Online News

Gossip Lanka News Official

“මම වාහනේ යනගමන් සැලියුට් එකක් ගහලා හායි ශාරුක් කියලා කිව්වා” නිල්මිණි කෝට්ටේගොඩ

මේවෙනකොට ලාංකිකයන් හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්න ජනප්‍රිය වගේම ප්‍රහසන රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි කෝට්ටේගොඩ කියල කියන්නේ.

ඇත්තෙන්ම රංගන ශිල්පිනිය ලෙස මේවෙද්දී නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදෙන ඇයට ඉතාමත් කෙටි කාලයක් තුළ ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

කොහොම වෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙමින් ඇගේ වර්තමාන ජීවිතය ගැන වගේම රංගන ජීවිතය ගැනත් කතාබහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් එහිදී ඇය සිය වර්තමාන ජීවිතය ගැන අදහස් දක්වමින් කියන්නේ මේ දවස්වල මට කළා කටයුතුවල වැඩ ටිකක් තියෙනවා කියලයි.

ඒ වගේම නිර්මාණ කිහිපයකටම මට ආරාධනා ලැබුනා කියන ඇය කියන්නේ දැන් බාර අරගෙන ඉන්න නාට්‍ය වල ෂූටින් යනවා කියලයි.

ඉතින් මේ පුවත්පත් සාකච්ඡාව අතරතුර ඇගෙන් නොහිතපු වෙලාවක ඔබ මේ කළා ලෝකයෙන් ප්‍රතික්ෂේප උනොත් මොකද කරන්නේ කියල අහනවා.

ඊට පිළිතුරු ලබා දෙමින් ඇය ඒ වෙලාවේ කියන්නේ මෙහෙමයි මට කීයටවත් හිතෙන්නේ නෑ කවමදාවත් මම කළා ලෝකයෙන් කලාවෙන් ප්‍රතික්ෂේප වෙන එකක් නෑ, ඒක සහතිකයි, මම ජීව්වත් වෙලා ඉන්නකන් මම කලාව එක්ක ඉන්නවා.

කලාව කියන්නේ මගේ නහරත් එක්ක බද්ද වෙලා ඉන්නේ. කලාව මට නැතිවුණොත් මමත් නැති වේවි කියලයි මට හිතෙන්නේ. මම පෞද්ගලිකව මේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කිසිම කෙනෙකුට හානියක් කරලා නැහැ. ඒ නිසා මට එහෙම වෙන එකක් නෑ” කියලයි.

කොහොම වෙතත් මෙරට බොහෝදෙනෙකු මේවෙද්දී රටේ වර්තමාන තත්ත්වයත් එක්ක විදෙස් රටවල රැකියාවන් සදහා යාමට පෙළඹිලා තියෙනවා.

ඉතින් ඇගෙනුත් මේ සාකච්ඡාව අතරතුර අහන ප්‍රශ්නයක් තමයි නිල්මිණිට වෙන රටක හොඳ වැටුපක් තියෙන ජොබ් එකක් ලැබුනොත් මේ රට දාලා යනවද කියන ප්‍රශ්නය. ඊට පිළිතුරු ලබාදෙමින් ඇය කියන්නේ

”මෙහෙමයි හොඳ පටුපක් එක්ක හොඳ රැකියාවක් ලැබුනොත් මම මේ රට දාලා යනවා හැබැයි සදහටම නෙවෙයි මම ගිහින් ඒ රැකියාව කරලා ආයෙමත් මේ රටට එනවා කීයක්හරි හොයාගෙන, මට මේ රට දාලා යන්න පුළුවන් උනාට ගිහින් ඉන්න බෑ මොකද මම මගේ රටට ගොඩක් ආදරෙයි” කියලයි.

ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇගෙන් අවසාන වශයෙන් අහන ප්‍රශ්නයක් තමයි ඉන්දීය සිනමාවේ රජු වන ශාරුක් කාන් මුණගැහිලා කතා කරා නේද කියන ප්‍රශ්නය. ඊට පිළිතුරු වශයෙන් ඇය කියන්නේ

”කියන්න ලැජ්ජයි මේ කතාව, මෙහෙමයි මම මගේ වාහනෙන් යනකොට ශාරුක් ඛාන් එනවා ෂර්ට් එකකුත් නැතුව ඇඟේ සික්ස් පැක් එහෙම තියෙනවා. හරිම කඩවසම් මට හිතාගන්න බැරි වුනා, ඉතින් මම වාහනේ යනගමන් සැලියුට් එකක් ගහලා හායි ශාරුක් කියලා කිවුවා.

එහෙම කියලා මම දන්නා බාසාවෙන් කිව්වා එන්න ඇවිත් වාහනේට නගින්න කියලා, පිටිපස්ස හැරිලා ඉඳලා එයා මගේ පැත්තට හැරෙද්දී තමයි එක පාරටම වෙනස් වුනා මාරම හීනයක් තමයි ඒක, අනේ මට ඒ වගේ හීන නිතරම පේනවා ඒක සාමාන්‍ය දෙයක් හැබැයි ශාරුක්ව හීනෙන් දැක්කේ පලවෙනි පාර” කියලයි.