Online News

Gossip Lanka News Official

වික්ටර් රත්නායක මහතාගේ ආදරණීය මිනිබිරිය අමුත්තන් පිරිවරාගෙන සිය උපන්දිනය සැමරූ හැටි

ලංකාවේ අපේ ගායන ක්ෂේත්‍රය තුළ ඉන්න කොයි කාගෙත් ආදරය වගේම ගෞරවය හිමිකර ගත් ප්‍රවීණ ගායකයෙකු තමයි විශාරද වික්ටර් රත්නායක කියල කියන්නේ.

ඇත්තෙන්ම ඒ මහතා මෙරට සංගීත ලෝකය වෙනුවෙන් කළ සේවය අපට වචනයෙන් විස්තර කිරීමට නොහැකියි. මේ විදිහට ලාංකිකයන් හැමෝගෙම ආදරය දිනාගත් වික්ටර් රත්නායක මහතාගේ ආදරණීය පුතනුවන් තමයි ලෙලුම් රත්නායක කියන්නේ.

ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ඔහුගෙන් අහන ප්‍රශ්නයක් තමයි ලෙලුම් ඔබේ පරපුර අලුත් නිර්මාණ කරන්නේ නැද්ද කියන ප්‍රශ්නය.

ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු කියන්නේ පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ පරපුරෙන් පස්සේ සුභාවිත ගීත නැද්ද කියලා ගොඩක් අය මගෙන් අහනවා කියලයි.

ඒ වගේම අපේ පරපුරේ සුභාවිත ගීත තියෙනවා කියන ඔහු හැබැයි ගැටලුවකට තියෙන්නේ ලාංකේය හදවත් වලට ගැලපෙන ගීත නිර්මාණය කරන්න අපේ පරපුර නියෝජනය කරන ගොඩක් අය බයයි කියලයි කියන්නේ.

මේ අතර මහන්සි වෙලා වියදම් කලාට ඒ වැඩේ තේරුමක් නෑ කියලා හිතන අය ඉන්නවා කියන ඔහු කියන්නේ සමහර අය හොඳ නිර්මාණ කරලා තියෙනවා ඒත් ඒවා ජනප්‍රිය වෙන්නේ නැහැ කියලයි.

කොහොම වෙතත් ජනප්‍රිය වෙන හැමදේම මිනිස්සුන්ට හොඳ නැහැ කියන ඔහු ජනප්‍රියත්වය කියන්නේ කලාවක් කියලයි පවසන්නේ.

ඒ තුළ සුභාවිත භාවයත් තියෙන්න ඕනේ කියන ඔහු ඒ දෙකම සමබර වෙන්න ඕන කියලයි කියන්නේ. මේ අතර සංගීතය කියන ගෞරවනීය විෂය ධාරාවක් කියන ඔහු මේ තුල ලෝකයට යවන්න පුළුවන් දේවල් අපේ රටේ නිර්මාණය වෙනවා කියලත් කියනවා.

ඒ වගේම කාලාවෙන් ඉස්සරහට යන්න වාසනාව තියෙන්න ඕන කියලා මගේ පියත් සුනිල් පෙරේරාත් කිව්වා කියන ඔහු කියන්නේ ඒ කතාව ඇත්ත දක්ෂතාව තිබිලා මදි වාසනාව ඕනෑමයි කියලයි.

මෙහෙමයි කොතැනක හරි අපිට වැරදුනා කියන ඔහු මේ වෙද්දීත් අපි වරද්දාගෙන ඉවරයි කියලයි පවසන්නේ. තවද දැන් කරන්න තියෙන්නේ තනියම හිතලා තනියම ගොඩ එන එක කියන ඔහු කියන්නේ තමන් කරන වැඩේ හරියට කරන්න ඕනේ කියලයි.

මේ අතර හිතට සියයට සියයක්ම අවංක වෙන්න ඕනේ කියන ඔහු එතකොට තමයි නිර්මාණ බිහිවෙන්නේ නැතුව මුදල් හම්බකරන්න හරයක් නැති නිර්මාණ කරලා වැඩක් නැහැ කියලයි පවසන්නේ. තවද මිනිස්සුන්ට දෙයක් දෙන්න පුළුවන් නිර්මාණ තමයි අපි කරන්න ඕනේ කියලයි ලෙලුම් කියන්නේ.

මේවෙද්දී ලාංකිකයන් හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්න ලෙලුම් රත්නායකගේ ආදරණීය දියණිය දුලාරා රත්නායකගේ 10 උපන්දිනය පහුගිය දවසක සමරලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මේ අවස්ථාවට තාත්තගේ යාළුවෝ ගොඩක් සුභපැතුම් එක් කරලත් තිබුණා. ඉතින් මේ විදිහට පසුගිය දිනක උපන්දිනය සමරපු වික්ටර් රත්නායකගේ මිණිබිරියට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.