Online News

Gossip Lanka News Official

“ඒ කලකිරීම නිසා රට දාලා යන්න පවා හිතුනා, ඒක නිසා මම පුදුම විදියට මානසිකව වැටුණා” අයෝමි

මෙරට කලා ක්ෂේත්‍රය තුළ කාලයක් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගමන් කළ සුන්දර රංගන ශිල්පිනියක් තමයි අයෝමි ශානිකා කියන්නේ. ඇත්තෙන්ම ඇයව අපට මෙරට ජනයා බොහෝ ලෙසින් ආදරය කළ අහිංසක වගේම නිහතමානී රංගන ශිල්පිනියක ලෙසත් හදුන්වන්න පුලුවන්.

කොහොම වෙතත් මේ සුන්දර චරිතය මේවෙද්දී අපට කලා ලෝකය තුළ දැකගන්නට නොලැබෙන අතර ඇය ආයුර්වේද වෛද්‍යවරියක ලෙස කටයුතු කරන බවයි අපට දැනගන්නට ලැබුණේ.

ඉතින් මේවෙද්දී ආයුර්වේද වෛද්‍යවරියක ලෙස කටයුතු කරන ඇය ඒ පිළිබඳ අදහස් දක්වමින් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්.

මට මෙඩිකල් යන්න ලකුණු ටිකක් මදි වුනා කියන ඇය කියන්නේ ඒක නිසා මම පුදුම විදියට මානසිකව වැටුණා කියලයි. ඒ කලකිරීම නිසා රට දාලා යන්න පවා හිතුනා කියල කියන අයෝමි කියන්නේ ඒ වෙලාවේ මගේ මාමා තමයි මට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වටිනාකම කියලා දුන්නේ කියලයි.

ඒ වගේම ආයුර්වේදය කියන්නේ පුදුම දෙයක් කියන ඇය කෙටියෙන්ම කියනවනම් ආයුෂ වැඩිකරන විද්‍යාවක් කියලයි පවසන්නේ.

තවද පස්සේ තමයි මට තේරුනේ එදා අරවගේ පසුතැවීමක් ඇතිවුනේ ආයුර්වේදය පිලිබඳ තිබ්බ වැරදි මතය නිසා කියල කියන ඇය දැන් ගොඩක් අය මේකේ වටිනාකම අඳුරගෙන තියෙනවා කියලයි පවසන්නේ.

මේ අතර දැන් ගොඩක් ළමයි ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්නේ කොහොමද කියලා මට කතා කරලා අහනවා කියන ඇය කියන්නේ බටහිර විද්‍යාව ගොඩක්ම දියුණුයි කියලයි.

තවද සැත්කම් පවා සිදුකරනවා කියල කියන ඇය කියන්නේ හැබැයි නිදන්ගත රෝග, මදසරුබාවයට ගොඩක්ම පලදායි ප්‍රතිකර්ම තියෙන්නේ ආයුර්වේදයේ කියලයි.

ඒ නිසා ආයුර්වේදය සහ බටහිර විද්‍යාව බෙදීමක් නැතිව තේරුම් ගන්න පුලුවන්නම් එක තමයි වටින්නේ කියන ඇය ඇගේ කලා දිවිය ගැනත් අදහස් දක්වමින් මම මහා ගොඩක් ටෙලිනාට්‍යවල රඟපාපු නිලියක් නෙවෙයි කියලයි කියන්නේ.

මේ අතර මම රඟපාපු ‘සුදු නංගි’ කියන චරිතය ගොඩක් ජනප්‍රිය වුනා කියල කියන ඇය ගොඩක් අය මට තාම කතාකරන්නේ සුදු නංගි කියල කියලයි ඇය කියන්නේ.

මම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න කාලේ මේක ඉගනගන්න එක අත්හැරලා රඟපාන්න කියලා ගොඩක් අය කිව්වා කියන ඇය කියන්නේ මට එහෙම ප්‍රසිද්දියක් ඕන වුනේ නැහැ කියලයි.

ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇය අවසාන වශයෙන් කියා සිටියේ දැන් මම රඟපානවා නම් රඟපාන්නේ මගේ තෘප්තියට විතරයි කියලයි.

කොහොම වෙතත් කාලයක් අපට ක්ෂේත්‍රය තුළින් දැකගන්නට ලැබුණු ඇයට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.