Online News

Gossip Lanka News Official

“ලතාවක් සේ වෙලී සියොළඟ පතමි රැකවරණය ඔබෙන්, ආදරෙයි සුරේන්ද්‍ර” අශිකා මතසිංහ

මේවෙනකොට ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි අශිකා මතසිංහ කියලා කියන්නේ.

කොහොම වෙතත් වෙළඳ දැන්වීම් හරහා මෙරට ජනයා අතර ජනප්‍රියත්වයට පත්වන ඇය ඉතාමත් කෙටිකාලයක් තුළ විවිධාකාර චරිතය නිරූපණය කිරීමට සමත්වෙනවා.

කෙසේවෙතත් අශිකා මේවෙද්දී විවාහකයි. ඇය විවාහවෙලා මේවෙනකොට වසර දහ තුනක් සම්පූර්ණ වෙලා තිබෙනවා. ඉතින් මේවෙද්දී ආදර්ශමත් විවාහ ජීවිතයක් ගතකරන ඇය දරුවන් තුන්දෙනෙකුගේ ආදරණීය මවක්.

මේ අතර ඇගේ ආදරණීය සැමියා ගුවන් හමුදාවේ සේවය කරන බවත් මේවෙද්දී ලංකාවේ හැමෝම වගේ දන්නවා.

කෙසේවෙතත් අශිකා දරුවන් තිදෙනෙකුගේ මවක් වුවත් ඇගේ සුන්දර බවේනම් කිසිම අඩුවක් වෙලා නැහැ. ඉතින් ඒ ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ ලස්සන වෙන්න නම් කරුණාව දයාව සහිත හදවතක් තියෙන්න ඕනේ කියලයි. ඒ වගේම හදවත පිරිසිදු වුණාම මුහුණත් ලස්සන වෙනවා කියලයි ඇය පවසන්නේ.

මේ අතර මම මෙච්චර ලස්සන වෙන්න බලපාපු තව කාරණාවක් තියෙනවා කියල කියන ඇය මතකද ඉස්සර අපිට අපේ වැඩිහිටියන් කියපු කතාවක් ලස්සන මල් ගොඩාක් බුදු හාමුදුරුවන්ට පූජා කළාම ලස්සන වෙනවා වගේම ලස්සනවෙලා ඉපදෙනවා කියල කියලයි කියන්නේ.

තවද මම පුංචි කාලේ ලස්සන මල්වට්ටියක් හදලා බුදුහාමුදුරුවන්ට පූජා කරලා ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කළා කියලයි ඇය පවසන්නේ.

ඉතින් ඒ වගේම මගේ ස්වාමිපුරුෂයත් මාව ඕනම තැනකට යද්දී ලස්සනට හැඩට එක්කරගෙන යන්න ගොඩක් කැමතියි කියන ඇය කියන්නේ එහෙම ගියාම මගේ සැමියාගේ යාළුවන්, ඥාතීන් මගේ ලස්සන ගැන වර්ණනා කරනවා අහන්නත් ඔහු ගොඩක් කැමතියි කියලයි.

ඒ කොහොම වෙතත් මේ විදිහට සුන්දර පෙනුමකට හිමිකම් කියන ඇය පහුගිය දවසක සිය ආදරණීය සැමියත් සමගින් එක්වෙලා ඔවුන්ගේ විවාහ සංවත්සරය සමරලා තිබෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ විදිහට සිය විවාහ සංවත්සරය සැමරූ අශිකා ඇගේ සාමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට ඔවුන්ගේ ආදරණීය ඡායාරූපයක් එකතු කරමින් ප්‍රේමනීය සටහනක් එකතු කර තිබුණා.

ඉතින් එලෙස ජායාරූපයක් එක් කරමින් ඇය කියල තිබුනේ ” ලතාවක් සේ වෙලී සියොළඟ පතමි රැකවරණයට ඔබෙන්. ආදරෙයි සුරේන්ද්‍ර. සුබ විවාහ සංවත්සරයක් වේවා” කියලයි.

කොහොමහරි ඉතින් මේ විදිහට සිය විවාහ සංවත්සරය සමරන මේ යුවළට සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා කියල අපිත් සුබ පැතුම් එකතු කරනවා.