Online News

Gossip Lanka News Official

තෙවන වරටත් මව් පදවිය ලැබූ දේවාලයේ කපු මහතෙකු සමගින් විවාහවු ජනප්‍රිය නිලි භාග්‍යා ගුරුසිංහගේ ආදරණීය කැදැල්ල

මීට වසර ගණනාවකට ඉහතදී ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි භාග්‍යා ගුරුසිංහ කියලා කියන්නේ

. ඇත්තෙන්ම ඇයව අපට මෙරට කලා ලෝකය තුළ හිටපු කටකාර දඟකාර දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් ලෙසත් හදුන්වන්න පුලුවන්.

ඒ කොහොම වෙතත් වර්තමානය වෙද්දී මේ සුන්දර රංගන ශිල්පිනිය කලා කටයුතුවලින් ඉවත්වෙලා තිබෙනවා. ඇත්තෙන්ම ඒ බව මේවෙද්දී නොදන්න කෙනෙකු නැති තරම්.

කොහොම නමුත් භාග්‍යා මේවෙද්දී විවාහකයි. ඇය විවාහවෙන්නේ පියුෂාන් රත්නායක කියන කතරගම දේවාලයේ කපු මහතෙකු සමගිනුයි.

කොහොමහරි ඉතින් මේවෙද්දී ඇය හුරතල් දඟකාර පුතුන් දෙදෙනෙකුගේ සහ පුංචි දියණියකගේ ආදරණීය මවක්. විවාහයෙන් පස්සේ මව් පදවිය ලැබීමත් සමගම ඇය කලාවෙන් සමු ගැනීමටයි තීරණය කරන්නේ. නමුත් ඇයට එදා හිමිවුන ඒ ප්‍රේක්ෂක ආදරය අදටත් එලෙසින්ම පවතින බව නොරහසක්.

ඒ කොහොම වෙතත් මේවෙද්දී ඉතාමත් ආදර්ශමත් ලෙස විවාහ ජීවිතයක් ගතකරන පියුෂාන්ගෙයි, භාග්‍යාගෙයි ආදර කතාවට මංපෙත් විවර වෙලා තියෙන්නේ පියුෂාන්ගේ ඔබේ නීල නෙත් මාගේ කියන මියුසික් වීඩියෝව හරහාලු.

මේ අතර ඇය කියන හැටියට මේ මියුසික් වීඩියෝවේ රංගනයේ යෙදෙද්දී තමයිලු ඇයට පියුෂාන්ව හම්බවෙලා තිබෙන්නේ.

මේ අතර භාග්‍යා කියන හැටියට ඇයට පියුෂාන් ගැන ආදරයක් ඇතිවෙලා තියෙන්නේ ඔහු ඇයට අරගෙන දුන්නු පීසා එකක් නිසාලු.

ඒ කොහොම වෙතත් මේ වෙද්දී දරුවන් තිදෙනෙකුගේම ආදරණීය මවක් වන මේ සුන්දර රංගන ශිල්පිනියගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප කිහිපයක් තමයි අද අපි මේ විදිහට අරගෙන එන්නට හිතුවේ.

ඒත් එක්කම භාග්‍යාගේ මේ සුන්දර කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරන අතරම ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට ඇයට වාසනාව ධෛර්යය ලැබේවා කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.