Online News

Gossip Lanka News Official

“ආදර යෝජනා ගොඩක් ආවත් එවාට ප්‍රතිචාර දක්වන්න හරි බයයි, තාත්තත් නැති නිසා අම්මා මගේ පස්සෙමයි හිටියේ”

මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක් වන දෙරණ නාලිකාවේ විකාශය කෙරෙන දෙවනි ඉනිම ටෙලි නිර්මාණයට මේවෙද්දී ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

ඇත්තෙන්ම මේ ටෙලි නිර්මාණය ඔස්සේ මේවෙද්දී නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා තිබෙනවා.

ඉතින් මේ ටෙලි නිර්මාණය ඔස්සේ එලෙස ජනප්‍රියත්වයට පත් සුන්දර රංගන ශිල්පිනියක් තමයි ඉෂානි විජේතුංග කියල කියන්නේ.

කොහොම වෙතත් දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ අරුණි කියන චරිතය තුළින් අපට ඇයව දැකගන්නට ලැබෙන අතර මේවෙද්දී අරුණි ලෙසින් ඇයට ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

කොහොමහරි මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙමින් ඇය ඇගේ අලුත්ම තොරතුරු ගැන කතාබහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

කොහොම නමුත් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙන ගත්ත ඇය පොඩි කාලේ ගොඩක් ලස්සන කෙනෙක්ලු. ඒ වගේම ඇය කියන්නේ පාසල් යන කාලේ නැටුම් පීරියඩ් එක කට් කරල දග වැඩත් කරල තියෙනවා කියලයි.

මේ අතර ගොඩක් වෙලාවට ඉස්කෝලේ යාලුවොත් එක්ක ඉන්නේ ජූස් බාර් එකේ කියන ඇය යාලුවො ටිකත් එක්ක එකතු වෙලා රවුම් ගහපු පාසල් අතීතයකුත් මට තිබුණා කියලයි පවසන්නේ.

ඒ විතරක් නොවෙයි ඒ කාලේ යාලුවෝ කැමතිම කෙනෙක් තමයි දුෂ්‍යන්ත් වීරමන් කියන ඇය කියන්නේ ඒ කාලේ දුෂ්‍යන්ත් වීරමන්ගේ ෆොටෝ එකතු කරල පොතක අලවලා තියාගෙනත් තියෙනවා කියලයි.

මේ විදිහට අදහස් දක්වපු ඇය පාසල් කාලයේ තමන් කරපු වැඩ ගැන පුවත්පතකට කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.

” ඉස්කෝලේ දෙගුරු හමුවීම් තියෙනකොට අම්මා ආවම මගේ වැරදි ඔක්කොම කියනවා. ඊට පස්සේ අම්මා මට කියනවා යමූකො ගෙදර කියලා.

මම ගෙදර එකම ළමයා නිසා අම්මට ගොඩක් බයයි. තාත්තත් නැති නිසා අම්මා මගේ පස්සෙමයි හිටියේ. ආදර යෝජනා ගොඩක් ආවත් එවාට ප්‍රතිචාර දක්වන්න හරි බයයි.

ඉස්කෝලේ යන කාලේ තිබුණු සුන්දරම මතකෙ තමයි 12 වසරෙදි අවුරුදු කුමාරි තරගයක් තිබුණා. හැම පන්තියකින් ම ළමයි දෙන්නා ගානේ දානකොට අපේ පන්තියෙන් මමයි තව ළමයෙකුයි ටීච ඉදිරිපත් කළේ. ඉතින් මට අවුරුදු කුමාරි දෙවන ස්ථානය දිනා ගන්න හැකි වුණා.”

කොහොම නමුත් ඉතාමත් සුන්දර ළමා කාලයක් ගත කරපු ඉෂානි මේවෙද්දී රටක් ආදරය කරන චරිතයක් බවට පත්වෙලා තිබෙනවා.

ඒ විතරක් නොවෙයි මේවෙනකොට ඇයට කලා ක්ෂේත්‍රය තුළත් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.