Online News

Gossip Lanka News Official

නිවුන් දරුවන් 6 දෙනෙකු බිහිකළ මව දිලිනි වාසනා ඇගේ 31වන උපන්දිනය සැමරූ හැට

ලාංකීය තරුණ යුවළක් කෙරෙහි පසුගිය කාලය පුරාවට මෙරට ජනයා සිය අවධානය යොමුකර සිටියා. ඊට හේතුව වනුයේ මේ යුවළ දරුවන් හයදෙනකු මෙලොවට බිහිකරමින් උතුම් මව්පිය පදවිය ලැබීමට වාසනාවන්ත වීමයි.

කොහොම වෙතත් විවාහ වෙන ආදරණීය යුවලක් පුංචි පැටියෙකුගේ කිරි සිනහව බලන්න ආසාවෙන් ඉන්න තරම් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැනේ.

නමුත් දරුවන් හයදෙනකුගේම දෙමාපියන් වීමට මේ යුවළ වාසනාවන්ත වෙනවා. කොහොමහරි අපේ රටේ ප්‍රථම 6 නිවුන් දරු උපත කොලඹ පෞද්ගලික රෝහලකදී පහුගිය කාලයේ සිදුවෙලා තිබුණා.

මේ දරුවන් හයදෙනා මෙලොව එළිය දැකල තිබුනේ පිරිමි දරුවන් තුන් දෙනෙක් හා ගැහැණු දරුවන් තුන් දෙනෙක් විදිහටයි. ඒ වගේම සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් තමයි මේ සය දරු උපත සිදු කරලා තිබුනේ.

කෙසේ නමුත් අපටනම් දැනගන්නට ලැබෙන්නේ මේ වන විට දරුවන් සියලු දෙනාම වගේම මේ වාසනාවන්ත මවත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවයි.

ඒ කොහොම වෙතත් මේ විදිහට දරුවන් සයදෙනෙකුට උපත දුන්නු මේ වාසනාවන්ත මව දිලිනි වාසනා පහුගිය දවසක ඇගේ උපන්දිනය සමරලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එලෙස උපන්දිනය සැමරූ ඇය පුංචි දරුවන් හයදෙනත් සමගින් ලස්සන කේක් එකකුත් කපලා ඉතාමත් ආදරණීය ලෙස අපූරු උපන්දින සාදයක් චාම්ව සංවිධානය කර තිබුණා.

ඉතින් මේ විදිහට ඇය ඇගේ 31වන උපන්දිනය තමයි සමරලා තිබුනේ. කොහොමහරි ඉතින් මේ විදිහට සිය උපන්දිනය සමරන මේ ආදරණීය මවට සුබම සුබ උපන්දිනයක් වේවා කියල අපිත් සුබ පැතුම් එකතු කරන ගමන්ම දරුවන් හය දෙනෙකුගේම කිරි සිනහවෙන් හැඩවුණු ආදරණීය සුන්දර කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන්නෙමු.