Online News

Gossip Lanka News Official

“මම හිතන්නේ නැහැ මගේ දුවට මගේ කනෙන් රිංගන්න පුළුවන් වෙයි කියල, මම අප්ඩේට් වන අම්මා කෙනෙක්”

මෙරට කලා ක්ෂේත්‍රයට නිරූපිකාවක ලෙස පිවිසෙමින් ක්ෂේත්‍රය තුළ තමන්ටම කියල අනන්‍යතාවයක් ගොඩනගා ගත් සුන්දර චරිතයක් තමයි අමායා අධිකාරි කියල කියන්නේ.

ඇත්තෙන්ම වර්තමානය වෙද්දි ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න ඇයව අපට නිරූපිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ලෙසත් අපට දැකගන්නට ලැබෙනවා.

කෙසේවෙතත් වයස අවුරුදු විසි දෙකේදී පමණ ඇය විවාහවීමට තීරණය කරන අතර අමායා විවාහ වෙන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය ගායකයෙකු සමගිනුයි.

ඔහු තමයි අතුල අධිකාරි. ඒ වන විටත් අතුල ප්‍රවීන ගායිකා සමිතා මුදුන්කොටුව මහත්මිය ගෙන් වෙන් වෙලා තමයි කාලය ගත කරන්නේ.

ඒ කොහොම වෙතත් පසුව අමායා සහ අතුල විවාහවීමට තීරණය කරන අතර ඔවුන් දෙදෙනා අලුතින් ජීවිතය පටන් ගන්න. ඉතින් එලෙස අලුතින් ජීවිතය පටන් ගන්න ඔවුන් දෙදෙනාගේ පුංචි කැදැල්ල හැඩ කරමින් ටික කාලයකට පස්සේ ඔවුන්ගේ පුංචි කැදැල්ලට සිගිති දියණියකුත් එකතු වෙනවා.

මේ විදිහට කාලයක් සතුටින් සිය විවාහ ජීවිතය ගත කරන අමායා සහ අතුල ටික කාලයකට පස්සේ දෙපැත්තකට වෙලා ජීවත් වෙන්න තීරණය කරනවා.

ඉතින් එලෙස විවාහයට සමු දුන්නත් අදටත් ඔවුන් අතර කිසිම අමනාප කමක් නැහැ. මේ අතර අතුල එක්තරා අවස්ථාවකදි සඳහන් කරනවා තාමත් ඔහුට ඔහුගේ ජීවිතයේ හොඳම යාලුවා අමායා කියලා

කොහොම වෙතත් ඒ විදිහට අතුලගෙන් වෙන් වෙලා කාලය ගත කරපු අමායාගේ ජීවිතයට ටික කාලයක් යනකොට තවත් ආදරණීය සහකරුවෙක් සම්බන්ධ වෙනවා.

ඔහු තමයි හර්ෂ ධනෝෂ්. ඔහුත් මෙරට සංගීත ක්ෂේත්‍රය සමගින් කටයුතු කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඉතින් මේවෙද්දී අමායා සහ හර්ෂ ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරන අතර ඔවුන් දෙදෙනාටත් පුංචි දියණියක් ඉන්නවා.

කොහොමහරි මේ විදිහට දියණියකගේ මවක් වන අමායා එක්තරා අවස්ථාවක ප්‍රසිද්ධ රූපවාහිනී සාකච්ඡාවක් අතරතුරදී තමන්ටත් දියණියක් ඉන්න නිසාම ඇය වෙනුවෙන් සුන්දර කතාවක් කියනවා. ඉතින් එහිදී ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි.

“අපේ කාලෙ වෙනස් ඒ වගේම ළමයින්ගෙ කාලේ ඉස්සරහට ඊට වඩා වෙනස් වේවි අපි දන් නෑ ඒගොල්ලො ඉස්සරහට මොනවා කරයිද කියලා. හැබැයි මගේ දුවට නම් මම අපේ අම්මගේ කනෙන් රිංගුවා වගේ මගේ කනෙන් නම් රිංගන්න හම්බ වෙන්නේ නැහැ.

අපේ අම්මලාට තේරුන් නෑ මේ අපේ කාලේ. මොකද ඒගොල්ලන්ගෙ කාලෙ ඊට වඩා වෙනස් නිසා.
නොතේරුනා වගේ ඉන්නත් ඇති අපිට තියන ආදරේට.

අපිත් ඉස්සරහට එහෙම වෙයි. හැබැයි මම අප්ඩේට් වන අම්මා කෙනෙක්. ඒ නිසා මම හිතන්නේ නැහැ මගේ දුවට මගේ කනෙන් රිංගන්න පුළුවන් වෙයි කියලා.” කියලයි.