Online News

Gossip Lanka News Official

“ඒ වෙද්දි බබා ඇහැරෙන්නෙත් නැතුව වගේ හිටියේ” සමනලී ෆොන්සේකා එක්කළ සංවේදී සටහන

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන අති විශාල ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න දක්ෂ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සමනලී ෆොන්සේකා කියලා කියන්නේ.

ඇත්තෙන්ම මේවෙද්දී අපේ කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇයව අපට දක්ෂ ගායන ශිල්පිනියක ලෙසත් හදුන්වන්න පුලුවන්.

ඒ විතරක් නොවෙයි වර්තමානයේ මෙරට පාලන ක්‍රමයට විරුද්ධව ගෙන යන ජනතා අරගලයට මුල සිටම සක්‍රිය දායකත්වයක් ලබා දුන්නු චරිතයක් හැටියටත් අපට ඇයව හදුන්වන්න පුලුවන්.

කෙසේවෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක ඇගේ සමාජ ජාලා මාධ්‍යය ගිනුමට බොහොම සංවේදී සටහනක් එක්කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා

ඉතින් එහිදී ඇය සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුමට එක්කළ සටහනෙහි තිබුනේ මෙන්න මේ වගේ සංවේදී කතාවකුයි. ” අනේ මහත්තයො මගේ බබා ඇස් අරින්නෙ නෑ නේ,

හරහට බබෙක් වඩාගෙන අඩාගෙන දුවන් ආපු අම්මා කෙනෙක් බබාව අපේ අතට දුන්නා. ඒ උදේ 8ට විතර SCBU එකට. හුස්ම ගන්නෙ නැහැ.

හාර්ට් එකත් වැඩ නෑ. ගත්තු ගමන්ම අපි බබාට CPR දීල resucitate කරන්න පටන් ගත්තා. තේරුමක් නැති බව දැන දැනත් අපිට resucitation නවත්තන්න හිත දුන්නේ නැහැ.

ඒ වෙද්දිත් බබාට Rigor mortis එහෙමත් ඇවිත් තිබ්බේ. (බබා නැතිවෙලා පැයකින් විතර Rigor mortis එන්න පටන් ගන්නේ). අපේ ඔලුවෙ තිබුනෙම, බබා නැති උනා කියල අම්මට කියන්නෙ කොහොමද කියන එක.

ඉතින් ඒ අසරන අම්මගෙ ප්‍රතිචාරය ගැන මම මතක් නොකර ඉන්නම්. ඒත් අම්මා කියපු කතාව දැනගන්න ඕනි. ‘බබාට අදට දවස් 11 යි. කිසිම ප්‍රශ්නයක් තිබ්බ බබෙක් නෙවේ.

ඊයෙ රෑ කිරි බොද්දි, කිරි වමනෙ ගිහින් ටිකක් හිර උනා. රෑ 10 ට විතර. හුස්ම ගන්න බැරුව වගෙත් හිටියා. හුස්ම ගන්න අමාරු වගේ ගතියක් දිගටම තිබුන නිසා හොස්පිටල් එන්න කියලා හිතුවා. රෑ 11 වගේ ඉදන් ත්‍රීවීල් එකක් හෙව්වා.

අපි වත්තෙ ඇතුලට වෙන්න ඉන්නෙ මහත්තයෝ. මහ පාරට එන්නත් දුරයි ටිකක්. කතා කරපු හැමෝම කිව්වෙ පෙට්‍රල් නෑ කියලා. උදේ වෙනකල් බබා හරියට කිරි බිව්වෙත් නෑ. බොන්න හැදුවට, බොන්න බෑ එයාට. උදේ යන්තම් මේ මල්ලිගෙ වාහනෙ එන්නම් කිව්ව.

ඒත් ඒ වෙද්දි බබා ඇහැරෙන්නෙත් නැතුව වගේ හිටියේ. පුලුවන් උන ගමන් තමයි මේ එක්ක ආවෙ මහත්තයෝ. උන් අපේ ජීවිත වලින් මොනවද තව උදුරගන්න තියෙන්නේ.

මේ මැරෙන්නෙ, ජීවත් කරවන්න පුලුවන්කම තියන දරුවෝ ” කියලයි. ඉතින් ඇය මේ විදිහට ඇගේ සමාජ ජාලා මාධ්‍යය ගිනුම ඔස්සේ හුවමාරු කරගෙන තිබුනේ ෂෙහාන් සාරංගගේ බොහොම සංවේදී සටහනකුයි.