Online News

Gossip Lanka News Official

“මගේ වෘත්තීය ජීවිතයේ හොඳම කාලයේ තමයි මට බබාලා හම්බ වුණේ” නදීෂා අලහප්පෙරුම

මේවෙද්දී ලංකාවේ කොයි කාගෙත් ආදරය සහ ආකර්ෂණය හිමිකරගෙන ඉන්න ජනප්‍රිය සුන්දර කලාකාරිනියක් තමයි නදීෂා අලහප්පෙරුම කියල කියන්නේ.

කොහොම වෙතත් කලා නිර්මාණ රැසක් ඔස්සේ අපට දැකගන්නට ලැබුණු ඇය මේ දිනවල අපට බොනිකර තරු සහ නීල පබළු ටෙලිනාට්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා.

ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා තිබුණා. එහිදී ඇය කියල තිබුනේ කාලෙකට පස්සේ මේ විදිහට වෙනස් චරිතයක් රඟපාන්නේ කියලයි.

ඒ වගේම මට නිතර හම්බවෙන්නේ ටිකක් සැර චරිත කියල කියන ඇය මේක ඊට වඩා ගොඩක්ම වෙනස් චරිතයක් කියලයි.

මේ අතර මගේ බබාල දෙන්න හම්බවුණාට පස්සේ මම වැඩ කිරීම චුට්ටක් විතර අඩු කළා කියන ඇය කියන්නේ බබාල දෙන්නා දැන් ඉස්කෝලේ යනවා කියලයි.

තවද ඔවුන්ගේ වැඩ කටයුතු තමයි මගේ ප්‍රධානම දේ කියන ඇය ඊට අමතරව රඟපෑම මගේ වෘත්තිය කියලත් කියනවා. ඒ දෙකම මම සමබරව කරගෙන යනවා කියන ඇය කියන්නේ නමුත් මම වැඩි අවධානය යොමු කරලා තියෙන්නේ දරුවො දෙන්නා වෙනුවෙන් කියලයි.

ඒ වගේම රංගනය පැත්තෙන් එන හොඳ වැඩක් භාරගෙන මම කරනවා කියන අය පවසන්නේ මේ වෙනකොට මම ටෙලිනාට්‍ය හතරක විතර වැඩ කරනවා කියලයි.

හැබැයි ඉස්සර තරම් අපි කිසිම කෙනකුට එහෙම ලොකුවට වැඩ නැහැ මේ කාලයේ කියන ඇය ටෙලිනාට්‍ය කරනවත් අඩුයි කියලයි කියන්නේ. නමුත් යම්කිසි ප්‍රමාණයකට වැඩ නැහැ කියලා කියන්නත් බැහැ කියලත් ඇය සදහන් කරනවා.

මේ අතර මගේ ටෙලිනාට්‍ය දෙකක් විකාශනය වෙලා අවසන් වුණා කියන ඇය දැන් බොනිකර තරු වගේම නීල පබළු ටෙලිනාට්‍ය විකාශනය වෙනවා කියලයි කියන්නේ.

ඉතින් ඒ වගේම මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහඅටක් වෙනවා කියන ඇය කියන්නේ මම කාලයක් රඟපාන්නේ නැතිව හිටියා කියලයි. මගේ වෘත්තීය ජීවිතයේ හොඳම කාලයේ තමයි මට බබාලා හම්බ වුණේ කියලයි ඇය පවසන්නේ.

ඒ නිසා මම ක්ෂේත්‍රයෙන් ඉවත් වුණේ කියන ඇය මම නැවතත් රඟපෑමට එනකොට අලුත් මුහුණු ගොඩක් ඇවිත් තිබෙනවා කියලයි කියන්නේ.

මේ අතර මට එදා කරපු චරිත අද කරන්න බැහැ කියල කියන ඇය කියන්නේ සමහරවිට මගේ අත්දැකීම් එක්ක වගේම මගේ වයසත් එක්ක වෙනස් චරිත තමයි දැන් මට කරන්න සිද්ධ වෙන්නේ කියලයි.