Online News

Gossip Lanka News Official

“මමයි ශශිනියි ආසාවෙන් හිටියෙත් දුවෙක්ට, දැන් දුව එයාගේ ලෝකය එයා ගෙනයන්න පටන් අරගෙන තියෙනවා”

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වෙමින් මෙරට කොයි කාගෙත් ආදරය දිනාගෙන ඉන්න ජනප්‍රිය වගේම කඩවසම් කලාකරුවෙකු තමයි ධනංජය සිරිවර්ධන කියලා කියන්නේ.

කොහොම වෙතත් මෙරට කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වගේම නිවේදන ශිල්පියෙකු ලෙසත් ජනප්‍රියත්වයට පත් ඔහු ගැන කතා කරනවානම් ඔහු මේවෙනකොට විවාහකයි.

ඇත්තෙන්ම ඔහු මේවෙනකොට සිය ආදරණීය බිරිඳ සහ සිගිති දියණිය සමගින් ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරනවා. ඒ බව නොරහසක්.

ඉතින් මේ විදිහට ආදර්ශමත් පවුල් ජීවිතයක් ගතකරන ඔහු පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙමින් ඔහුගේ පවුල් ජීවිතයේ අලුත්ම සුන්දර තැන් ගැන කතා බහ කරල තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මගේ ආදරණීය පුංචි දියණියගේ නම තමයි මෞර්යා ශෛරී සිරිවර්ධන කියන ඔහු කියන්නේ ලබන ජූලි මාසේ පළවෙනිදාට චූටි දුවට අවුරුදු දෙකයි කියලයි.

ඒ වගේම චූටි දූ දැන් ගොඩක් දඟයි කියන ඔහු මේ එයාගේ බහ තෝරන කාලය කියලයි පවසන්නේ. මේ අතර දුව එක එක වචන කියනවා, වැඩ කරනවා කියන ඔහු කියන්නේ දුවට හිතෙන දේවල් එයා වචනවලට හරවන්න උත්සාහ කරනවා කියලයි.

ඉතින් දැන් දුව එයාගේ ලෝකය එයා ගෙනයන්න පටන් අරගෙන තියෙනවා කියන ධනංජය පවසන්නේ දුව මුලින්ම වචනයක් විදිහට කිව්වේ තාත්තා කියල කියලයි.

ඒ වගේම අම්මා කියනවාට වඩා ‘තාතා’ කියන්න ලේසියිනේ කියන ඔහු කියන්නේ මුලින් ‘තාතා’ කියලා ඊට පස්සේ අම්මා, සීයා, ආච්චා කියලත් කිව්වා කියලයි. හැබැයි දැන්නම් ඉතින් දුවගේ වැඩිපුරම කටේ තියෙන්නේ ‘අම්මා’ කියලයි ඔහු කියන්නේ.

මේ අතර මමයි ශශිනියි ආසාවෙන් හිටියෙත් දුවෙක්ට කියන ඔහු පවසන්නේ ඒ නිසාම මම ‘හද්දා ශුද්ධ වූ ප්‍රේමය’ කියන ගීතය පවා ලිව්වේ කියලයි.

ඉතින් ඒකේදී දුව ඉපදෙන්නත් කලින්ම ඒ ගීතයේ මෞර්යා කියන නමත් සඳහන් කරල තියෙන්නේ කියන ඔහු දුව ඉපදෙන්නත් කලින්ම අපි දුවට මෞර්යා කියන නම දාලත් ඉවරයි කියලයි කියන්නේ.

ඒ වගේම මෞර්යා කියන නමට ගොඩක් ළඟින් යන වෙනත් නමක් තමයි මුල ඉඳන්ම ශශිනිගේ හිතේ තිබුණේ කියලයි ඔහු පවසන්නේ.

කොහොම වෙතත් අවාසනාවන්ත විදිහට දෙවතාවක්ම අපිට දරුවන් ලැබෙන්න ඉඳල අහිමිවෙලා ගියා කියන ඔහු ඒ නිසාම අපි ඒ නම නොදාන්න තීරණය කළා කියලයි කියන්නේ.

ඊට පස්සේ තමයි ඒ ළඟින් යන නමක් විදිහට මෞර්යා කියන නම අපි තෝරාගත්තේ කියන ඔහු මීට කලින් අහලා නැති නමක් දුවට දාන්න අපිට ඕන වුණා කියලයි පවසන්නේ. ඒ නිසා තමයි දුවට මේ නම දැම්මේ කියලත් ඔහු සදහන් කරනවා.

ඒ විතරක් නොවෙයි අපි තරුණ කාලේ අපිට සෑහෙන නිදහස තිබුණා කියන ඔහු පවසන්නේ ඒ කාලේ ශශිනි හිටියේ පිටරටක කියලයි.

මේ අතර එයා ලෝකේ වටේ යන රස්සාවක් කළේ කියන ඔහු කියන්නේ මමත් එයාත් එක්ක ගොඩක් ඇවිදිද්දා කියලයි. ඉතින් අපි දෙන්නම ට්‍රැවල් කරන්න හරි ආසයි කියන ඔහු හැබැයි දුව ලැබුණාට පස්සේ ඒ සංචාරය කිරීම ගොඩක් අඩුවුණා කියලයි කියන්නේ.

කොහොමහරි ඉතින් දරුවෙක් කියන්නේ වගකීමක් කියන ඔහු අද අපි තුන්දෙනා හරිම ආදරණීය ජීවිතයක් ගෙවනවා කියලයි පවසන්නේ. තවද දරුවා එක්කත් ගත කරන මේ කාලය එක්තරා අපූරු සංචාරයක් කියලයි ඔහු අවසාන වශයෙන් කියන්නේ.