Online News

Gossip Lanka News Official

“චතුරිකා අම්මා කෙනෙක් වෙන්න යනවා කියන සුභ ආරංචි අහපු දවසේ පටන් අපි රෑට පිරිත් අහන්න පුරුදු වුණා” ගයාන්

මෙරට කලා කෙත පෝෂණය කරන රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂ වගේම ප්‍රවීණ රංගන ශිල්පියෙකු තමයි ගයාන් වික්‍රමතිලක කියන්නේ.

මේ අතර රංගන ශිල්පියෙකු ලෙස අති විශාල ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න ඔහු කලකට ඉහතදී දේශපාලන වේදිකාව තුළත් කැපී පෙනුනු චරිතයක් බවට පත්වුණා.

ඒ කොහොම වෙතත් දේශපාලනික වශයෙන් මෙරට සිදුවන වංචා සහගත වැඩපිළිවෙළ විවේචනය කරමින් ජනතාවට සිදුවන අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිමට ඔහු මේ කාලේ තීරණය කරලා තියෙනවා.

මේවෙද්දී කලා කරුවෙකු ලෙස ජනතාව වෙනුවෙන් සුවිශේෂ කැපකිරීමක් සිදුකරන ඔහු සිය කලා ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් සමබරව අරගෙන යනවා.

කෙසේවෙතත් ගයාන් ගැන කතා කරනවානම් ඔහු මේවෙද්දී විවාහකයි. ඔහු විවාහවෙන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළම ජනප්‍රියත්වයට පත් චරිතයක් සමගයි. ඇය තමයි රංගන ශිල්පිනී චතුරිකා පීරිස්.

කොහොම වෙතත් ඇයත් සමගින් විවාහවෙන ඔහු මේවෙද්දී සුන්දර විවාහ ජීවිතයක් ගත කරන අතර ඔවුන්ගේ කැදැල්ලේ සතුට තව තවත් වැඩි කරමින් ඔවුන්ගේ පවුලට ආදරණීය දියණියක් එකතු වුණා.

ඇය නමින් ආරාධනා. ඇත්තෙන්ම කලා ක්ෂේත්‍රය තුළ ඉන්න නිහතමානී චරිතයක් වන ගයාන් දරුවන්ට හරිම ආදරය කරන චරිතයක්. ඒ නිසාම ආරාධනා චතුරිකාගේ කුසට ආපු දවසේ ඉඳන් ගයාන් කිව්වේ කවුරු ඉපදුනත් ඔහු ආදරයෙන් බාර ගන්නවා කියලයි.

ඒ වගේම කුසේ ඉන්න දියණියක් කියලා දැනගත්තු දවසෙ මගේ හිතට ලොකු වගකීම් රැසක් දැනුනා කියල කියපු ඔහු කියල තිබුනේ ඒ සතුට වචනවලින් විස්තර කරන්නත් බැහැ කියලයි.

මේ අතර එක්තරා අවස්ථාවක දී ගයාන් කියනවා තමන්ගේ ආදරණීය දුව චතුරිකා වගේ වෙනවා නම් මම ගොඩක් කැමතියි කියලා.

ඊට හේතුව හැටියට ඔහු කියන්නේ ඇය එතරම්ම මහා ගුණකඳක් තියෙන සුන්දර චරිතයක් විදිහට ඔහු දකිනවා කියලයි. ඒ කොහොම වෙතත් දරුවා කුසට ආපු දවසේ ඉඳන් චතුරිකා කන්න ආස කරලා තියෙන්නේ ගයාන්ගේ අතින්ම හදන කෑම විතරයි. ඉතින් ඇය ඒ දවස්වල හරිම ආසාවෙන් තමයි ගයාන්ගේ අතින් හදන කෑම ටික කාලා තියෙන්නේ.

කොහොමහරි ඉතින් පෝෂ පදාර්ථ වලින් අනූන භෝජන චතුරිකාට ලබා දෙන්නයි ඒ කාලසීමාවේදී ගයාන් කටයුතු කර තිබුනේ. සාමාන්‍යයෙන් දරුවෙක් බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙක් ආධ්‍යාත්මිකව ඒ සඳහා සූදානම් වෙනවා.

ඉතින් ඔවුන් දෙදෙනාත් ඒ වෙනුවෙන් ඒ විදිහටම සූදානම් වෙලා. ඒ සූදානම ගැන ගයාන් කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි.

“දරුවා ලැබෙන්න ඉන්න කාලසීමාව තුළදීම මාසෙකට එකපාරක් හෝ දෙවතාවක් අපි දෙන්නම එකතු වෙලා එක දිගට බෝධි පූජා තිබ්බා. ඒ වගේම චතුරිකා අම්මා කෙනෙක් වෙන්න යනව යි කියන සුභ ආරංචි අහපු දවසේ පටන් අපි රෑට පිරිත් අහන්න පුරුදු වුණා.

ඒ වගේම බබා කුසේ ටික ටික වැඩෙනකොට පිරිත් වලට චලනයන්ගෙන් කුසේ දීම ප්‍රතිචාර දක්වනවා. ඉතින් විද්‍යාත්මකව පවා සොයාගෙන තියෙනවා මේ සිතිවිලි වල ඇති ප්‍රබලත්වය ගැන.

ඒ වගේම ගන්න හුස්මක් පාසා ම කුසේ වැඩෙන දරුවාට මං ආශිර්වාද කරනවා. සිතුවිල්ලකින් කරන ආශිර්වාදයත් හරිම ප්‍රභලයි.” කියලයි.

ඉතින් දියණිය මේ ලෝකෙට එන්න කලින් ඔවුන් සූදානම් වු ආකාරය ගැන ඔහු පුවත්පත් සාකච්ඡාවක් අතරතුර කියල තිබුනේ මෙලෙසයි.

කොහොම වෙතත් මේවෙද්දී සිය දියණිය සහ බිරිඳ සමගින් සුන්දර ජීවිතයක් ගතකරන ඔහුගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.