Online News

Gossip Lanka News Official

“ඒ ගැන මට අප්‍රමාණ සතුටක් තියෙනවා, මාසෙකට එක වතාවක් වගේ මම දායකවුණු වීඩියෝවක් එළි දක්වනවා”

මේවෙනකොට ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශෂී ඇන්ජලීනා කියල කියන්නේ.

ඇත්තෙන්ම මේවෙද්දී කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත් ඇය රුවන් හෙට්ටිආරච්චිගේ ‘නොදැක ඉන්න බෑ’ ගීතයෙන් අතිවිශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනාගනිමින් තමයි කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ.

ඒ කොහොම වෙතත් මියුසික් වීඩියෝ අතරින් වැඩිම සංඛ්‍යාවකට නිරූපණයෙන් දායක වූ නිරූපණ ශිල්පිනියක් ලෙසත් අපට ඇයව හදුන්වන්න පුලුවන්. ඉතින් ඒ විදිහට මියුසික් වීඩියෝ හරහා අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබුණු ඇය මේ වනවිට පුංචි තිරය ඔස්සේද අපට දැකගන්න ලැබෙනවා.

මේ රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමගින් එක්වෙලා ඇගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ඇය කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

ඉතින් 2020 රයිගම් ටෙලීස් සම්මාන උළෙල නැගී එන නිළියට හිමි සම්මානය දිනාගන්නට තරම් වාසනාවන්ත වු ඇය කියන්නේ ඒ ගැන මට අප්‍රමාණ සතුටක් තියෙනවා කියලයි.

තවද මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ වෙද්දී අවුරුදු 10ක් වෙනවා කියන ඇය ඒ අවුරුදු 10 ඇතුළත මේ වගේ වටිනාකමක් ලැබීම ලොකු දෙයක් කියලයි පවසන්නේ.

මේ අතර හීනයක් සැබෑ වුණා වගේ මගේ හිතට දැනෙනවා කියල කියන ඇය මට මේ සම්මානය ලැබුණේ සාලින් ද රත්නායක අධ්‍යක්ෂවරයාගේ පෝර්ක් වීදිය ටෙලිනාට්‍ය වෙනුවෙන් කියලයි කියන්නේ.

එය අපේ සැබෑ ජීවිතේ හා ගැටුණු කතාවක් බව කියන ඇය ඒ නිර්මාණය වෙනුවෙන් ලොකු ප්‍රේක්ෂක පිරිසක් ඇයට එකතුවෙලා හිටියා කියලයි කියන්නේ.

ඒ වගේම එහි මගේ චරිතය වුණේ මන්දාකිණි කියන චරිතය කියල කියන ඇය ඒ චරිතය ගොඩක් දෙනෙක් ආදරෙන් වැළඳ ගත්තා කියලයි පවසන්නේ.

මම මේ වෙද්දී මියුසික් වීඩියෝ 250කට අධික සංඛ්‍යාවකට වගේ දායකවෙලා තියෙනවා කියන ඇය ක්ෂේත්‍රයට එන්නෙත් ඒ හරහා කියලයි කියන්නේ.

කොහොම නමුත් තවමත් මට වීඩියෝවලට කරන ආරාධනාවල නම් අඩුවක් වෙලා නැහැ කියන ශෂී කියන්නේ මාසෙකට එක වතාවක් වගේ මම දායකවුණු වීඩියෝවක් එළි දක්වනවා කියලයි.

ඒ විතරක් නොවෙයි මම දැන් අවුරුදු 6 ක් විතර දෙරණ නාලිකාවේ නිවේදිකාවක් විදියට වැඩ කරනවා කියලයි ඇය පවසන්නේ.

ඒ වගේම ස්වර්ණවාහිනියෙන් වැඩසටහන් කිහිපයකටත් සම්බන්ධ වෙලා වැඩ කරගෙන ගිය බව කියන ඇය පසුගිය කාලේ වසංගත තත්ත්වයත් එක්ක ඒ ගොඩක් දේවල් නැවතුණා කියලයි කියන්නේ. නමුත් දැන්නම් එක් එක් උත්සව ඇතුළු වැඩසටහන්වල නිවේදන කටයුතු කරගෙන යනවා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම මම මේ ආපු ගමන් මගේ කවදාවත්ම මට රසික ආදරේ බිඳක්වත් අඩු වුණේ නැහැ වැඩි වුණා විතරයි කියන ඇය අද කොහේ ගියත් දැන හඳුනගෙන ගොඩක් දෙනෙක් මගෙත් එක්ක කතාබහ කරනවා කියලයි කියන්නේ. මේ අතර ඇය අවසාන වශයෙන් කියන්නේ ඒ ප්‍රතිචාර ඒ ආශිර්වාදයන් මගේ මේ ගමනට ලොකු ශක්තියක් කියලයි.