Online News

Gossip Lanka News Official

“මට එදා දැනුනේ විශ්ව මගේ තාත්ති වගේමයි, මගේ කටකාරකමයි දඟකාරකමයි දෙකම තියෙනවා” සේහා මිනෙර්වි

ලාංකිකයන් හැමෝගෙම අවධානය හිමිකර ගනිමින් අපේ කලා ක්ෂේත්‍රයට අලුතින් එක්වුණු ජනප්‍රිය පුංචි රංගන ශිල්පිනියක් තමයි සේහා මිනෙර්වි කියලා කියන්නේ.

ඇත්තෙන්ම මේ දිනවල බන්ධනා ටෙලිනාට්‍යයේ පොඩි බන්ධනාගේ චරිතය හරහා මේ පුංචි රංගන ශිල්පිනිය අපට දැකගන්නට ලැබෙනවා. කොහොම වෙතත් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමගින් එක්වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එලෙස සාකච්ඡාව සමගින් එක්ව ඇය කියා සිටියේ මේ දවස් වල මම හොඳින් ඉන්නවා කියලයි. ඒ වගේම මේ දවස්වල මට ෂූටිං කියල කියන ඇය කියන්නේ ඒත් එක්කම පෙර පාසලුත් යනවා කියලයි. මේ අතර පසුගිය දවස්වල ෂූටිං නිසා පෙරපාසල් වැඩ ටිකක් අතපසු වුණා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම මට තවම අවුරුදු 5යි කියන ඇය කියන්නේ මම රඟපාන්න එනකල් මට රඟපාන්න පුළුවන් කියලා දැනන් හිටියේ නැහැ කියලයි.

හැබැයි මගේ තාත්තා ඡායාරූප ශිල්පියෙක් නිසා කැමරාව ඉස්සරහ එක එක විදිහට ඉන්න මම බය නැහැ කියන ඇය කියන්නේ නටන්න සින්දු කියන්නත් මම හරිම ආසයි කියලයි.

ඒ වගේම මගේ අම්මා කියන විදිහට මම අවුරුදු තුනේදී විතර ෆේස්බුක් එකේ ගිය දැන්වීමකට දායක වෙලා තියෙනවා කියන ඇය කියන්නේ කැමරාවක් ඉස්සරහ ටෙලිනාට්‍යයකට දායක වෙන පළමු ටෙලි නාට්‍යය තමයි බන්ධනා කියලා කියන්නේ කියලයි.

මේ අතර මට මුලින්ම රඟපාන්න තිබුණේ විශ්ව කොඩිකාර එක්ක කියන ඇය පවසන්නේ ඒ කියන්නේ ටෙලිනාට්‍යයේ මගේ තාත්තා එක්ක කියලයි.

ඒ විතරක් නොවෙයි මුල් දවස්වල මගේ අම්මා මට දෙබස් කියන හැටි කියලා දුන්නා කියන ඇය මට මුලින්ම කැමරාව ඉස්සරහට ගිය දවසේ චුට්ටක්වත් බය හිතුනේ නැහැ කියලයි පවසන්නේ.

මට එදා දැනුනේ විශ්ව මගේ තාත්ති වගේමයි කියලා කියන ඇය මගේ කටකාරකමයි, දඟකාරකමයි දෙකම තියෙනවා කියලයි කියන්නේ. ඒ වගේම මම ගෙදරදි කෑ ගහලා අම්මගෙන් බැනුම් අහලත් තියෙනවා කියන ඇය කියන්නේ හැබැයි අප්පච්චි නම් බනින්නේ නැහැ කියලයි.

ඒත් ඇස් දෙක ලොකු කරලා බැලුවම මම බය වෙනවා කියන ඇය කියන්නේ මට දැන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා කියලයි. මේ අතර පුංචි බන්ධනා කියලා මට ගොඩක් අය කතා කරන්නේ කියන ඇය මම ඉස්සරහටත් රඟපානවද නැද්ද කියලා තීරණය කරන්නේ අම්මා තමයි කියලයි. හැබැයි ෂූටිං අංක දෙක ඉගෙනීම අංක එක කියලා අම්මා නිතරම කියනවා කියලයි ඇය පවසන්නේ.