Online News

Gossip Lanka News Official

“කැමරාව ඉදිරියේ මගේ පළමු රංගනය ගොඩක් විශේෂයි, මම පළමු රංගනයේදී ගොඩක් බැ’ණුම් ඇහුවා”

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රයත් සමගින් අත්වැල් බැදගත් දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දුෂ්‍යන්ති සුරවීර කියලා කියන්නේ.

කොහොම වෙතත් පහුගිය කාලයේදී සකර්ම ටෙලිනාට්‍ය ඔස්සේ අපට දැකගන්න ලැබුණු ඇය මේ දිනවල සුසුම් රස්තියාදුව ටෙලි නාට්‍යයේ නිරෝෂාගේ චරිතය තුළින් දැකගන්නට ලැබෙනවා.

ඉතින් එලෙස ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී ඇය ඇගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරමින් කියල තිබුනේ මම පොඩි කාලයේ ඉදන්ම කලාවට ගොඩක් ආසා කළා කියලයි.

ඒ නිසාම මම ටවර්හෝල් විභාගයත් කළා කියන ඇය මම ප්‍රසාද් සූරියබණ්ඩාරගේ ඉන්ෆාස් එකේ ඩ්‍රාමා කෝස් එකත් කළා කියලයි පවසන්නේ.

ඉතින් ඒක අවසන් කරලා මම යූත් එකේ ඩ්‍රාමා ඩිප්ලෝමා එකත් කළා කියන ඇය ඊට පස්සේ මම ඒකේ අවසානයට එල්ෆින්ස්ටන් එකේ ලයිසිස්ට්‍රාටා නමින් වේදිකා නාට්‍යයක් ද කළා කියලයි ඇය පවසන්නේ.

ඒ විතරක් නොවෙයි ඉම්පාස් එකේදී ප්‍රියන්ත අයියා හමු වෙලා මට සකර්ම ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් දුන්නා කියලයි ඇය කියන්නේ.

ඊට පස්සේ සුසුම් රස්තියාදුව ටෙලි නාට්‍යයේ නිරෝෂා වෙන්න ලැබුණා කියන ඇය මම ඉගෙන ගත්තට කැමරාව ඉදිරියේ මගේ පළමු රංගනය ගොඩක් විශේෂයි කියලයි කියන්නේ.

ඒ වගේම සකර්ම දර්ශන තලයේදී මම ගොඩක් දේ ඉගෙන ගත්තා කියන ඇය පවසන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දු කියන්නේ ගොඩක් හොඳ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් කියලයි.

මේ අතර මම පළමු රංගනයේදී ගොඩක් බැණුම් ඇහුවා කියන ඇය ඒ වුණත් රංගනය පහසුවෙන් කරන්න මට අවස්ථාවක් ලැබුණා කියලයි පවසන්නේ.

ඒ වගේම මම රංගනයට කැමැති වුණත් වෘත්තිය විදියට රංගනයේ නිරත වෙන්න අපහසුයි කියන දුෂ්‍යන්ති කියන්නේ මම දැන් පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා කියලයි.

ඉතින් මට කාන්තා නිමි ඇඳුම් ව්‍යාපාරයක් තියෙනවා කියන ඇය මම රූපලාවන්‍ය පිළිබඳවත් හදාරණවා කියලයි පවසන්නේ.

තවද ව්‍යාපාර කටයුතු සමඟ කලා කටයුතු සමබරව කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව කියන ඇය ටෙලි නාට්‍යවලට වගේම චිත්‍රපටවලටත් මම ගොඩක් කැමැතියි කියලයි කියන්නේ.

හැබැයි ඒ හැමදේටම වඩා මම කැමැති වේදිකා නාට්‍යවලට කියන ඇය මගේ ජීවිතයේ ඒ වෙනුවෙන් අවස්ථාවක් ලැබුණා කියලයි කියන්නේ.

ඒ වගේම ඉදිරියේදී හොඳ චරිතයක් එක්ක චිත්‍රපටයක් ලැබුණොත් මගේ උපරිම දායකත්වය ලබා දෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසන්නේ.