Online News

Gossip Lanka News Official

ඒ අහිංසක බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ටවේවි කියලා මමයි රුවනුයි දෙන්නම බලාගෙන ඉන්නවා” ශෙරිල්

ලංකාවේ අපේ ජනයා අතර කාලයක් අතිශය ජනප්‍රියත්වයට පත් ටෙලි නාට්‍යයක් තමයි අමා කියල කියන්නේ. ඉතින් මේ ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය එහෙමත් නැතිනම් අමා කියන චරිතයට සිය රංගන දායකත්වය ලබාදුන්නේ අපේ රටේ ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් විසිනුයි. ඇය තමයි ෂෙරිල් ඩෙකර්.

කොහොම වෙතත් ෂෙරිල් කියන මේ සුන්දර චරිතය මේවෙද්දී විවාහකයි. ඇය විවාහවෙන්නේ මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන රුවන් හෙට්ටිආරච්චි සමගිනුයි. ඒ බව මේවෙද්දී මෙරට නොදන්න කෙනෙකු නැති තරම්.

කොහොමහරි ඉතින් ශෙරිල්ව මේවෙද්දී අපට වැඩිය කලා ක්ෂේත්‍රය තුළ දැකගන්නට නොලැබෙන අතර ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා ඇගේ ජීවිතයේ අලුත්ම තොරතුරු ගැන අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් ලස්සන කියන දේ ගොඩක්ම වැදගත් දෙයක් විදියටයි මම දකින්නේ කියල කියන ඇය ඒක කාන්තාවට පමණක් නෙවෙයි පිරිමින්ටත් එහෙමයි කියලයි පවසන්නේ. ඒ වගේම තරුණියකව ඉන්න කාලේ වගේම මවක් උනාමත් කාන්තාව ලස්සනට ඉන්න ඕනේ කියලයි ඇය කියන්නේ.

මේ අතර කාන්තාවකට ලස්සන කියන්නේ ශක්තියක් බව කියන ඇය කොච්චර ආලේපන ගෑවත් හදවත ලස්සන නැත්නම් ඒ බාහිර ලස්සනෙන් වැඩක් වෙන්නේ නැහැ කියලයි කියන්නේ.

ඒ විතරක් නොවෙයි මම දැන් විවාහක කෙනෙක් මට කලාව වෙනුවන් වැයකරන්න තියෙන කාලය ගොඩක් අඩුයි කියන ඇය මම මගේ පවුල වෙනුවෙන් කාලය වැයකරන්න ඕනේ කියලයි පවසන්නේ.

තවද රුවන් ගැන බලන්න ඕන ගෙදර ගැන බලන්න ඕන වැඩ ගොඩයි කියන ඇය කලාවට මම ගොඩක් ආදරෙයි කියලයි කියන්නේ.

ඒ විතරක් නොවෙයි හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුනොත් බාරගෙන කරනවා කියන ඇය කියන්නේ මම නිර්මාණ හොයාගෙන පස්සෙන් යන්නේ නැහැ කියලයි.

ඒ වගේම මේ සාකච්ඡාව අතරතුර ඇගෙන් අහන ප්‍රශ්නයක් තමයි දැන් රුවන් ෂෙරිල් දෙන්නා තුන්දෙනා වෙන්න කාලේ හරි නේද විවාහ වෙලා වසර 9ක් වෙනවා කියන ප්‍රශ්නය. ඉතින් ඊට පිළිතුරු ලබාදෙමින් ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි.

ඉතින් දැන් අපි විවාහ වෙලා වසර නවයක් වෙනවා කියල කියන ඇය කියන්නේ ඒත් ඉතින් ඒක අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ කියලයි. ඒ වගේම නිවැරදි කාලේ ආවම දෙවියන් වහන්සේ ඒ දේවල් අපිට දෙවි කියලා මම හිතනවා කියලයි ඇය කියන්නේ.

මේ අතර අම්මා කෙනෙක් වෙන්න මම ගොඩක් ආසයි කියල කියන ඇය කියන්නේ ඒ අහිංසක බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ටවේවි කියලා මමයි රුවනුයි දෙන්නම බලාගෙන ඉන්නවා කියලයි