Online News

Gossip Lanka News Official

“එයාල එක්ක වැඩ කරද්දි හිතේ තියෙන බය නැති වුණා, එයාල එක්ක පුහුණුවීම් කරන කොට එයාලා මාව ගොඩක් පරිස්සම් කළා”

මේවෙද්දී මෙරට ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි හේෂානි ලියදිපිට කියල කියන්නේ.

කොහොමහරි දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළදීමෙන් අනතුරුව කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇයව අපට මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය කෙරෙන ධරණී ටෙලි නිර්මාණය ඔස්සේ දැකගන්නට ලැබෙනවා.

ඉතින් මේ විදිහට ධරණී ටෙලි නාට්‍යයේ තරුමිනිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන ඇයට ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට මේවෙද්දී හැකියාව ලැබී තිබෙනවා. කොහොම වෙතත් තරුමිනිගේ චරිතය නිසාම මේවෙද්දී මෙරට බොහෝදෙනෙකු ඇයව හඳුන්වන්නේ ධරණී ලෙසිනුයි.

ඒ කොහොම වෙතත් ධරණී කියල කියන්නේ ඇගේ මේ ප්‍රථම ටෙලි නාට්‍යය වුවත් එමඟින්ම අතිවිශාල ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට තරම් ඇය වාසනාවන්ත වෙනවා.

ඉතින් මේ විදිහට තමන්ට ලැබෙන ජනතා ආදරය ගැන ඇය පහුගිය දවසක වැඩසටහනක් අතරතුර අදහස් දක්වමින් කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

“ඇත්තටම මම මේ වෙලාවේ දෙරණ නාලිකාවට ස්තූතිවන්ත වෙන්න ඕනේ මට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට. මම ධරණි ටෙලි නාට්‍ය රඟ දක්වන්න කලින් කවදාවත්ම සටන් කලාව පිළිබඳව අධ්‍යනය කරලා නැහැ.

ඒ නිසා මේ ටෙලි නාට්‍යයේ පුහුණුවීම් කටයුතු කරන්න වුනේ master කෙනෙක්ගෙ අනු දැනුම යටතේ. ඇත්තටම මම ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

ඒ ලබපු පුහුණුවීම් එක්ක තමයි මට මේ තරම් සාර්ථක විදිහට සටන් කලාව පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වුණේ.

ඇත්තටම මුලින්ම මං ගොඩක් බය වුනා සටන් ජවනිකා වල නිරත වෙන්න. නමුත් එයාල එක්ක වැඩ කරද්දි හිතේ තියෙන බය නැති වුණා.

එයාල එක්ක පුහුණුවීම් කරන කොට ඇත්තටම එයාලා මාව ගොඩක් පරිස්සම් කළා. මාස්ටර්ගෙ ගෝලයන්ගෙන් නම් එහෙම සැරට පාරවල් ලැබුණේ නැහැ.

නමුත් පිටින් එක ගෙනාපු ආධුනික ගැහැණු ළමයින්ගෙන් ඇත්තටම දරුණුවට පහර වැදුණු අවස්ථා තිබුණා. ගුටි කාපු සමහර තැන් දවස් ගණන් නිල් වෙලා තිබුණා.

ඒත් ඉතින් ඒ ටෙලි ටෙලිනාට්‍යයේ මම ලබපු අත්දැකීම් බොහොමයි.ධරණී කතාවේ චරිතය ලොකු අභියෝගයක්, සැමියා නැති බිරිදක් දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.

මේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ හදවතින්මයි, විවහා වෙන්න කලින් අම්මා කෙනෙක් වුනා. ඉතින් කෙටි කාලයක් තුන පලවෙනි ටෙලි නාට්‍යනම ජනප්‍රිය වෙන්න ලැබීම ගැන නම් සතුටුයි.” කියලයි.

ඒ කොහොම වෙතත් මේ විදිහට අදහස් දක්වපු හේෂානිට මේවෙද්දී ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන්නට හැකිවෙලා තිබෙනවා.

ඉතින් මේ ජනප්‍රිය රංගන ශිල්පිනියට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.