Online News

Gossip Lanka News Official

“මගේ සංගීත කටයුතු වලදීත් මාව එක්ක යමින් සියලු රැකවරණය ලබා දෙන්නෙ මගේ සැමියා සුරංග”

මෙරට ගායන ක්ෂේත්‍රය තුළ මේවෙද්දී අතිශය ජනප්‍රියත්වයට පත් නිහතමානී වගේම සුන්දර ගායන ශිල්පිනියක් තමයි ශෂිකා නිසංසලා කියල කියන්නේ. මේ අතර ඇය පිට පිටම ජනතාවගේ හදවතේ ගායකාව ලෙස සම්මානයෙන් පිදුම් ලබන්නත් වාසනාවන්ත වෙනවා.

නිසංසල සඳක්, ඔබ ඇස් පිය නොහෙලා බැලුවා,චන්ද්‍රා පායන්න වැනි ගීතවලින් මෙරට ජනයා ආකර්ෂණය කරගත් ඇය මේවෙද්දී රියලිටි තරග විනිසුරුවරියක් ලෙසත් කටයුතු කරනවා. කොහොම වෙතත් පුතුන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර මවක් වන ඇය මේවෙද්දී ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.

කොහොම වෙතත් සුරංග කියන කඩවසම් තරුණයා සමගින් විවාහවෙන ඇය මේවෙනකොට සිය සැමියා සහ පුතුන් සමගින් සුන්දර ජීවිතයක් ගත කරන අතර මේ දෙදෙනා හම්බවෙන්නේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලවකවානුව තුළයි.

ඉතින් ලස්සන ආදර කතාවකින් අනතුරුව එක වහළයක් යටට එන ඔවුන් ඒ සුන්දර අතීතය ගැන වගේම ආදරණීය සැමියා සමග ගත කරන සුන්දර ජීවිතය පිළිබඳ ඇය කලකට ඉහතදී පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙමින් අදහස් දක්වලා තිබුනේ මෙලෙසයි.

අපි විවාහ වුණේ වසර හතර හමාරක ප්‍රේම සම්බන්ධතාවයකට පස්සේ කියල කියන ඇය කියන්නේ ඒ නිසා විවාහ ජීවිතයට එද්දි අපි දෙන්නා අතර හොඳ අවබෝධයක් තිබ්බා කියලයි.

තවද දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙන හිටියේ කියන ශෂිකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ කාර්යබහුල වෙච්චි නිසා ඒ වෙනුවෙන් මගේ අම්මා තාත්ත සහ මල්ලීත් ලොකු කැප කිරීමක් මා වෙනුවෙන් කළා කියලයි.

ඒ සියලුම දේවල් දිහා සුරංග ආදරයෙන් බලාගෙන හිටියා කියල කියන ඇය කියන්නේ තාත්තා නැති උනාට පස්සේ ඒ නැවතුණු අත්වැල සුරංග බාරගත්තා කියලයි.

මේ අතර ඒ සියලූ වගකීම් මෙයා සතුටින් බාර අරගෙන කළා කියල කියන ඇය පුතාලා දෙන්නා හම්බ උනහම මගේ ගායන ලෝකය තව තවත් සාර්ථක වුණා ගීතත් වඩාත් ජනප්‍රිය වුණා කියලයි පවසන්නේ.

ඒ වගේම මගේ සැමියා සරසවි උපාධිධාරියෙක් ලෙස උපාධිය ලබා ගත්තා විද්‍යා විෂය දහරාවෙන් කියල කියන ඇය පස්සේ එයා ඊට සම්බන්ධ අංශයක වගකිවයුතු වෘත්තියක නියැලුනා කියලයි කියන්නේ.

නමුත් මගේ කටයුතු වෙනුවෙන් කාලය කැප කරන්න ඕන නිසා එයා ඒ රස්සාවත් මා වෙනුවෙන් පූජා කළා කියල කියන ඇය සුරංග මං වෙනුවෙන් ඒ වගේම දරුවන් වෙනුවෙන් කැප වූ අපූරු සැමියෙක් කියලයි කියන්නේ.

මේ අතර මගේ අම්මා තාත්තා දරුවෝ බලාගන්නවා තමයි ඒත් මගේ සංගීත කටයුතු වලදීත් මාව එක්ක යමින් සියලු රැකවරණය ලබා දෙන්නෙ මගේ සැමියායි කියන ශෂිකා කියන්නේ ඊට වඩා සතුටු දෙයක් තවත් කොහෙන්ද කියලයි.

ඉතින් ඒ විදිහට අදහස් දක්වපු ඇගේ ඒ සුන්දර ජීවිතය ඇයට ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ගතකරන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.