Online News

Gossip Lanka News Official

“ගුරු වෘත්තිය වෙතින් මා ලබන ඉහළම දේ මේ ලෝකෙ කොතැනක ගියත් මගෙන් ඉගෙන ගත් දරුවෙකු හමුවීමයි”

ලංකාවේ කොයි කවුරුත් හොදින්ම හදුනන ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙකු තමයි ප්‍රියන්ත සෙනෙවිරත්න කියල කියන්නේ.

මීට වසර කිහිපයකට උඩදී කලාවත් සමගින් එක්වෙමින් පුංචි තිරයේ විවිධ නාට්‍ය හරහා අති විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට ඔහුට හැකිව තිබෙනවා.

කොහොම වෙතත් නිරන්තරයෙන්ම හාස්‍ය උත්පාදක චරිත හරහා මෙරට ප්‍රේක්ෂකයන් හමුවට එන ඔහුට පබළු ටෙලි නාට්‍යයේ බෙනා මාමා කියන චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගන්නවා.

ඒ විතරක් නොවෙයි වේදිකාව පුංචි තිරය වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය එකසේ ජයගත්තු ඔහු මේවෙද්දී වැඩසටහන් නිවේදක වරයෙකු ලෙසත් කටයුතු කරනවා.

ඉතින් මේ ප්‍රවීණ රංගන ශිල්පියා ගැන කියනවානම් ඔහු වෘත්තිමය වශයෙන් තවත් රැකියාවක් කරන අතරතුර තමයි මේ විදිහට කලා ක්ෂේත්‍රයත් සමගින් එක්ව කටයුතු කරන්නේ.

කොහොම වෙතත් මෙරට බොහෝදෙනෙකු ඔහුව විකට රංගන ශිල්පියෙකු ලෙස හදුනා ගත්තත් ඔහුගේ වෘත්තිමය ජීවිතේ ගැන දන්නේ නැහැ.

ඉතින් මේවෙද්දී රංගන ශිල්පියෙකු ලෙස රටම හදුනන ඔහු එක්තරා අවස්ථාවකදී පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව ඔහු කරන ඒ ගෞරවනීය රැකියාව පිළිබඳ අදහස් දක්වලා තිබුණා. මේ සාකච්ඡාව අතරතුර ඔහු කියල තිබුනේ මෙන්න මේවගේ කතාවකුයි.

“වෘත්තියෙන් මම ගුරුවරයෙක්. මගේ විෂය වන්නේ නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ළමුන්ට ඒ විෂය උගන්වනවා. මාගේ ගුරු ජීවිතයට දැන් වසර තිහයි. දකුණු කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර විදුහල්පති ලෙස සේවය කරන්න ලැබුණා.

ගුරු වෘත්තිය වෙතින් මා ලබන ඉහළම දේ මේ ලෝකෙ කොතැනක ගියත් මගෙන් ඉගෙන ගත් දරුවෙකු හමුවීමයි. ලංකාව ඇතුලෙ කොහෙ ගියත් පිටරටක ගියත් ගෝලයෙක් හමු වෙනවා ඒ ලබන සතුට නම් අසීමිතයි.”

ඇත්තෙන්ම ඔහු සුවහසක් ප්‍රේක්ෂකයන් සිනා සයුරේ ගල්වන නළුවෙක් ලෙස බොහෝදෙනෙකු දැන සිටියත් වෘත්තීමය වශයෙන් දක්ෂ ගුරුවරයෙක් කියන්න දැනගෙන හිටියේ නැහැ.

කොහොම වෙතත් මේවෙද්දී සුන්දර සැහැල්ලු ජීවිතයක් ගතකරන ඔහු ගැන කතා කරනවානම් ඔහුට මේවෙද්දී දියණියක් සහ පුතෙක් ඉන්නවා.

මේ අතර ඔහුගේ ආදරණීය බිරිඳ ගැන කතා කරනවානම් ඇය කාර්යබහුල ජීවිතයක් ගත කරමින් පවුලේ වැඩ කටයුතු වලට ඇප කැප වෙලා ඉන්න ආදර්ශමත් බිරිඳක් ලෙස හදුන්වන්න පුලුවන්. ඉතින් ප්‍රියන්ත මහතා ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන අදහස් දක්වමින් කියා සිටියේ මේවගේ කතාවක්.

“දියණිය සහ පුතා දැන් මට වඩා උස් මහත් වෙලා. ඉස්සර එයාලා පුංචි කාලෙදි එයාලා ජීවිතේ හෙව්වේ අපි කියන විදිහට. අද එයාලා කියන විදියට අපිට කටයුතු කරන්න වෙලා. උදෙන්ම එයාලා පාසලට ගෙනියන්න ඕනෙ හවසට ටියුෂන් ඒකටත් හරියට රංග විධාන දෙනවා වගේ තමයි.

බිරිඳත් හරිම කාර්යබහුලයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හින්දි භාෂා නිවේදිකාවක් විදිහට ඇය කටයුතු කරනවා. ඊට අමතරව ඇය වෘත්තියෙන් නුගේගොඩ අනුලා බාලිකාවේ හින්දි භාෂාව උගන්වන ආචාර්යවරියක්.

ඊට අමතරව දරු දෙදෙනාගේ වැඩ වගේම එයාගේ සංගීත කටයුතුවලත් යෙදෙනවා මේ සියල්ලට සාපේක්ෂව ඉස්සරට වඩා අපේ ජීවිත සතුටින් ගෙවන බව කියන්න පුළුවන්”

කෙසේවෙතත් ඔහු වගේම ඔහුගේ ආදරණීය බිරිඳත් වෘත්තීමය වශයෙන් ගුරුවරියක්. ඒ නිසාම පවුල් ජීවිතය හරිම අවබෝධයෙන් සහ සැහැල්ලුවෙන් ගත කරන්න ඔහුට හැකියාව ලැබිල තිබෙනවා.

ඉතින් කලාව තුළ සුවිශේෂ වු ගමනක් යන ප්‍රියන්ත මහතාට ඔහුගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.