, ඇත්තටම ඒ මගේ ජීවිතේ සුන්දරම කාලය”

මේ දිනවල ලාංකිකයන් හැමෝම අතරේ ජනප්‍රියත්වයට පත් සුවිශේෂී ටෙලි නිර්මාණයක් තමයි නාඩ්ගම්කාරයෝ කියල කියන්නේ.

ඇත්තෙන්ම මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කෙරෙන ඊට මේවෙද්දී අති විශාල ජනතා ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිව තිබෙනවා.

ඉතින් මේ ටෙලි නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිම්මි මනෝහාරී කියල කියන්නේ.

කොහොමහරි ඉතින් මේ ටෙලි නිර්මාණයේ මාස්ටර්ගේ පොඩි දුවගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා කතාබහ කර තිබුණා.

එහිදී අලුත්ම තොරතුරු ගැන කතාබහ කරපු ඇය ඇගේ පාසල් කාලය ගැන සිහිපත් කරමින් කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

”මම එකවසරේ ඉඳන් 13 වසර දක්වාම පාසල් ගියේ මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලට, ඉස්කෝලේ ගිය පලවෙනි දවසේවත් මම ඇඬුවේනෑ මම ඒ කාලේ ඉඳන්ම ෆෝවඩ් චරිතයක් ඕනෑම කෙනෙක් එක්ක මම කතා කරනවා ඒ වගේම ගොඩක්ම දඟයි.

ඒ කාලේ හැමෝම වගේ මගෙත් එක්ක ෆිට් පුංචි කාලේ ඉඳලම මම ඉස්කෝලේ කැපී පෙනෙන චරිතයක්, මම කිසිම දෙකට බය නෑ, ඕනෑම දෙකට ඉදිරිපත්වෙනවා පාසලේ මාධ්‍ය අංශයේ වගේම සාහිත්‍ය අංශයේ මුල්තැන අරගෙන වැඩ කලේ මම” කියලයි.

ඉතින් ඒ විදිහට පාසල් කාලයේ සොදුරු මතකයන් සිහිපත් කළ ඇගෙන් ඒ වෙලාවේ අහන ප්‍රශ්නයක් තමයි නිම්මිගේ පාසල් ප්‍රේමයට මොකද වුනේ කියන ප්‍රශ්නය.

ඊට පිළිතුරු ලබාදෙමින් නිම්මි කියන්නේ මට පාසල් ප්‍රේමයක් තිබුනේ නැහැ. කොහොම නමුත් ඒ ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි.

”මොනවා හරි වෙන්න පාසල් ප්‍රේමයක් තියෙන්න එපැයි මට පාසල් ප්‍රේමයක් තිබ්බේ නෑ, මට පිරිමි යාළුවො ගොඩක් හිටියා. අපි හොරාට ගස්වලින් එක එක ඒවා කඩාගෙන කනවා හොරකමටම නෙවෙයි ඒවා කලේ ජොලියට අපේ කාලේ ගෙවුනේ.

ඒ විදියට එහෙම නැතුව වෙන වෙන සම්බන්දකම් පාසල් කාලේ මට තිබ්බේ නෑ, ආදර යෝජනාත් වැඩිය ඇවිල්ලත් නෑ පාසල් කාලෙනම්, මම පාසල් කාලේ පුදුම විදියට වින්දා ඒවා මතක් වෙද්දී ආයේ පාසල් යන්න හිතෙනවා, ඇත්තටම ඒ මගේ ජීවිතේ සුන්දරම කාලය තමයි” කියලයි