Online News

Gossip Lanka News Official

“මේවෙද්දී මගේ විවාහය සැලසුම් කරගෙන යනවා” විවාහයට සැරසෙන ලංකාවේ කලීෆා ටනාෂා

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ නිරූපිකාවක ලෙස මෙන්ම රංගන ශිල්පිනියක ලෙසත් අතිශය ජනප්‍රියත්වයට පත් සුන්දර තරුණියක් තමයි ටනාෂා හතරසිංහ කියල කියන්නේ. මේ අතර ඇයව අපට මේවෙද්දී මෙරට බොහෝ පිරිසකගේ ආදරය දිනාගෙන ඉන්න චරිතයක් ලෙසත් හදුන්වන්න පුලුවන්.

කෙසේවෙතත්” නීල පබළු” ටෙලි නාට්‍යයට සිය රංගන දායකත්වය ලබා දීමත් සමගම ඇයට මෙරට ජනයාගෙන් හිමිව තිබුණු ජනතා ආකර්ෂණය තව තවත් වැඩිවෙන්න පටන් ගත්තා.

කොහොම වෙතත් මේ යොවුන් රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා ඇගේ ජීවිතයේ අලුත්ම තොරතුරු ගැන කතාබහ කරල තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි අපේ නංගිලා තුන්දෙනයි කියන ඇය කියන්නේ මම තමයි වැඩිමලා කියලයි. ඒ විතරක් නොවෙයි කෙල්ලෝම හතරක් තමයි අපේ පවුලේ ඉන්නේ කියන ඇය කියන්නේ අම්මා ආශා තුෂාරි, තාත්තා රුවන් චින්තක කියලයි.

මේ විදිහට අදහස් දක්වපු ඇය සිය සහෝදරියන් තිදෙනා සමගින් ගත කෙරුණු ළමා කාලය ගැන සිහිපත් කරමින් කියන්නේ ඒ කාලෙනම් හරිම සුන්දරයි කියලයි.

මේ අතර තාමත් එහෙමම තමයි කියන ඇය කෙල්ලෝම හතරදෙනෙක් ඉන්න නිසා අපි හතර දෙනා දැක්කම සමහර අය රන්ඩු වෙන්නේ නැද්ද කියලා අහනවා කියලයි පවසන්නේ.

ඉතින් ඇත්තටම අපි රන්ඩු වෙනවා ගොඩක්ම අඩුයි කියන ඇය කියන්නේ අපි පොඩි කාලේ රන්ඩු කරන්නෙම නැහැ කියල අම්මත් කියනවා කියලයි.

ඒ වගේම අපි හතරදෙනාටම මොකක් හරි ප්‍රශ්නයක් වෙනවනම් අපි කතා කරන්නේ අම්මා එක්ක කියලයි ඇය කියන්නේ. මේ අතර ඇගේ නිර්මාණ වලට නංගිලා ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන අදහස් දක්වමින් නංගිලා තමයි මගේ හොඳම රසිකාවියෝ කියලයි ඇය කියන්නේ.

එයාලා රගපාද්දී මගෙන් වෙන වැරදි අඩුපාඩු පෙන්නලා දෙනවා කියන ඇය එයාලා නාට්‍ය බලලා අපරාදේ ඔයාට එතන මේ විදියට කරන්න තිබ්බා කියල මට උපදෙස් දෙනවා කියලයි කියන්නේ.

මේ අතර මගේ රංගන ජීවිතේ සාර්ථක කරගන්න ගොඩක්ම උදවු කලේ මගේ නංගිලා තුන්දෙනා කියලයි ඇය පවසන්නේ.

කොහොම වෙතත් සුන්දර තරුණියක වන ඇය මේවෙද්දී විවාහ වන වයසේ තමයි පසුවෙන්නේ. මේ අතර ඇගෙන් බොහෝදෙනෙකු අහන ප්‍රශ්නයක් තමයි මැරී කරන්නේ කවද්ද කියන ප්‍රශ්නය.

ඉතින් මේ සාකච්ඡාව අතරතුර ඇය ඊට පිළිතුරු ලබා දෙමින් කියන්නේ මේවෙද්දී මගේ විවාහය සැලසුම් කරගෙන යනවා කියලයි.

ඒ විතරක් නොවෙයි මේවෙද්දී ඇය පෙම්වතා එක්ක එකතුවෙලා දිනත් තීරණය කරල තිබෙනවා කියලයි අපටනම් ආරංචි වෙන්නේ. කොහොම වෙතත් මෙරට බොහෝදෙනෙකු ටනාෂාව හදුන්වන්නේ ලංකාවේ මියා කලීෆා කියලයි.

ඉතින් ඊට පිළිතුරක් ලබා දෙමින් ඇය කියන්නේ ”මෙහෙමයි මම මියා කලීෆා ෆලෝ කරන්නේ නෑ, එයා ලස්සනයි මම ආසයි එයාට” කියලයි.