Online News

Gossip Lanka News Official

“මගේ ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලද්දී හොඳ නරක දෙකම තියෙනවා” මේධා

ලංකාවේ කොයි කාගෙත් අවධානය දිනාගෙන ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියලා කියන්නේ. ඇත්තෙන්ම මේවෙද්දී මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඇය මේවෙනකොට සමාජ ජාලා මාධ්‍යය තුළත් නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක් ලෙස හදුන්වන්න පුලුවන්.

ඒ කොහොම වෙතත් මේවෙද්දී අපේ කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක ලෙස වගේම නර්තන ශිල්පිනියක ලෙසත් කටයුතු කරන ඇය ගැන කතා කරනවානම් ඇය විවාහකයි.

ඇය විවාහවෙන්නේ මෙරට ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකු සමගින් වන අතර ඔවුන්ගේ විවාහය එතරම් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාවෙන් ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන්වීමට තීරණය කරනවා.

ඉතින් මේ විදිහට සිය විවාහයෙන් වෙන්වෙන ඔවුන් දෙපළට මේවෙද්දී දරුවන් දෙදෙනෙකු ඉන්නවා. කොහොම වෙතත් ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇගේ පෞද්ගලික ජීවිතේ ගැන කතා බහ කර තිබුණා.

ඉතින් මට ලේසියෙන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන් කියල කියන ඇය කියන්නේ මුලදී ඒ ගැන හිත හිත විදෙව්වට පස්සේ ඒ දේවල් ගැන මම දුක් වෙන්නේ නැහැ කියලයි. මේ අතර මම අත්හැරීම ප්‍රගුණ කල කෙනෙකුත් නෙවෙයි කියන ඇය පවසන්නේ ඒ මගේ හැටි කියලයි.

මේ අතර මම අඩුම පන්සල්වත් යන කෙනෙක් නෙවෙයි කියන මේධා කියන්නේ ඒ නිසා ආගම අල්ලාගෙන මම මිලේච්ච වැඩ කරන්නේ නැහැ කියලයි.

තවද මම පැහැදිලිවම විස්වාස කරන්නේ මාව කියල කියන ඇය කියන්නේ මගේ ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලද්දී හොඳ නරක දෙකම තියෙනවා කියලයි.

ඒ වගේම මම ශුද්දවන්ත චරිතයක් කියලා මම කියන්නේ නැහැ කියන ඇය කියන්නේ මගේ ජීවිතේ නරකට වඩා හොඳ පැත්ත වැඩියි කියල මට හිතෙනවා කියලයි.

ඉතින් මම ගැන මට සතුටුයි කියල කියන ඇය මම තනි වුනු වෙලාවට වගේම බොහෝ වෙලාවට මට මගේ දරුවෝ මතක් වෙලා ඇස් දෙකට කඳුළු එනවා කියලයි කියන්නේ.

ඒ කොහොම උනත් මම කැමති නැහැ මගේ ළමයි බලෙන් තියාගන්න කියල කියන ඇය මට දැනෙන දේ අනිත් කෙනාටත් දැනෙනවා ඇති කියලා මම හිතනවා කියලයි කියන්නේ.

තවද මේ විදිහට අදහස් දක්වන ඇය සාමාන්‍ය මනුස්සයෙක් විදිහට රහත් වෙලා නැති නිසා දුක හංගන් රගපානවා නෙවෙයි කියලයි පවසන්නේ. ඒ වගේම මට එය දැනුනු වෙලාවට මම ඒ දුක පිට කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසන්නේ