Online News

Gossip Lanka News Official

“එයා කොහොමද මම නැතිව ඉන්නේ, ඒක හරිම දරුණු විදියට මට දැනුනා” නිල්මිණි

ලංකාවේ හැමෝම වගේ ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියල කියන්නේ. ඇත්තෙන්ම මෙරට කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක ලෙසින් තමන්ටම කියල අනන්‍යතාවයක් ගොඩනගා ගත් නිල්මිණි සිනමාව, වේදිකාව තුළ වගේම පුංචි තිරය තුළත් ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා.

කෙසේවෙතත් මේවෙද්දී රටම හදුනන රංගන ශිල්පිනියක වන ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව ඇගේ ජීවිතයේ අලුත්ම තොරතුරු ගැන අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මම ඉපදුනේ මොරටුවේ කියන ඇය කියන්නේ මගේ අප්පච්චි පියදාස තෙන්නකෝන්, අම්මා ශ්‍රියානි තෙන්නකෝන් කියලයි.

ඒ වගේම මම පාසල් ගියෙත් මොටටුවේමයි කියල කියන ඇය කියන්නේ ඒ වේල්ස් කුමරි විද්‍යාලයට කියලයි. තවද මම කලාවට එන්න කලින් චිත්‍රා කුමාරි කළුබෝවිල, රැජිණි සෙල්වනායගම් යන ප්‍රවීණයන් යටතේ නර්තනය හැදෑරුවා කියන ඇය ඒ හැදෑරීම නිසා තමයි මගේ රංගන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වුනේ කියලයි පවසන්නේ.

කොහොමහරි නිල්මිණි ඔයා රඟපාන්න යන්න කියලා මගේ යාළුවො තමයි කිවුවේ කියන ඇය කියන්නේ එක දවසක් යාලුවෙක් සිහින පත්තරය ගෙනත් දුන්නා කියලයි.

ඉතින් ඒකේ තිබ්බා ලස්සන ලස්සන මුහුණු සොයනවා කියල කියන ඇය කියන්නේ අපි ස්ටූඩියෝවකට ගිහින් ෆොටෝ අරන් ඒකට තැපැල් කළා කියලයි.

මේ අතර මාසෙකට විතර පස්සේ දිනපු කෙනා ගැන පත්තරේ පලවුනා කියල කියන ඇය කියන්නේ මම තමයි දිනලා තිබ්බේ කියලයි.

ඒ වගේම දිනන කෙනාට පුවත්පත් කවරයකට පෙනී ඉන්න සහ පින්තූර කතාවකට පෙනී සිටීමේ අවස්ථාව හිමිවුණා කියල කියන නිල්මිණි කියන්නේ මට ඒකට ගෙදරින් අවසර ලැබුණා කියලයි.

තවද මට ඔරෙක්ස් වෙළෙඳ දැන්වීමට පෙනී ඉන්න ලැබුණා කියල කියන ඇය කියන්නේ ඊට පස්සේ සුමනා අමරසිංහ මහත්මි එයාලගෙ චිත්‍රපටයට එන්න කැමතිද කියල මගෙන් ඇහුවා කියලයි.

ඒකෙන් පස්සේ තමයි මම රංගනයට පිවිසුනේ කියලයි ඇය කියන්නේ. ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇය කලකට ඉහතදී තමන් මුහුණ දුන්නු රිය අනතුරක් ගැනත් මතකය අවදි කරල තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

මට අද වගේ මතකයි ඒක හදිස්සි රිය අනතුරක් මාස ගණනාවක්ම හොස්පිටල් එකේ මම හිටියේ කියල කියන ඇය කියන්නේ අනතුර වුන ගමන් ළඟ හිටපු අය මාව හොස්පිටල් එකට උස්සගෙන ගියා කියලයි. එහෙම යද්දී මට හොඳටම ඇඬුනා කියන ඇය කියන්නේ අඬ අඬා කිව්වේ එක දෙයයි කියලයි.

ඒ මට මේ ලෝකේ දාලා යන්න දෙන්න එපා කියලා කියන ඇය කියන්නේ ඒ දේ වෙද්දී මගේ ශ්වේතාට එතකොට වයස අවුරුදු පහයි කියලයි.

එයා කොහොමද මම නැතිව ඉන්නේ, ඒක හරිම දරුණු විදියට මට දැනුනා කියන නිල්මිණි කියන්නේ අදටත් මම මට ප්‍රතිකාර කල හෙදියන්ට සහ වෛද්‍ය වරුන්ට කතා කරලා ස්තුති කරනවා කියලයි.

ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇය අවසාන වශයෙන් ඇත්තටම එදා ඔවුන් දෙවිවරුන් වගේ මාව බලාගත්තා ඇත්තටම ඒ අයට ගොඩක් පින් කියලයි පවසන්නේ.