Online News

Gossip Lanka News Official

“මගේ ආදරණීය කඩවසම් පැටියට සුබම සුබ උපන්දිනයක් වේවා” මේනකගේ උපන්දිනයට නෙහාරා එක් කළ ආදරණීය සටහන

වර්තමානය වනවිට අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියල කියන්නේ.

මේ අතර ඇයව අපට සමාජ ජාලා මාධ්‍යය තුළත් නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක් ලෙස හදුන්වන්න පුලුවන්. මෙරට කලා ක්ෂේත්‍රය තුළම ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පියෙකු වන මේනක රාජපක්ෂ මහතා සමගින් විවාහවෙන නෙහාරා මේවෙද්දී ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරනවා.

ඒ කොහොම වෙතත් කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන මේ යුවළගේ ආදරණීය පුංචි කැදැල්ලේ සතුට දෙගුණ තෙගුණ කරමින් මේවෙද්දී හුරතල් ලස්සන දියණියක් එකතුවෙලා තිබෙනවා. ඉතින් ඒ බව මේවෙද්දී ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්.

කොහොමහරි ඉතින් මුතු කිරිල්ලී ටෙලි නිර්මාණය හරහා රටේම ආදරය සහ ආකර්ෂණය දිනාගත් ඇය කාලයක් රංගනයෙන් ඉවත්වෙලා සිටියා.

ඉතින් එලෙස කාලයක් කලා ක්ෂේත්‍රය තුළින් අපට දැනගන්නට නොලැබුන ඇය පහුගිය දවස්වල නැවත වරක් පුංචි තිරය හරහා අපට දැකගන්නට ලැබුණා.

මේ විදිහට නැවතත් නෙහාරා ප්‍රේක්ෂකයින් අතරට එන්නේ මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ ගුග්ලි ටෙලි නිර්මාණය ඔස්සේයි.

කොහොම වෙතත් නෙහාරා නම් කියන්නේ රංගනය කියන්නේ මගේ ජීවිතය නෙවෙයි කියලයි. ඒ වගේම මට පවුල් ජීවිතය අංක එක කියලයි ඇය පවසන්නේ.

ඒ කොහොම වෙතත් ක්ෂේත්‍රයට පැමිණි මුල් අවධියේම ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම යාමට තරම් නෙහාරා වාසනාවන්ත වන අතර සම්මාන උළෙලවල් වලදී සම්මාන 13ක් පමණ ලබාගැනීමට මේවෙද්දී ඇයට හැකියාව ලැබිල තිබෙනවා. ඉතින් ඒ නිසාම ඊට වඩා රංගනයෙන් ළඟා කරගත දේවල් මට ඉතුරුවී නැහැ කියලා තමයි නෙහාරා කියන්නේ.

කෙසේවෙතත් නෙහාරාගේ ආදරණීය සැමියා මේනක රාජපක්ෂගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් නෙහාර අපූරු ආදරණීය සටහනක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කිරීමටයි කටයුතු කර තිබුනේ. එලෙස සටහනක් එක් කරමින් ඇය කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

” මගේ ආදරණීය කඩවසම් පැටියට සුබම සුබ උපන්දිනයක් වේවා. ඒ වගේම ඔබට සුබ දවසක් වේවා. ඒ වගේම දෙවියන්ගේ ආශීර්වාදය ඔබට සැම විටම ලැබේවා. ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම කෙනා. ඉතින් මන් ඔයාට ගොඩක් ආදරෙයි” කියලයි.

කොහොමහරි මේ විදිහට තමයි නෙහාරා සිය ආදරණීය සැමියාගේ උපන්දිනයට සුභපැතුම් එකතු කර තිබුනේ. ඉතින් මේ විදිහට ඊයේ දිනට උපන්දිනය යෙදී තිබුණු මේනක රාජපක්ෂට අපිත් සුභපැතුම් එකතු කරන අතරම මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.