Online News

Gossip Lanka News Official

“මම කවදාත් කැමති බොටම් එකයි ටී ෂර්ට් එකයි බාටා දෙකටයි” ෂෙනායා

වර්තමානය වනවිට මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් සුවිශේෂ චරිතයක් තමයි ෂෙනායා ඇනීසා වැනොෆ් කියලා කියන්නේ.

කොහොම වෙතත් 2017 ඉඳන් වෙළඳ දැන්වීම් සහ ගීත රූප රචනාවලට සම්බන්ධ වෙලා කටයුතු කරපු ඇයව අපට මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යයේ කිරුළි කියන චරිතය ඔස්සේ දැකගන්නට ලැබෙනවා.

ඉතින් ඒ විදිහට ප්‍රේක්ෂකයන් හමුවට එන ෂෙනායා පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා ඇගේ අලුත්ම තොරතුරු ගැන කතාබහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් දැන් ෂෙනායාව ගොඩාක් අයට අමතක වෙලා තියෙන්නේ කියන ඇය කිරුළි ගැන තමයි දැන් හැමෝම කතා වෙන්නේ කියලයි කියන්නේ.

ඒ වගේම මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියල කියන ඇය ඒ ගැන මට ගොඩක් සතුටුයි කියලයි කියන්නේ. මේ අතර මම 2017 ඉඳන් වෙළඳ දැන්වීම් සහ ගීත රූප රචනාවලට සම්බන්ධ වෙලා ඉඳලා ටික කාලයක් වැඩ නොකර හිටියා කියලයි ඇය පවසන්නේ.

ඉතින් ඊට පස්සේ තමයි මට මේ ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව හිමි ලැබුණේ කියල කියන ඇය කිරුළි සහ ෂෙනායා අතර වෙනසක් නැහැ කියලත් පවසනවා.

තවද කිරුළි කියන්නේ ෂෙනායාම තමයි කියන ඇය ඒ නිසා මට මේ චරිතය කරන්න පහසු වුණා කියලයි කියන්නේ. ඒ වගේම ඉස්සරහට වෙනස්ම චරිතයක් ලැබෙනවා නම් මම ආසයි කියලත් ඇය කියනවා.

මේ අතර මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කලා තුන්දෙනයි කියන ඇය කියන්නේ ලොකු අක්කා මොඩ්ලින් කලා කියලයි.

ඒ වගේම එයා බැඳලා ඉන්නේ සිරස සුපර් ස්ටාර් තරගයේ හිටිය අමිල පෙරේරාව කියල කියන ඇය අනෙක් අක්කලත් බැඳලා ඉන්නේ කියලයි කියන්නේ.

මේ අතර කෙල්ලෝම හතරක් ඉන්න පවුලේ මම බාලයා නිසා ඉස්සර රණ්ඩුම තමයි ගෙදර කියන ඇය හැබැයි රණ්ඩු කරලා අන්තිමට මම මොනවා හරි කිව්වොත් අක්කලා අඬනවා කියලයි පවසන්නේ.

එයාලා තමයි ගොඩක්ම මාව පොඩි කාලේ බලා ගත්තේ කියන ඇය ලොකු අක්කයි මමයි අතර වයස් පරතරය අවුරුදු 17ක් කියලයි පවසන්නේ.

ඒ නිසා මම මොනවා හරි කිව්වොත් ඒ අයගේ හිත ඉක්මනින්ම රිදෙනවා කියල කියන ඇය මම දැනට රංගනයට අමතරව නර්තනය හදාරමින් ඉන්නවා කියලයි කියන්නේ.

මේ අතර තව ඉස්සරහට ලොකු වැඩක් කරන්න හිතේ තියෙනවා කියන ඇය කියන්නේ මම ආසයි රංගනයෙන් හොඳ දක්ෂතා සපිරි රංගන ශිල්පිනියක් වෙන්න කියලත් පවසනවා.

ඉතින් ඒ වෙනුවෙන් මම කැපවෙලා වැඩ කරනවා කියන ඇය කියන්නේ හැබැයි හැමදාම රංගනය කරනවා කියන්නත් බැහැ කියලයි. මොකද දිගටම ලංකාවේ ඉන්න එකක් නැති වෙයි කියල කියන ඇය මගේ ඉලක්ක වලට කොහොම හරි යනවා කියලයි කියන්නේ.

ඒ වගේම මම එන එන හැම විලාසිතාවක්ම වගේ කරලා බලනවා කියන ඇය අවසාන වශයෙන් කියන්නේ මම කවදාත් කැමති බොටම් එකයි ටී ෂර්ට් එකයි බාටා දෙකටයි කියලයි.