Online News

Gossip Lanka News Official

ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය කලාතරු රැසක් සමගින් සිය උපන්දිනය සැමරූ හැටි

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් කොයි කාගෙත් ආදරය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි අයිරාංගනී සේරසිංහ කියල කියන්නේ.

මීට වසර ගණනාවකට පෙරදී කලා ක්ෂේත්‍රය සමගින් එක්වෙන ඒ මහත්මියව අපට සුවහසක් ලාංකේය ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙස හදුන්වන්න පුලුවන්.

කෙසේ නමුත් ජෝශප් හර්කියුලිස් සහ වයලට් එල්ලාවල දෙපළගේ දෙවැනි දරුවා ලෙස 1927 ජුනි 09 වැනිදා ඇය උපත ලබන අතර ඇයට සහෝදරියන් දෙදෙනෙකු සහ එක් සහෝදරයෙකු සිටිනවා.

ඒ කොහොම වෙතත් පුංචි කාලෙ ඉඳලම කාටවත් බය නැති දඟකාර චරිතයක් වීම නිසාවෙන්ම ගෙදරින් ඇයට ආදරේට කතා කරලා තියෙන්නේ චණ්ඩි කියලයි.

ඉතින් ඒ ආකාරයේ දගකාර චරිතයක් වු ඇය කුඩා කාලයේදී ශාන්ත බි‍ර්ජට් කන්‍යාරාමයෙන්, බිෂොප් විද්‍යාලයෙන්, උසස් බාලිකා විදුහලෙන් වගේම මහනුවර ලංකා විශ්වවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වා ඇය ඉගෙනුම ලබලා තිබෙනවා.

මේ අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයේ කරළිනා හාමිගේ චරිතය හරහා 1956 වසරේදී චිත්‍රපටවලට සම්බන්ධවන ඇයව අපට ඉන් අනතුරුව දෙලොවක් අතර,

ඔබ දුටු දා, බක් මහ දීගේ, ගෝඩ් කිං, සාගරයක් මැද, තුන්වෙනි යාමය, දෙවෙනි ගමන, හිම කතර, අවරගිර, ලොකු දුව වැනි විශිෂ්ට නිර්මාණ ඔස්සේ දැකගන්නට ලැබුණා.

කෙසේ නමුත් අයිරාංගනී සේරසිංහ මහත්මියගේ 95වන ජන්ම දිනය ඊයේ දිනයට යෙදි තිබුණු අතර ඒ වෙනුවෙන් අපේ රටේ ජනප්‍රිය ප්‍රවීණ කළා තරු රැසක් එකතුවෙලා අපූරු උපන්දින සාදයක් සංවිධානය කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මේ විදිහට ඊයේ දිනයේදී 95වන ජන්ම දිනය සමරපු අයිරාංගනී මහත්මියට සුබම සුබ උපන්දිනයක් වේවා කියල අපිත් සුභපැතුම් එකතු කරනවා.

ඒ වගේම තෙරුවන් සරණින් තව තවත් නිරෝගීව තව චිරාත් කාලයක් අප සමඟම රැදෙන්නට ඇයට ලැබේවායි කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.